පා ගමන් යෑම
අපට අලුත් දෙයක් නොවේ. බාල දක්ෂ වලට පින්සිදු වන්නට විවිධාකාරයේ පාගමන් යෑමට අපට
අවස්ථාව උදා වී තිබේ. මුල් කාලයේ පාගමන්
ගියේ බාල දක්ෂ පදක්කම් ඉලක්ක කරගෙනය. ටික
ටික පාගමන් යෑමේ උණක් සෑදීමට ඒ මුල් කාලයේ
ගිය පාගමන් හේතු වන්නට ඇත. කැලෑ අස්සේ රිංගීමටත් කදු නැගීමටත් ලැබෙන අවස්ථාවක් අපි
ලෙහෙසියෙන් අතහැරියේ නැත. නමුත් රැකියාව නිසා කාර්යය බහුල වීමත් නිවාඩු දින දෙක තුනක් කොහේ හෝ ඈතක
යැම ගැන පෙම්වතියන් අමනාප වීමත් ආදී විවිධාකාර වූ හේතූන් නිසාත් පසු කලක පා ගමන්
යාම නැත්තටම නැතිවී ගියේය. පසු කාලයේ මිතුරු
හමු සිදු වූයේ බෝතලයක් මුල් කරගෙන වීමත් පා ගමන් නැතිවීමට හේතුවක් වන්නට ඇත.
ඒ නැතිවී
තිබූ උණ බණ්ඩාට නැවත සැදුනේය. එයට එක් හේතුවක් වූයේ චින්තකයාය. චින්තකයා අපට වඩා
කනිශ්ඨ බාලදක්ෂයෙකි. තවමත් බාලදක්ෂ ව්‍යාපාරය කරනනෙකි. නිවසේදී පාගමන් ගැන
කියවද්දී ඒවායේ ජායාරූප පෙන්වද්දී. අපිත් එකක් යමු බන් යන්න මා නිතර පැවසු වදනක්ය.
දෙවන හේතුව අසුරයාය. අසුරයා යනු අපට වඩා බාල චින්තකයාට වඩා වැඩිමල් වූ
බාලදක්ෂයෙක්ය. ඔහුගේ
චාරිකා සටහන් කියවීම.
පා ගමන් උණ දෙගුණ තෙගුණ වීමට බරපතල
ලෙස උපකාර වූයේය.
අවිස්සාවේල්ලේ සිට නුවර පාරේ කිලෝමීටර් දෙකක් පමණ යන විට හමුවන තුන්මන් සංදියෙන් දකුණට හැරී පනාවල-මානියංගම මාර්ගයේ තවත් කිලෝමීටර් දෙකක් පමණ ගියවිට කදු පාමුලට යා හැක්කේය. උදෑසන 9 පමණ වන විට අපි කදු පාමුලට ලගාවුනෙමු. ගමනේ මුල් අදියර ගම්මානයක් මැදින්ය.
කුඩා දියපහරක් අබියස උදෑසන ආහාර ගත්තෙමු. ඉහලට යත්ම මිනිස් වාසය අඩුවී
වනගත බව වැඩි වන්නට වූයේය. පැය තුනක පමන ගමනකින් පසු අපි එක් කදු මුදුනකට
පැමිණයෙමු. අප තරණය කරන්නේ කුඩා කදු
වැටියකි. එහි මුදුන් තුනක් තිබේ. අප පැමිණ සිටින්නේ එහි උසම කදු මුදුනටය.
අවට දර්ශණය අතිශයින් සුන්දරය. අවිස්සාවේල්ල නගරයද. අවිස්සාවේල්ලේ කර්මාන්ත පුරයද ඈතින් දිස්වේ. කදු පාමුල අප පසු කරමින් ආ නිවාස ආදියද කුඩාවට පෙනේ. පැයක පමණ කාලයක් කදු මුදුනේ විඩා නිවූ අපි පල්ලම් බසින්නට වූයේ ඊළග කදු මුදුනට යාම සදහාය.
එහිදී අපට මුහුණ දුන් ගැටලුවක් වූයේ යන දිශාව තීරණය කර ගැනීමයි. කන්ද මුදුනේදී යා යුතු දිශාව හොදින් දර්ශණය වුවත් මදක් පහල බසිද්දී අනික් කදු මුදුන නොපෙනී යාම නිසා යායුතු මාර්ගය තීරණය කර ගැනීම මදක් අසීරු විය. විශාල ගල් පර්වත පසු කරද්දී රවුම් ගැසීමට වීම නිසාත් නිවැරදි දිශාව අනුමානය කිරීමද අසීරුය. කරන්නට සිදු වූයේ ගසකට නැග බැලීම පමණය. මෙවන් අවස්ථාවල පිහිටට සිටින චින්තා ගසකට නැග දිශාව සොයා ගත්තේය. ඒ අතරමග හමුවූ තරමක එලිමහන් පෙදෙසකදී දිවා ආහාරය ගත්තෙමු. උදේට මෙන්ම දවල්ටද සීනි සම්බෝල සමග පාන්ය. මේ වන විට අපේ ජලයද අවසන් වෙමින් තිබේ. ඉක්මනින් ජලය සොයා ගත යුතුය. එමනිසා දිවා ආහාරයට වැඩි වේලාවක් ගත නොකර ඉක්මනින් ගමන් කලෙමු. දෙවන කදු මුදුන ආසන්නයටම පැමිණි අපි අපේ ගමන් මලු එහි තබා ජලය සෙවීම පිණිස විසිර ගියෙමු. ජලය සොයා ගත්තේ චින්තාය.
