ගෙපැලේ මිත්තරයෝ

සීයාට පිං පිණීස





සීයා නැතිවී වසර හතකි. ඒ වෙනුවෙන් පැවැත්වෙන මහා පිංකම ගංගොඩවිල පඤ්ඤෝදාරාරාම  විහාරස්ථානයේදී අති උත්ත්කර්ෂවත් අයුරින් සිද්ධ උනේය.  

සීයාට දරුවන් 8 දෙනෙකි. (දෙදෙනකු දැනට ජීවතුන් අතර නැත) සියල්ලෝම විවාහකය.   මුනුබුරු මිනිබිරියන් 19 ම දෙනෙකි. බහුතරයක් විවාහකය.  මී මුනුබුරු මිනිබිරියන් 24 දෙනෙකි.  බෑනා වරුන් ලේලි වරුන් සියල්ලන්ම ගත් කල 72 ක පමන පිරිසකි.

පිංකම අංග දෙකකි. මුලින්ම කාලීන ධර්ම දේශනාවක්ය. දෙවැන්න පැමිනි සිටි පිරිසට සංග්‍රහ කිරීමය. 

පිංකම ආරම්භ වූයේය. පැමිනීම සියයට 85 ක පමණ හොද තත්වයක තිබුනේය. දෙතුන් දෙනෙකු හැරෙන්නට අන් සියල්ලන්ම වාගේ පැමින සිටියේය. ලේ ඥාතීන්ට අමතරව දන්නා හඳුනන අසල්වැසි කිහිප දෙනෙකුද පැමින සිටියේය. 

බණ සඳහා වැඩම කලේ සීයාව හොදින් හඳුනන හාමුදුරුනමක්ය. ඒ හාමුදුරුවෝ සීයාගේ දරු පිරිවරද හඳුනන්නේය. හාමුදුරුවෝ පීතෘත්වය පිළිබඳ දේශනාවක් කලේය. රැස්ව සිටි පිරිස, විටෙක බණ අසමින්ද තවත් විටෙක පොඩි උන්ගේ කෙලි සෙල්ලම් බලමින්ද සිටියේය. 

හාමුදුරුවෝ ධර්ම දේශනාව අවසන් කලේය. තවම පින් දුන්නේ නැත. බණ ඉවරයියි හැගුනු වහාම එකා දෙන්නා නැගිට්ටටේ පිරිකර පූජා කරනනටය. එකා දෙන්නා යයි කියනවාට  වඩා සියල්ලෝම යයි කිවහොත් නිවැරදිය. හාමුදුරුවෝ පමණක් තවමත් ආසනය මතය. හාමුදුරුවෝ බලා සිටින්නේය. අනෙක් සියල්ලෝ පිරිකර පූජා කරන්නට පොරකන්නේය. හාමුදුරුවන්ට පූජා කරන්නට පෙර පැමිනි පිරිසට අත ගස්වා සාදු කියන්නට වටේට අරගෙන යන්නේය. පිරිකරට අත ගසන ගමන්ම ආගිය තොරතුරුද කතා කරන්නේය


 -දැන්ද ආවේ - අනේ ඔයා මහත් වෙලා -  ලස්සන බ්ලවුස් එකක්

ඒ අතරතුර කවුරුන්හෝ වාඩිවීමට තිබුනු පැදුරුත් අකුලලාය. හාමුදුරුවෝ මේ සියලු විකාර බලමින් පිරිකර පූජා බාරගන්නේය.

පිරිකර පූජා කර අවසන් වූ පසු සංග්‍රහ කටයුතුය.

