රඹුටන් හා මැංගුස් වලට සාමන්‍යයයෙන් කවුරුත් කැමතිය. බණ්ඩාද වෙනසක් නැත.
ඉතින් පහුගිය රඹුටන් වාරය බණ්ඩා වැඩිපුරම
ගතකලේ අවාගේ ගෙදරය. ගේ වටේට මැංගුස් ගස් හත අටක් ඇත. ගෙඩි විකිණිමට නොවේ. අවාගේ
මිතුරන්ගේ ආහාරයට පමණි. අවාගේ ගෙදරට කිට්ටු පේෂාගේ ගෙදර රඹුටන් ඇත. ගෙවල් දෙකේ අය
ෂෙයාර් කරගෙන මැංගුස් හා රඹුටන් කති. බණ්ඩාටද හෙන වාසිය. පෝර බෑග් පිටින් කෑමට
රඹුටන් හා මැංගුස් ලැබේ. අවාගේ වත්ත කෙලවර ගඩුගුඩා ගසක්ද ඇත. අමාරුවෙන් බඩගා
ගත්තොත්, ගඩුගුඩා වැල් පිටින් කෑමට පුලුවන. මේ සියල්ලම උෂ්න කෑමය. වැඩිපුර කෑවොත් කදුලු පැනීමේ සිට උණ
ගැනීම දක්වා විවිධාකාර ලෙඩ සෑදේ. කොච්චර
කිව්වත් පෙරේතකමට බෙහෙත් නැත. බණ්ඩාට නම් හෙම්බිරිස්සාවක් හැරෙන්නට ලොකු අවුලක් වූයේ නැත. මේ කතාව ඒ ගැන නොවේ. මැංගුස් ගසක් නිසා කෑමට ලැබුන අලුත් කෑමක්
ගැනය. දන්නා අය එමට සිටිනු ඇත. ඒත් බණ්ඩාට නම් එය අලුත්ය
මාලුවා නහින්නේ කට නිසාය, ඒ ඌ දකින දකින
ඇම ගිලින නිසාය. අපි නහින්නේත් කට නිසාය. ඒ කියවන්නටගොස්ය. නැත්තම් මාලුවා මෙන්
නොදන්නා මගුල් කෑමට යාම නිසාය. මීට වසර
දෙකකට පමණ පෙර නොදන්නා ජපන් කෑමක් කන්නට ගොස් අමු මාලු ගිලදමා, ගෙදර ඇවිත් කෑවා මෙන්
දෙගුණයක් කබරයා දැම්මා බණ්ඩාට හොදට මතකය.
මෙයත් කතාවට අදාල නැත.
අවාගේ
ගේ කිට්ටුවම මැංගුස් ගසක් තිබුනේය. හොද සයිස් ගසකි. ඒ ගසට ජැක් ගැසූ තරමක කනාටු
පොල් ගසක්ද තිබුනේය. මැංගුස් ගස කැපීමේ උවමනාවක් ගෙදර ඇත්තන්ට තිබුනේය. බණ්ඩාගේ
බ්රේක් නැති කට ඉස්සර වුයේ මේ වෙලාවේදීය.
“අයියෝ ඕක සිම්පල්නෙ. අපි ඕක කපමු. මහ ගේමක් නෙමෙයිනේ”.
“ඔය ළමයින්ට ඔය වැඩ බෑ.
මම ගස් කපන කෙනෙක්ට කියල කප්පවන්නම්”. අවාගේ අම්මා
විරෝධය පල කලේය.
අවත් බණ්ඩා වගේමය.
ආසාව එපා කියන දේ කරන්නටමය. “ඔන්න ඔහේ කපමු බන්”.
දෙන්නා ගස කපන්නට සෙට් වුනේය. සිතු තරම් වැඩේ ලේසි නැත. හොදට මෝරපු ගසක්ය.
හති දමාගෙන මොට්ට පොරවෙන් මැංගුස් ගසට කොටාගෙන කොටාගෙන ගියේය. ජැක් ගසා තිබූ පොල්
ගස ගැන හාංකවිසියක් මතක නැත. අවාගේ අම්මාත්, අක්කාත්, අල්ලපු ගෙදර චූටි ඇන්ටිත්
සුපවයිසර් වැඩේ අකුරටම කලේය
ජරබරාස්..... මහා හඩක් සමග මැංගුස් ගස බිමය. ජැක් ගසා තිබූ පොල් ගසත් බිමය.
“ආනේ කොල්ලෝ පොල් ගහත් බිම
දැම්ම නේද”.. ඒ අවාගේ අම්මා නොවේ. ඉස්සරහ ගෙදර චූටි
ඇන්ටිය. “දැන් මොකෝ කරන්නේ. අපරාදේ ෂෝක් පොල් ගහ”.
