ගෙපැලේ මිත්තරයෝ

අපේ බදුලු ගමන... දෙවන දිනය...


ට්රීං ට්රීං... ට්රීං ටරීං...
      නැවතත් එලාම් එකකි.. වදින්නේ චින්තකයාගේ ෆෝන් එකෙනි. වෙලාව පාන්දර දෙකය. ඌට දවස් මාරු වී ඇත. ඊයේ එලාම් එක වදිනනේ අදය. චින්තකයා හැර අනික් සියල්ලෝම ඇහැරුනේය. ෆෝන් එක සොයා ගත්තේ පේෂාය. එලාම් එක ඕෆ් කර චින්තකයාට බැන බැන ආපසු නිදා ගත්තේය.
     නැවතත් කට්ටිය නිදිය. නැගිටින විට උදේ 7 පමණ වන්නට ඇත. මුලින්ම ඇහැරුනේ බණ්ඩාය. බණ්ඩා ඇහැරුන පසු අනික් උන්ට නිදාගැනීමට අයිතියක් නැත. එකට නිදාගත්තානම් එකටම ඇහැරිය යුතුය. කොනක සිට ඇහැරවාගෙන ගියේය. නිදාගන්නා සැටි ෆොටෝ ගැසුවේය.

 ඒ අතර අක්කා තේ ගෙනාවේය. ළගටම ගෙනත් දුන් තේ කෝප්පය රැගෙන නැවත කුස්සියට ගියේ කට සේදීමටය. තේ බීමෙන් අනතුරුව එළබියේ ජායාරූප ගැනීමේ අවස්ථාවයි. කටටියම කන්ද නැගගෙන පාරට ආවේය. (අක්කලාගේ ගෙට යාමට පාරේ සිට පොඩි පල්ලමක් බැසිය යුතුය) එක එක විදිහට ඉද ෆොටෝ ගැසුවේය. නැවතත් ගෙදරය. දත් මැද මුහුණ සෝදා ගෙන කට්ටිය සූදානම් වුයේ බෝගොඩ පාලම බැලීමට යාමටය. එතන් සිට පා ගමනින් හල්බෙ පාලමටත් එතැන සිට නැවතත් පා ගමනින්ම චින්තකලාගේ ගෙදරටත් යාම අද දවසේ ප්ලෑන් එකය. පා ගමන් ගැන පේෂා එතරම් මනාප නැත. නමුත් බහුතර මතය පා ගමනට නිසා පේෂාගේ අමනාපය වැඩක් වූයේ නැත. අක්කලාගේ ගෙදරින් උදේට කෑවේය. තම්බා තිබු මයියොක්කා එකක් ඔතා ගත්තේය. දවල් කෑමට බත්ද ඔතා ගත්තේය.  අක්කලාගේ ගෙදර සිට හාලිඇලට, හා එතැන් සිට කැටවලට බසයෙනුත්. කැටවල සිට බෝගොඩ පාළම දක්වා තුන්රෝ රියකිනුත් ආවේය.
     බෝගොඩ පාළම ලගට ගියේය.  එක එක විදිහට ෆොටෝ ගැසුවේය.

 බදුල්ල දක්වා තිබුනේයයි කියන උමගේ රිංගා බැලුවේය. (අද නම් අඩි 10 කට වඩා උමග දිග නැත.)

 අපි ෆොටෝ ගනිද්දී බලු කුක්කෙක් පාළම උඩට වී සිටියේය. ටික වෙලාවකින් ඌ අප සමග සෑහෙන්න ෆිට් වුයේය. බෝගොඩින් පිටත්ව එනවිටද පස්සෙන් ආවේය.

     බොගොඩ සිට හල්බේ පාලම දක්වා ගමන පයින්ය. චින්තක හා අවන්ත කලින් වතාවක් මේ ගමන ගොස් තිබේ. යන්නේ චින්තකගේ ගෙදරට නිසා මාර්ගෝපදේශක චින්තකය. අවා උපදේශක වැඩේ කලේය. දුවිලි පිරුනු පාරක් දිගේ කිලෝ මිටර් ගනනාවක් පයින් ඇවිද්දේය.
පාර අයිනේ මඩුවක් ගසාගෙන කිහිප දෙනෙක් කෑම උයති. ඈතින් ගල් වලක්ද පෙනේ. කෝකටත් දැනගෙන යාම හොදය.
අයියේ හල්බේ පාළමට තව දුරද..
අපිනම් දන්නෑ මල්ලි අපි මෙහෙ නෙමෙයි.. පොඩ්ඩක් ඉන්නකො බලන්න.. උයමින් සිටි අයියා මඩුව ඇතුලේ සිටි වෙන අයෙක් කැදවුයේය..
අයියේ හල්බේ පාළමට තව දුරද..
හප්පොච්චියේ මල්ලි මේක මේ ගල්වලකට යන පාරක්නෙ. පාළමට යන්න නම් ඔය නැගපු කන්දට කලින් හම්බවෙන පල්ලෙහා පාරෙ යන්න ඕනෙ..
දිව ඇද වුනේය, කට ලොක් වුනේය. වචනයක් වත් නොකියා පාර කියා දුන් අයියා දෙස බලා සිටියේය. අයියාට කොල්ලෝ සෙට් එක ගැන දුක සිතුනේය.
ෂෝට් කට් එකක් නම්  තියෙනව මල්ලිලට යන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ..  ඔහු  පාර පෙන්වන්වට මද දුරක් ආවේය.
මල්ලිලට පේනවද අර නෙල්ලි ගහ.. අන්න එතනින් පල්ලමට බහින්න පුලුවන්.. ඊට පස්සෙ දිගටම අඩි පාර තියෙනව..
      අයියා පෙන්වූ පාර සුපිරිය. ගල් මුල් අල්ලා ගෙන සෑහෙන දුරක් පල්ලම බැස්සේය. වාරුවට අල්ලා ගන්නා ගසුත් සමගම පහලට රූටා නොගියාද නොවේ. අවසානයේ වෙලකට බැස්සේය.