බාල්දියක දැමූ කට්ලට්ය. බේසමක දැමූ සැන්ඩ්විච්ය. ට්‍රේ එකක දැමූ කේක්ය. ප්ලාස්ටික් කෝප්ප වල ප්ලේන් ටී ය. සියල්ලෝ තැන් තැන් වල කමින් බොමින් කියවමින් සිටින්නේය. ආගිය තොරතුරු, ඕපාදූප, රූපලාවන්‍ය, ළමයින්ගේ පන්ති, ශිෂ්‍යත්ත්ව ලකුණූ මාතෘකා ගොන්නකි. පොඩි එව්වෝ දුවන්නේය, පනින්නේය. අම්මලා දුවන්න එපා ළමයෝ වැටෙයි කියා කියමින්ම තමන්ගේ කතාය. ටික වේලාවකින් පන්සලෙන් පනිවුඩයක් එන්නේය.

සද්දෙ පොඩ්ඩක් වැඩියි වගේ.

තමන් තවමත් ඉන්නේ පන්සලේ බණ මඩුවේ බව පිරිසට මතක් වෙන්නේය. ශබ්දය අඩුවෙන් කතා කරන්නට පටන් ගන්නේය. ඒ ටික වේලාවකටය. නැවතත් ශබ්දය වැඩි වන්නේය. පැයකට පමණ පසු පිරිස යන්නට සැරසෙන්නේය. දැන් අසෙන්නේ සමු ගන්නා වදන්ය.

- ගියපාර සිංහල අවුරුද්දට ආවෙත් නෑ ලබන පාර නම් කොහොම හරි එනවා - මේ දවස් වල වැඩ වැඩියි ඒකයි එන්න බැරි උනේ, ඉක්මනට ඇවිත් යන්න එන්නම් - ගිය අවුරුද්දෙත් ඔහොම්මම කිව්වා ඒ උනාට ආවේ නැහැනේ. - මෙයාලට හැමදාම පන්තිනේ ඒ නිසා වෙලාවක් නෑ නිවාඩු දුන්නම එන්නම් -
 
ඉන්පසු වැදීමේ අවස්ථාවය. මෙහිදී ලොකුම කට්ට කන්නේ මී මුනුබුරු මිනිබිරී  පරපුරය. ඔවුනට 50 දෙනෙකුට ආසන්න පිරිසකට වඳින්නට සිඳුවන්නේය. වඳින වඳින වාරයක් පාසා වැඳුම් ලබන්නා

වඳින්නාව සිප ගන්නේය, හිස අතගාන්නේය. වඳින්නට සිටින පිරිස කොපමණද කියතොත් වැරදීමක් එක්කෙනාටම දෙපාරක් වඳින්නේය. වැඳුම් ලබන්නාටද මතක නැත්තේය. සුපුරුදු ලෙසම හිස අතගා සිපගන්නේය.

ඒසේ මෙසේ කෙසේ හෝ පිරිස පන්සලෙන් පිටවන්නේය. පන්සල නැවතත් සුපුරුදු නිසසල පන්සල වන්නේය.

හදිසියේම නැන්දා කෙනෙකුට යමක් මතක් වන්නේය..

හාමුදුරුවෝ පුන්‍යානුමෝදනාව කලේ නැහැනේ. 


ප: ලි 

මෙහි එන නම් ගම් සියල්ල මනංකල්පිත වන අතර අපේ තාත්තාගේ පියා ( අපේ සීයා ) වෙනුවෙන් පන්සලේ පැවැත්වුනු පිංකමට මෙහි කිසිඳු සම්බන්ධයක් නොමැති බව කරුණාවෙන් සළකන්න.


7 comments:

  1. එළ. මේ දවස් වල තියෙන කඨින ෆෙස්ටිවල් මතක් උනා..

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල පිංකමක් කියන්නේ ආතල්ම තමයි

      ස්තුතියි

      Delete
  2. හුටා අමතක වුනා නේන්නං

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ .. අමතක උනා නේන්නං


      ස්තුතියි

      Delete
  3. පිංකම මිනිස්සු තමන්ට උවමා විදියට හදාගත්තාම එකේ හරය ඉබේම නැතිවෙනවා
    විචාරක දියණිය

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.