ගෙපැලේ මිත්තරයෝ

අපේ බදුලු ගමන... දෙවන දිනය...


ට්රීං ට්රීං... ට්රීං ටරීං...
      නැවතත් එලාම් එකකි.. වදින්නේ චින්තකයාගේ ෆෝන් එකෙනි. වෙලාව පාන්දර දෙකය. ඌට දවස් මාරු වී ඇත. ඊයේ එලාම් එක වදිනනේ අදය. චින්තකයා හැර අනික් සියල්ලෝම ඇහැරුනේය. ෆෝන් එක සොයා ගත්තේ පේෂාය. එලාම් එක ඕෆ් කර චින්තකයාට බැන බැන ආපසු නිදා ගත්තේය.
     නැවතත් කට්ටිය නිදිය. නැගිටින විට උදේ 7 පමණ වන්නට ඇත. මුලින්ම ඇහැරුනේ බණ්ඩාය. බණ්ඩා ඇහැරුන පසු අනික් උන්ට නිදාගැනීමට අයිතියක් නැත. එකට නිදාගත්තානම් එකටම ඇහැරිය යුතුය. කොනක සිට ඇහැරවාගෙන ගියේය. නිදාගන්නා සැටි ෆොටෝ ගැසුවේය.

 ඒ අතර අක්කා තේ ගෙනාවේය. ළගටම ගෙනත් දුන් තේ කෝප්පය රැගෙන නැවත කුස්සියට ගියේ කට සේදීමටය. තේ බීමෙන් අනතුරුව එළබියේ ජායාරූප ගැනීමේ අවස්ථාවයි. කටටියම කන්ද නැගගෙන පාරට ආවේය. (අක්කලාගේ ගෙට යාමට පාරේ සිට පොඩි පල්ලමක් බැසිය යුතුය) එක එක විදිහට ඉද ෆොටෝ ගැසුවේය. නැවතත් ගෙදරය. දත් මැද මුහුණ සෝදා ගෙන කට්ටිය සූදානම් වුයේ බෝගොඩ පාලම බැලීමට යාමටය. එතන් සිට පා ගමනින් හල්බෙ පාලමටත් එතැන සිට නැවතත් පා ගමනින්ම චින්තකලාගේ ගෙදරටත් යාම අද දවසේ ප්ලෑන් එකය. පා ගමන් ගැන පේෂා එතරම් මනාප නැත. නමුත් බහුතර මතය පා ගමනට නිසා පේෂාගේ අමනාපය වැඩක් වූයේ නැත. අක්කලාගේ ගෙදරින් උදේට කෑවේය. තම්බා තිබු මයියොක්කා එකක් ඔතා ගත්තේය. දවල් කෑමට බත්ද ඔතා ගත්තේය.  අක්කලාගේ ගෙදර සිට හාලිඇලට, හා එතැන් සිට කැටවලට බසයෙනුත්. කැටවල සිට බෝගොඩ පාළම දක්වා තුන්රෝ රියකිනුත් ආවේය.
     බෝගොඩ පාළම ලගට ගියේය.  එක එක විදිහට ෆොටෝ ගැසුවේය.

 බදුල්ල දක්වා තිබුනේයයි කියන උමගේ රිංගා බැලුවේය. (අද නම් අඩි 10 කට වඩා උමග දිග නැත.)

 අපි ෆොටෝ ගනිද්දී බලු කුක්කෙක් පාළම උඩට වී සිටියේය. ටික වෙලාවකින් ඌ අප සමග සෑහෙන්න ෆිට් වුයේය. බෝගොඩින් පිටත්ව එනවිටද පස්සෙන් ආවේය.

