ට්රීං
ට්රීං... ට්රීං ටරීං...
වෙලාව
පාන්දර එකට පමණ ඇත. දුර ඇමතුම බානුකයා ගෙනි.
සේරම
රෙඩි උනාට පස්සෙ මූ මොකක් හරි ජල්බරියක් සෙට් කරගෙන යන්න බෑ කියනවද.. “හෙලෝ”...
“ඒ බණ්ඩා නැගිටපන්.. බදුලු යන්නෙ නැද්ද”..
“මොන හු.....ද යකෝ දැම්ම කොහේ යන්නද
තොට මෝල්ද”...
“හේ හේ හේ හැක හැක හැක... ආ ඒහෙනම් නිදා ගනින්.. උදේට මට
කූද්දපන් හොදේ”..
දුරකථන
ඇමතුම විසන්ධි විය. නොදකින් ඌට නින්ද ගියේ නෑ කියල මම පලිද. බණ්ඩා නැවතත් නින්දේය.
ට්රීං
ට්රීං... ට්රීං ටරීං...
වෙලාව
පාන්දර දෙකය. මෙවර වදින්නේ එලාම් එකය.
චිහ් දැන් ඉතින් නැගිටින්න එපයි. නිදි ගැට කඩමින් නැගිටින බණ්ඩා මුලින්ම
දකින්නේ අනිත් ඇදේ සැපට නිදා ගන්නා චින්තකවය.
“ඕයි.. නැගිටපන් පරක්කු වෙලා”.. චින්තක උඩ ගොස් ඇහැරුනේය. ඇද යට තිබී උගේ ෆෝන් කට්ට සොයා ගත්තේය.
“තාම 2 යිනේ. තව පැය බාගෙන්
නැගිටින්නම්”.
“යකෝ මමද පාන් හදන්නේ නැගිටපන්”..
දඩොස්.. චින්තකව බිමට ඇද දැමූ බණ්ඩා ගියේ අවන්ත බැලීමටය. ඌ එතරම් අවුලක් නැත.
“උඔ වොෂ් එකක් දාගෙන ඉක්මනට වරෙන් මම එතකන් පාන් ටික ලෑස්ති කරන්නම්”. කට සෝදන ගමන් අවන්ත කීවේය. කියන පරක්කුවට බණ්ඩා බාත්රූම් එකේය. සියලු අවශ්‍යතා සපුරාගෙන එලියට එනවිට අවා අනෙක් වැඩ සියල්ල නිම කර තිබුනේය.
3.05 පමණ වන විට ඈතින් පොට පොට පොට ශබ්දයක් ඇසෙන්නට විය. ඒ එන්නෙ කරුනෙ අයියාය. අවාගේ නිවසේ සිට මීපේ හන්දියට ගමන කරුනෙ අයියාගේ තුන්රෝ රියෙනි. තිදෙනා සැපට වාඩි වී ගමන් පටන් ගත්තේය. පේෂා නැග්ග විට ටිකක් හිර උනේය. බානුකයා නැග්ග විට චින්තකයා බණ්ඩාගේ ඔඩොක්කුවේය. 3.30 පමණ වන විට මීපේ හන්දියටද, එතැන් සිට බසයකින් කොළඹ කොටුවටද ආවේය. එවිට පාන්දර 4.30 පමණ වන්නට ඇත. කෝච්චිය ඇත්තේ 5.50ටය. කට්ට කාගෙන සිටියේය. සල්ලි සල්ලි කියා බැලුවේ නැත, ගමන දුර නිසා සැපට යා යුතුය, එනිසා 3 වෙනි පන්තියේ ටිකට්ම ගත්තේය. කෝච්චිය ෆ්ලැට්ෆෝමයට කිට්ටු කරන විටම බඩගාගෙන දනගාගෙන රිංගාගෙන සීට් අල්ල ගත්තේය. පස්දෙනා සීට් 6යේ සෙට් 3ක් අල්ලාගෙන තිබුනේය. එච්චර ඕනෙ නැත. වැඩිපුර ඒවා අනුන්ට දී එකක වාඩි වුනේය. ගමනේ මුල් ටික නින්දෙන්ය. ඇහැරෙන විට පේරාදෙනිය හන්දියේය. පාන් හා සීනි සම්බෝල කෑවේය. දැන් ෆිට්ය. තවත් ෆිට් වන දෙයක් එහා පැත්තේ සීට් පේලියේ තිබුනේය. රෝස පාට Tෂර්ට් එකක් ඇදගත් කෙලි පොඩ්ඩකි. පොඩ්ඩක් කීවාට පොඩිම නැත. හොද ගනන්ය. ෂේප් ෆිගර් එකය. හැබැයි පොඩ්ඩක් ආඩම්බරය. මෙහා පැත්තේ කොල්ලෝ සෙට් එකක් ඉන්නවා කියා ගානක් වත් නැත. අපිත් ගනන් ගත්තේ නැත. හොරෙන් ෆොටෝ ගැසුවා පමණි.