 යාන්තම් එතනට පාළම පෙනුනේය. තව ටික දුරය. විනාඩි පහෙන් පාළම ලගය.මොරාල් අප් විය. ටොප් ගියරයේ ඇද්දේය. මදිය තර්ඩ් එකට දැම්මේය, ඒත් මදිය, අවසානයේ ලෝ ෆස්ට් එකෙන්ද ඇද්දේය. දිව එලියට දමාගෙන, හති හලාගෙන පාළම අසලට ඒමට පැය භාගයකට වඩා ගත වුනේය. අවා හා චින්තා පාළමේ වහලය මතට නැග ගත්තේය.


.උන් දෙන්නා එලෙසින්ම පාළම තරණය කලේය. බණ්ඩාටද වහලේ යාමට ආසාවක් ඇති වුනේය. වහලයට නැග්ගේය. මද දුරක් ගියේය. නැවත බැස්සේය. පහලින් යාම කෝකටත් හොදය.
      පාළම තරණය කලායින් පසු දිවා ආහාරය හා නෑමය. නෑමට පසු කෑම සාමාන්‍ය සිරිත වුවත් අධික බඩගින්න, සිරිත වෙනස් කලේය. නාන්න ලෑස්ති වී කෑම කෑවේය. ඉන්පසු වතුරේය. එතරම් සීතලක් නැත.  සෑහෙන වෙලාවක්  නෑවේය. නාන ගමන් සැරින් සැරේ ගොඩට විත් මයියොක්කා කෑවේය. වටින් ගොඩින් කලුවර වැටෙන විට චින්තකලාගේ ගෙදර යාමට පිටත් වුනේය. තවත් කිලෝමීටර හතරක් පමණ යාමට ඇත. අඩි පාරක පට්ට කලුවරේ වැටි වැටී ගියේය.  ගෙදරට යනවිට හොද ගනන්ය. චින්තාගේ අම්මා කෑම ලෑස්ති කර තිබුනි. ලොකුවට බත් බෙදා ගත් නමුත් කෑවේ පොඩ්ඩකි.  ගොඩක් වෙලා නාපු නිසා ඇස් රතු වෙලාය. මහන්සි නිසා ඇවිදින්නේ පැද්දෙමින්ය. චින්තාගේ අම්මාට දැනුන හොත් මහන්සි නිවෙන්නට දෙහි සාදා දෙන්නට ඉඩ ඇති නිසාත්, තවත් කෙලින් ඉන්නට බැරි තරම් නිදිමත දැනෙන නිසාත් ඉක්මනින්ම නිදා ගත්තේය.






8 comments:

  1. ට්‍රිප නම් ආතල් වගේ...

    ReplyDelete
    Replies
    1. ආතල් ආතල්...
      ස්තුති මේ පැත්තෙ ආවට..

      Delete
  2. අරුන් දෙන්නට පාන්ද බන් කොන්ද කඩාගන්න යන්නේ

    ReplyDelete
    Replies
    1. මටත් යන්න ආසාව තිබුනා ඒත් බය හිතුනා.. උන් බය නෑ කියන්නේ...

      ස්තුති මේ පැත්තෙ ආවට..

      Delete
  3. බණ්ඩා කොළඹ ගිය හැටි ලියපං කෝ :)

    අන්තිම සිරා !

    ReplyDelete
    Replies
    1. හේ හේ... ලියමු ලියමු...

      ස්තුති මේ පැත්තෙ ආවට..

      Delete
  4. බණ්ඩා ට්‍රිප් ගිය වගයි...

    කොහේ ඉඳන්ද බං යන්ඩ පටන් ගත්තේ? මම නං බදුල්ලේම නිසා ආයේ මොන ට්‍රිප් යැවිල්ලක්ද බදුල්ලේ?

    ReplyDelete
    Replies
    1. ඇටැම්පිටිය, හාලිඇල, කැටවල, බඹරපාන, විදුරපොල,
      වැළිමඩ ඔය හැමතැනම ඇවිද්ද බං

      ස්තුති මේ පැත්තෙ ආවට..

      Delete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.