     බොගොඩ සිට හල්බේ පාලම දක්වා ගමන පයින්ය. චින්තක හා අවන්ත කලින් වතාවක් මේ ගමන ගොස් තිබේ. යන්නේ චින්තකගේ ගෙදරට නිසා මාර්ගෝපදේශක චින්තකය. අවා උපදේශක වැඩේ කලේය. දුවිලි පිරුනු පාරක් දිගේ කිලෝ මිටර් ගනනාවක් පයින් ඇවිද්දේය.
පාර අයිනේ මඩුවක් ගසාගෙන කිහිප දෙනෙක් කෑම උයති. ඈතින් ගල් වලක්ද පෙනේ. කෝකටත් දැනගෙන යාම හොදය.
අයියේ හල්බේ පාළමට තව දුරද..
අපිනම් දන්නෑ මල්ලි අපි මෙහෙ නෙමෙයි.. පොඩ්ඩක් ඉන්නකො බලන්න.. උයමින් සිටි අයියා මඩුව ඇතුලේ සිටි වෙන අයෙක් කැදවුයේය..
අයියේ හල්බේ පාළමට තව දුරද..
හප්පොච්චියේ මල්ලි මේක මේ ගල්වලකට යන පාරක්නෙ. පාළමට යන්න නම් ඔය නැගපු කන්දට කලින් හම්බවෙන පල්ලෙහා පාරෙ යන්න ඕනෙ..
දිව ඇද වුනේය, කට ලොක් වුනේය. වචනයක් වත් නොකියා පාර කියා දුන් අයියා දෙස බලා සිටියේය. අයියාට කොල්ලෝ සෙට් එක ගැන දුක සිතුනේය.
ෂෝට් කට් එකක් නම්  තියෙනව මල්ලිලට යන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ..  ඔහු  පාර පෙන්වන්වට මද දුරක් ආවේය.
මල්ලිලට පේනවද අර නෙල්ලි ගහ.. අන්න එතනින් පල්ලමට බහින්න පුලුවන්.. ඊට පස්සෙ දිගටම අඩි පාර තියෙනව..
      අයියා පෙන්වූ පාර සුපිරිය. ගල් මුල් අල්ලා ගෙන සෑහෙන දුරක් පල්ලම බැස්සේය. වාරුවට අල්ලා ගන්නා ගසුත් සමගම පහලට රූටා නොගියාද නොවේ. අවසානයේ වෙලකට බැස්සේය.

 යාන්තම් එතනට පාළම පෙනුනේය. තව ටික දුරය. විනාඩි පහෙන් පාළම ලගය.මොරාල් අප් විය. ටොප් ගියරයේ ඇද්දේය. මදිය තර්ඩ් එකට දැම්මේය, ඒත් මදිය, අවසානයේ ලෝ ෆස්ට් එකෙන්ද ඇද්දේය. දිව එලියට දමාගෙන, හති හලාගෙන පාළම අසලට ඒමට පැය භාගයකට වඩා ගත වුනේය. අවා හා චින්තා පාළමේ වහලය මතට නැග ගත්තේය.


.උන් දෙන්නා එලෙසින්ම පාළම තරණය කලේය. බණ්ඩාටද වහලේ යාමට ආසාවක් ඇති වුනේය. වහලයට නැග්ගේය. මද දුරක් ගියේය. නැවත බැස්සේය. පහලින් යාම කෝකටත් හොදය.
      පාළම තරණය කලායින් පසු දිවා ආහාරය හා නෑමය. නෑමට පසු කෑම සාමාන්‍ය සිරිත වුවත් අධික බඩගින්න, සිරිත වෙනස් කලේය. නාන්න ලෑස්ති වී කෑම කෑවේය. ඉන්පසු වතුරේය. එතරම් සීතලක් නැත.  සෑහෙන වෙලාවක්  නෑවේය. නාන ගමන් සැරින් සැරේ ගොඩට විත් මයියොක්කා කෑවේය. වටින් ගොඩින් කලුවර වැටෙන විට චින්තකලාගේ ගෙදර යාමට පිටත් වුනේය. තවත් කිලෝමීටර හතරක් පමණ යාමට ඇත. අඩි පාරක පට්ට කලුවරේ වැටි වැටී ගියේය.  ගෙදරට යනවිට හොද ගනන්ය. චින්තාගේ අම්මා කෑම ලෑස්ති කර තිබුනි. ලොකුවට බත් බෙදා ගත් නමුත් කෑවේ පොඩ්ඩකි.  ගොඩක් වෙලා නාපු නිසා ඇස් රතු වෙලාය. මහන්සි නිසා ඇවිදින්නේ පැද්දෙමින්ය. චින්තාගේ අම්මාට දැනුන හොත් මහන්සි නිවෙන්නට දෙහි සාදා දෙන්නට ඉඩ ඇති නිසාත්, තවත් කෙලින් ඉන්නට බැරි තරම් නිදිමත දැනෙන නිසාත් ඉක්මනින්ම නිදා ගත්තේය.