ඒ සදහා තරමක පල්ලමක් බැසිය යුතුය. දෙවැනි කදු මුදුනට යාම හෙටට කල් දමා අපි දිය පහර අසල කූඩාරම අටවා ගත්තෙමු.

රෑ කෑම සදහා
නූඩ්ල්ස් ද මීට් බෝල්ස් ටින් එකක්ද සකස් කර ගත්තෙමු. ගිනිමැලයක් ගැසුවෙමු. ආහාර පිසීමට පිරිසිදු
වීමට හා වැසිකිලි කැසිකිලි පහසුකම් සදහාද තිබුනේ කුඩා දිය පහර පමණි. යන්තම් කලුවර වැටීගෙන එනවිට රෑ කෑම ගත් අපි
කූඩාරම අසලට ගොස් ගිණිමැලය දල්වා ගත්තෙමු.
ඇම්ඩා ගැන, කෙල්ලන් ගැන, ආගිය තොරතුරු කියවමින් බොහෝ රෑ බෝ වන තුරු නිදි වරා සිටි අප නින්දට යන විට රෑ මැදියමට ආසන්න වන්නට ඇත.
ඇම්ඩා ගැන, කෙල්ලන් ගැන, ආගිය තොරතුරු කියවමින් බොහෝ රෑ බෝ වන තුරු නිදි වරා සිටි අප නින්දට යන විට රෑ මැදියමට ආසන්න වන්නට ඇත.
උදෑසන 6ට පමණ
වැස්සක් පටන් ගත්තේය. කූඩාරම යටින් වතුර පාරක් ගලා යන්නටවිය. වැස්ස වැඩි වෙලාවක්
පැවතුනේ නැත. නමුත් නැවත නිදා ගත නොහැකි තරමට කූඩාරම තෙමී තිබුනේය. ඒ වනවිට දැඩි
මීදුමකින් අවට වැසී තිබුනේය. හිරු උදාවත් සමගම මීදුම අඩුවී ගියේය. තරමක සීතලක්ද තිබේ. නිවී තිබූ ගිනිමැලය නැවත
අවුලුවා ගත්තෙමු. කූඩාරම ගලවා වේලෙන්නට
දැමුවෙමු. ඉක්මනින් උදෑසන ආහාර සකස්කරගෙන ගමන පටන් ගැනීමට සූදානම් වූයෙමු. අපට
අවශ්‍ය වූයේ අව් රශ්මිය දැඩි වන්නට පෙර කදු මුදුනට යාමටය. නමුත් අප ලක ලැහැස්ති වන
විට අව්ව තදින් පායා තිබුනේය. කෙසේ හෝ දෙවන කදු මුදුනද තරණය කළෙමු. දැන් අප කදු වැටියේ දෙපස ඇති කදු මුදුන් දෙකම
තරණය කර අවසන්ය. ඉතිරිව ඇත්තේ මැද්දෙන් පිහිටි කන්ද නැගීමය. එය තරමක් අසීරු
කන්දකි. එම කන්දේ බාගයක් පමණ නගින විට වැස්සක් ඇද හැලුනේය. වැස්සේම කදු මුදුනට ගියෙමු. ගල් තලාවක් හරහා
පනින්නට ගොස් මාගේ සපත්තුවක් ගල් දෙබොක්කාවකට
වැටුනේය. චින්තක කඹයක ආදාරයෙන් පහලට බැස සපත්තුව සොයාගත්තේය.
ටික වෙලාවකින් වැස්ස තුරල් වූ අතර. අප පහල බැසීමට පටන් ගත්තෙමු. නගිනවාට වඩා බැසීම අසීරු විය. වර්ෂාව නිසා ගල් ලිස්සන සුලු වීමත්, කූඩැල්ලන් බහුල වීමත් නිසා ආපසු ගමන සිදුවූයේ වඩාත් සෙමින්ය.
කෙසේ හෝ පැය දෙකක පමණ ඇවෑමෙන් අපි කදු පාමුලට ආවෙමු. සීතාවක ගගින් නෑවෙමු. නෑමෙන් පසු අවිස්සාවේල්ල බස් නැවතුම්පොළ දක්වා පාගමනින් ආවෙමු.

මේ කලකට පසු
ගිය පළමු පා ගමනයි. මේ පෝසටුව ලියනා විටත්
ඊළග පාගමන පිළිබද පිඹුරු පත් සැකසෙමින් තිබේ. මූලිකම ගැටලුව නිවාඩු දිනයන්
සොයා ගැනීමය. නිවාඩුවක් ලැබුනු විගස තවත් කොහේ හෝ යනු ඇත. නකල්ස්, ඇළි හත, නමුනුකුල,
කිරිගල්පොත්ත මෙන්ම දැරණියගල හරහා සමනළගිර වන්දනාව වැනි දීර්ඝ ලැයිස්තුවක් දැනටමත්
ඇත්තේය. නැත්තේ වෙලාවය.