බදුලු යනවා කියා නැග්ගාට බැස්සේ හාලිඇලෙනි. එතැන් සිට බසයෙන් බණ්ඩාගේ
අක්කාගේ ගෙදරට ගියේය. මුලින්ම ලැබුනේ බිස්කට්, කේක් සමග තේය. තේ පානයෙන් පසු අවශ්‍යතාව
නෑමය. තුවා, සබන් කර ගසාගෙන නාන තැනට ගියේය. වැඩි දුරක් නැත. නිවසේ සිට ඇත්තේ
කිලෝමීටරයක් පමණ දුරකි.
වතුර ටිකක් සීතලය. වතුර දැක්කා විතරය චින්තකටත් බානුකටත් වැසිකිලි යාමේ තදබල ඕනෑකමක් ඇතිවුනේය. චින්තක අහුමුලු සොයන්නට විය.
වතුර ටිකක් සීතලය. වතුර දැක්කා විතරය චින්තකටත් බානුකටත් වැසිකිලි යාමේ තදබල ඕනෑකමක් ඇතිවුනේය. චින්තක අහුමුලු සොයන්නට විය.
“අපි නාන තැනට පහලින් දාපල්ලා”..
“අහා.. එල එල.. සිරා තැනක් හම්බ උනා”. චින්තා ගලක් අස්සේ සිට කෑ ගැසුවේය. තව සුලු වෙලාවකින් චින්තා එලියට
ආවේය.
“අම්මෝ දැනෙන සනීපෙ. එතන වැලි ගොඩක් තිබ්බා මම වහලම ආවෙ. ඔයාටත් ඉඩ තියෙනව”...
බානුකත්
රිංගුවේය. ටිකකින් ආපසු ආවේය. “හරියන්නෙ නෑ බන්. මූ වහපු තැන හොයා
ගන්න බැරි උනා, මම ඒක උඩම හෑරුවොත්”..
“හේ හේ... අපරාදෙ උඹට හාරල බලන්න
තිබුනේ. උනුවට ඇති”. අනෙක් අය බානුකට පල් එක දැම්මේය.
වතුර පට්ට සීතලය. විනාඩියෙන් දෙකෙන් නාගෙන පිහිදාගත්තේය. බඩගින්න උපරිමයට දැනෙන තුරු පිස්සු නටමින් සිටියේය. ගෙදර ගියේ කන්න බලාගෙනය. කෑමෙන් පසු නින්දය. ගමන් මහන්සියත් සීතලත් නිසා සනීපෙට නින්ද ගියේය..
පට්ට සීතලට පට්ට ට්‍රිප
ReplyDeleteපැපරාසි ෆොටෝ ගහන එකනම් කැත වැඩය :)
හිතලා ගැසුවා නොවේ.. නිකම්ම ගැසුවාය..
Deleteමට මතක් වුනේ අඩවි රජාය..
ReplyDeleteජය !
රජාගේ පෝසට් කියවද්දී මමත් එකක් ලියනවාමයි සිතා ගත්තෙමි.
Deleteහොද කෙලි පොඩිත්ත... මේ බ්ලොගිය සින්ඩි කීපයකට දැම්මා නම් කියවන පිරිස වැඩි වේවි...
ReplyDelete