අපේ බදුලු ගමන... පළමු දිනය...





ට්රීං ට්රීං... ට්රීං ටරීං...
වෙලාව පාන්දර එකට පමණ ඇත. දුර ඇමතුම බානුකයා ගෙනි.
සේරම රෙඩි උනාට පස්සෙ මූ මොකක් හරි ජල්බරියක් සෙට් කරගෙන යන්න බෑ කියනවද.. හෙලෝ...
ඒ බණ්ඩා නැගිටපන්.. බදුලු යන්නෙ නැද්ද..
මොන හු.....ද යකෝ දැම්ම කොහේ යන්නද තොට මෝල්ද...
හේ හේ හේ  හැක හැක හැක... ආ ඒහෙනම් නිදා ගනින්.. උදේට මට කූද්දපන් හොදේ..

දුරකථන ඇමතුම විසන්ධි විය. නොදකින් ඌට නින්ද ගියේ නෑ කියල මම පලිද.  බණ්ඩා නැවතත් නින්දේය.
ට්රීං ට්රීං... ට්රීං ටරීං...
වෙලාව පාන්දර දෙකය. මෙවර වදින්නේ එලාම් එකය.  චිහ් දැන් ඉතින් නැගිටින්න එපයි. නිදි ගැට කඩමින් නැගිටින බණ්ඩා මුලින්ම දකින්නේ අනිත් ඇදේ සැපට නිදා ගන්නා චින්තකවය.

ඕයි.. නැගිටපන් පරක්කු වෙලා.. චින්තක උඩ ගොස් ඇහැරුනේය. ඇද යට තිබී උගේ ෆෝන් කට්ට සොයා ගත්තේය.
තාම 2 යිනේ. තව පැය බාගෙන් නැගිටින්නම්.
යකෝ මමද පාන් හදන්නේ නැගිටපන්..  
දඩොස්..  චින්තකව බිමට ඇද දැමූ බණ්ඩා ගියේ අවන්ත බැලීමටය.  ඌ එතරම් අවුලක් නැත.

 උඔ වොෂ් එකක් දාගෙන ඉක්මනට වරෙන් මම එතකන් පාන් ටික ලෑස්ති කරන්නම්. කට සෝදන ගමන් අවන්ත කීවේය. කියන පරක්කුවට බණ්ඩා බාත්රූම් එකේය. සියලු අවශ්‍යතා සපුරාගෙන එලියට එනවිට අවා අනෙක් වැඩ සියල්ල නිම කර තිබුනේය.