“ඇති යන්තං ඔයින් ගියා, මම ඇගේ ලේ නැතුව හිටියේ”. ඒ අවාගේ අම්මාය.
“මම හිතුව පණ්ඩිතයො දෙන්න ලෑස්ති වෙනකොටම මොකක් හරි
අංජබජල් වැඩක් කරයි කියල”.. ඒ අවාගේ අක්කාය
අවත් , බණ්ඩත් කට වසාගෙන සිටියේය. මෝඩ කමට බෙහෙත්
නැත. කලින්ම කට වසාගෙන සිටියෙනම් මෙච්චර ඇගට අමාරු නැත. කතන්දරද නැත.
“දැන් මොකෝ කරන්නෙ”. ඒ චූටි
ඇන්ටීය. “බඩේ වත් තලමු”.
“තලමු තලමු”. අවත් නැගිට්ටේය.
වෙන්නට යන දේ ගැන තේරුමක් නැති බණ්ඩා ඔහේ බලාගෙන සිටියේය. කෝකටත් ගෙට දුවගොස් කැමරාවද උස්සාගෙන ආවේය.
අවා, චූටි ඇන්ටි සමග එකතුව පොල් ගසේ කදෙන් අතු
සහිත මුදුන් කොටස වෙන් කර ගත්තේය. ඉන්පසු පොල් අතු, මටලු අතරින් ගොබය වෙන් කර
ගත්තේය. එය හරියට අඩි 2ක් පමණ දිග කෙසෙල්
බඩයක් වාගේය. නමුත් එයට වඩා හයියය. චූටි ඇන්ටි එම කොටස ගෙන මැංගුස් ගසේ කද උඩින්
තබාගෙන සුද්ද කිරීමට පටන් ගත්තේය.
අවසානයේ කිරි සුදු පැහැගත් කොටසක් මතුවුනේය. මෙන්න මේකයි පොල් බඩේ. එය කිරි රසය. ගොක් අත්ත පටන් ගන්නේ මේ කොටසිනි. ගොක් අත්තේ මුල්ම කොටසද කෑමට පුලුවන. එය අපූරු කෑමකි .
වැඩිපුර
කෑමෙන් ශරීරකෘත්‍ය පහසුවේ. (බඩ බුරුල් කරයි).
තවත් වැඩිපුර කෑමෙන් බඩේ අමාරුව සැදීමටද ඉඩ ඇත.
දැන් දෙන්නට පල පුරුද්දත් තියෙන එකේ... පාරේ ඇවිදින්න තියෙන්නේ
ReplyDeleteගස්වල අතුකපනවා, තැඹිලි බානවා, ගෑනුන්ගෙ හැට්ටෙ ගලවනවා... හුටා නෑ නෑ හැට්ටෙ කට්ට ගහනවා
පොල් බඩ කාලා නෑ බං
අනිත් වැඩ කෙසේ වෙතත් හැට්ටෙ කට්ට නම් ගහතෑකි..
Deleteමමත් ඔය කෑවමයි...
අපරාදෙනෙ බන් මැංගුස් ගහ කැපුවෙ... මැංගුස් ගහක් ලොකු වෙන්න සෑහෙන කාලයක් යනවා... අපේ පැත්තෙ නම් කිසිම තැනක මැංගුස් ගහක් නෑ...
ReplyDeleteජපන්නුන්ගෙ ප්‍රියතම ආහාරයක් තමයි ඔය කියන අමු මාලු... ඒ විශේෂිත මාලු වර්ගයක් වගේම විශේෂිත සෝස් වර්ගයකුත් එක්ක...
ඒ වත්තෙ තව මැංගුස් ගස් ගොඩක් තියෙනව. ඒ නිසා අවුලක් නෑ..
Deleteඔය කියන විදිහටම කමයි කෑවේ. සෝසුත් තිබුනා.. ඒත් හරි ගියේ නෑනේ
මමත් හරි මනාපයි වඩේ බඳින කොට.
ReplyDeleteහේ හේ...අපිත් අකමැති නෑ...
Deleteපොල් බොඩ කනවා කියලා ඇහුවාමයි. මඩොල් දූව පොත නිසා කෙහෙල් බොඩ කනවා කියලා නම් දැනගෙන උන්නේ
ReplyDeleteඅපිවත් කොච්චරවත් බය කරනවා පොල්බොඩ කෑවාම සනීප කරන්න බැරි බඩේ කැක්කුමක් ඒවි කියලා. අපි නම් සැලෙයි ඔව්වට. හැබැයි රහ පෝස්ට් එක, පොල්බොඩ වගේම!
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අවාගේ ගෙදරට අපිත් සෙට් වෙන්නද බන්.
ReplyDelete