          3.05 පමණ වන විට ඈතින් පොට පොට පොට ශබ්දයක් ඇසෙන්නට විය. ඒ එන්නෙ කරුනෙ අයියාය. අවාගේ නිවසේ සිට මීපේ හන්දියට ගමන කරුනෙ අයියාගේ තුන්රෝ රියෙනි. තිදෙනා සැපට වාඩි වී ගමන් පටන් ගත්තේය. පේෂා නැග්ග විට ටිකක් හිර උනේය. බානුකයා නැග්ග විට චින්තකයා බණ්ඩාගේ ඔඩොක්කුවේය. 3.30 පමණ වන විට මීපේ හන්දියටද, එතැන් සිට බසයකින් කොළඹ කොටුවටද ආවේය. එවිට පාන්දර 4.30 පමණ වන්නට ඇත. කෝච්චිය ඇත්තේ 5.50ටය. කට්ට කාගෙන සිටියේය. සල්ලි සල්ලි කියා බැලුවේ නැත, ගමන දුර නිසා සැපට යා යුතුය, එනිසා 3 වෙනි පන්තියේ ටිකට්ම ගත්තේය. කෝච්චිය ෆ්ලැට්ෆෝමයට කිට්ටු කරන විටම බඩගාගෙන දනගාගෙන රිංගාගෙන සීට් අල්ල ගත්තේය. පස්දෙනා සීට් 6යේ සෙට් 3ක් අල්ලාගෙන තිබුනේය. එච්චර ඕනෙ නැත. වැඩිපුර ඒවා අනුන්ට දී එකක වාඩි වුනේය. ගමනේ මුල් ටික නින්දෙන්ය. ඇහැරෙන විට පේරාදෙනිය හන්දියේය. පාන් හා සීනි සම්බෝල කෑවේය. දැන් ෆිට්ය. තවත් ෆිට් වන දෙයක් එහා පැත්තේ සීට් පේලියේ තිබුනේය. රෝස පාට Tෂර්ට් එකක් ඇදගත් කෙලි පොඩ්ඩකි. පොඩ්ඩක් කීවාට පොඩිම නැත. හොද ගනන්ය. ෂේප් ෆිගර් එකය. හැබැයි  පොඩ්ඩක් ආඩම්බරය.  මෙහා පැත්තේ කොල්ලෝ සෙට් එකක් ඉන්නවා කියා ගානක් වත් නැත. අපිත් ගනන් ගත්තේ නැත. හොරෙන් ෆොටෝ ගැසුවා පමණි. 

           ෆොටෝ ගසමින්, කෑ ගසමින්, බිං ගෙවල් වලදී හූ කියමින් යාන්තම් සවස හතර පමණ වන විට හාලිඇලට ආවේය.

       බදුලු යනවා කියා නැග්ගාට බැස්සේ හාලිඇලෙනි. එතැන් සිට බසයෙන් බණ්ඩාගේ අක්කාගේ ගෙදරට ගියේය. මුලින්ම ලැබුනේ බිස්කට්, කේක් සමග තේය. තේ පානයෙන් පසු අවශ්‍යතාව නෑමය. තුවා, සබන් කර ගසාගෙන නාන තැනට ගියේය. වැඩි දුරක් නැත. නිවසේ සිට ඇත්තේ කිලෝමීටරයක් පමණ දුරකි. 
   
   වතුර ටිකක් සීතලය. වතුර දැක්කා විතරය චින්තකටත් බානුකටත් වැසිකිලි යාමේ තදබල ඕනෑකමක් ඇතිවුනේය. චින්තක අහුමුලු සොයන්නට විය.
අපි නාන තැනට පහලින් දාපල්ලා..
අහා.. එල එල.. සිරා තැනක් හම්බ උනා. චින්තා ගලක් අස්සේ සිට කෑ ගැසුවේය. තව සුලු වෙලාවකින් චින්තා එලියට ආවේය.

අම්මෝ දැනෙන සනීපෙ.  එතන වැලි ගොඩක්  තිබ්බා මම වහලම ආවෙ. ඔයාටත් ඉඩ තියෙනව...
බානුකත් රිංගුවේය. ටිකකින් ආපසු ආවේය. හරියන්නෙ නෑ බන්. මූ වහපු තැන හොයා ගන්න බැරි උනා, මම ඒක උඩම හෑරුවොත්..
හේ හේ... අපරාදෙ උඹට හාරල බලන්න තිබුනේ. උනුවට ඇති. අනෙක් අය බානුකට පල් එක දැම්මේය.
    
   වතුර පට්ට සීතලය. විනාඩියෙන් දෙකෙන් නාගෙන පිහිදාගත්තේය. බඩගින්න උපරිමයට දැනෙන තුරු පිස්සු නටමින් සිටියේය. ගෙදර ගියේ කන්න බලාගෙනය. කෑමෙන් පසු නින්දය. ගමන් මහන්සියත් සීතලත් නිසා සනීපෙට නින්ද ගියේය..
 


බඩේ වත් තලමු..


             රඹුටන් හා මැංගුස් වලට සාමන්‍යයයෙන් කවුරුත් කැමතිය. බණ්ඩාද වෙනසක් නැත. ඉතින් පහුගිය  රඹුටන් වාරය බණ්ඩා වැඩිපුරම ගතකලේ අවාගේ ගෙදරය. ගේ වටේට මැංගුස් ගස් හත අටක් ඇත. ගෙඩි විකිණිමට නොවේ. අවාගේ මිතුරන්ගේ ආහාරයට පමණි. අවාගේ ගෙදරට කිට්ටු පේෂාගේ ගෙදර රඹුටන් ඇත. ගෙවල් දෙකේ අය ෂෙයාර් කරගෙන මැංගුස් හා රඹුටන් කති. බණ්ඩාටද හෙන වාසිය. පෝර බෑග් පිටින් කෑමට රඹුටන් හා මැංගුස් ලැබේ. අවාගේ වත්ත කෙලවර ගඩුගුඩා ගසක්ද ඇත. අමාරුවෙන් බඩගා ගත්තොත්, ගඩුගුඩා වැල් පිටින් කෑමට පුලුවන. මේ සියල්ලම  උෂ්න කෑමය. වැඩිපුර කෑවොත් කදුලු පැනීමේ සිට උණ ගැනීම දක්වා විවිධාකාර  ලෙඩ සෑදේ. කොච්චර කිව්වත් පෙරේතකමට බෙහෙත් නැත. බණ්ඩාට නම්  හෙම්බිරිස්සාවක් හැරෙන්නට ලොකු අවුලක් වූයේ නැත.  මේ කතාව ඒ ගැන නොවේ.  මැංගුස් ගසක් නිසා කෑමට ලැබුන අලුත් කෑමක් ගැනය. දන්නා අය එමට සිටිනු ඇත. ඒත් බණ්ඩාට නම් එය අලුත්ය
           මාලුවා නහින්නේ කට නිසාය, ඒ ඌ දකින දකින ඇම ගිලින නිසාය. අපි නහින්නේත් කට නිසාය. ඒ කියවන්නටගොස්ය. නැත්තම් මාලුවා මෙන් නොදන්නා මගුල් කෑමට යාම නිසාය.  මීට වසර දෙකකට පමණ පෙර නොදන්නා ජපන් කෑමක් කන්නට ගොස් අමු මාලු ගිලදමා, ගෙදර ඇවිත් කෑවා මෙන් දෙගුණයක් කබරයා දැම්මා බණ්ඩාට හොදට මතකය.  මෙයත් කතාවට අදාල නැත.
          අවාගේ ගේ කිට්ටුවම මැංගුස් ගසක් තිබුනේය. හොද සයිස් ගසකි. ඒ ගසට ජැක් ගැසූ තරමක කනාටු පොල් ගසක්ද තිබුනේය. මැංගුස් ගස කැපීමේ උවමනාවක් ගෙදර ඇත්තන්ට තිබුනේය. බණ්ඩාගේ බ්රේක් නැති කට ඉස්සර වුයේ මේ වෙලාවේදීය.
අයියෝ ඕක සිම්පල්නෙ. අපි ඕක කපමු. මහ ගේමක් නෙමෙයිනේ.
ඔය ළමයින්ට ඔය වැඩ බෑ.  මම ගස් කපන කෙනෙක්ට කියල කප්පවන්නම්. අවාගේ අම්මා විරෝධය පල කලේය.
 අවත් බණ්ඩා වගේමය. ආසාව එපා කියන දේ කරන්නටමය. ඔන්න  ඔහේ  කපමු බන්.
          දෙන්නා ගස කපන්නට සෙට් වුනේය. සිතු තරම් වැඩේ ලේසි නැත. හොදට මෝරපු ගසක්ය. හති දමාගෙන මොට්ට පොරවෙන් මැංගුස් ගසට කොටාගෙන කොටාගෙන ගියේය. ජැක් ගසා තිබූ පොල් ගස ගැන හාංකවිසියක් මතක නැත. අවාගේ අම්මාත්, අක්කාත්, අල්ලපු ගෙදර චූටි ඇන්ටිත් සුපවයිසර් වැඩේ අකුරටම කලේය
  ජරබරාස්..... මහා හඩක් සමග මැංගුස් ගස බිමය. ජැක් ගසා තිබූ පොල් ගසත් බිමය.
   ආනේ කොල්ලෝ පොල් ගහත් බිම දැම්ම නේද.. ඒ අවාගේ අම්මා නොවේ. ඉස්සරහ ගෙදර චූටි ඇන්ටිය. දැන් මොකෝ කරන්නේ. අපරාදේ ෂෝක් පොල් ගහ
ඇති යන්තං ඔයින් ගියා, මම ඇගේ ලේ නැතුව හිටියේ. ඒ අවාගේ අම්මාය.
මම හිතුව පණ්ඩිතයො දෙන්න ලෑස්ති වෙනකොටම මොකක් හරි අංජබජල් වැඩක් කරයි කියල..  ඒ අවාගේ අක්කාය
අවත් , බණ්ඩත් කට වසාගෙන සිටියේය. මෝඩ කමට   බෙහෙත් නැත. කලින්ම කට වසාගෙන සිටියෙනම් මෙච්චර ඇගට අමාරු නැත. කතන්දරද නැත.
දැන් මොකෝ කරන්නෙ. ඒ චූටි ඇන්ටීය. බඩේ වත් තලමු.
තලමු තලමු”. අවත් නැගිට්ටේය. වෙන්නට  යන දේ ගැන  තේරුමක් නැති බණ්ඩා  ඔහේ බලාගෙන සිටියේය.  කෝකටත් ගෙට දුවගොස් කැමරාවද උස්සාගෙන ආවේය.
          අවා, චූටි ඇන්ටි සමග එකතුව පොල් ගසේ කදෙන් අතු සහිත මුදුන් කොටස වෙන් කර ගත්තේය. ඉන්පසු පොල් අතු, මටලු අතරින් ගොබය වෙන් කර ගත්තේය.  එය හරියට අඩි 2ක් පමණ දිග කෙසෙල් බඩයක් වාගේය. නමුත් එයට වඩා හයියය. චූටි ඇන්ටි එම කොටස ගෙන මැංගුස් ගසේ කද උඩින් තබාගෙන සුද්ද කිරීමට පටන් ගත්තේය.




        අවසානයේ කිරි සුදු පැහැගත් කොටසක් මතුවුනේය. මෙන්න මේකයි පොල් බඩේ. එය කිරි රසය. ගොක් අත්ත පටන් ගන්නේ මේ කොටසිනි. ‍ගොක් අත්තේ මුල්ම කොටසද කෑමට පුලුවන. එය අපූරු කෑමකි .

අවවාදයයි...
        වැඩිපුර කෑමෙන් ශරීරකෘත්‍ය පහසුවේ. (බඩ බුරුල් කරයි).                                                                                                        

       තවත් වැඩිපුර කෑමෙන් බඩේ අමාරුව සැදීමටද ඉඩ ඇත.