"ඕකට ඔය එක එකා ගෙන්නල හරියන්නෑ බොල. හත්තොට්ටුවේ කට්ටඩිරාල තමයි රුසියා." ගමරාළගේ අපුච්චා කිව්වා.
ආනේ ඉතිං ගමරාළත් තකහනියේ ගිහින් කට්ටඩිරාල මුණගැහිලා කාරනේ කිව්වා..
කට්ටඩිරාළත් හා හොදයි එහෙනම් කියල මං මෙදාට එන්නම්ය.. මේ කලමනා ලක ලෑස්ති කොරල තියන්නය කියල ගමරාළවට ලොකු බඩු ලැයිස්තුවක් දුන්නා.
ඔය ලැයිස්තුවේ ගොක්කොල, කෙහෙල් බඩ, දියගොඩ මස්, කපුරු, කට්ටකුමංජල් වගේ තොවිලෙට ඕන බඩු බාන්ඩ අස්සේ කිතුල් රා කළයකුත් තිබුනා. ඒක ඉතිං තට්ටඩි උන්නැහේගෙ බාවිතේටනේ. වෙන එවුන්ට වගේ මංඤොක්ක අලයක් තම්බල දීල මදිනෙ කියල හිතපු ගමරාළ පුංචප්පු කොලුවට බාර දුන්නා දඩමසක් හොයාන එන්ට.. පුංචප්පු කොලුවත් පැය ගානත් බැද්දෙ කරක් ගහල වැලි මුවෙක් එලාන ආව.. ගමරාළත් බොහොම සන්තෝස වෙලා වැලි මුවාව බාර දුන්න ගමමහගේගෙ අක්කන්ඩිට. ඒ උන්දලට ඉතින් දඩමස් හිගයි නෙව. වැලිමුවා දැක්ක ගමන් ගමමහගේගෙ අක්කන්ඩිට ඉවසුම් නැතුව ගියා. කට්ටඩිරාලයි තොවිලෙට උදවු පදව් කරන එව්වොයි සේරම එකතු උනාම ආයෙ ඉතිං දඩමස් ඉතුරු වෙනව බොරු. ඇරත් ජුන්ඩක් කාල ඇතෑ.. ගමමහගේගෙ අක්කන්ඩි වැලිමුවා උයන්නෙ නැතුව අරන් ගිහින් අටුවේ හැංගුවා.
ඔන්න ඉතිං කට්ටඩිරාළත් ඇවිත් තොවිලෙට ලක ලෑස්ති උනා. පෙරේත ගොටුද, අර ගොටුද මේ ගොටුද නානාප්‍රකාර ජාති ඔක්කොම හදල අහවර වෙලා තොවිලෙ පටන් ගන්න කලින් පොඩ්ඩක් මහන්සි නිවා ගන්න ඕනනේ. ගමරාළ කට්ටියව අටුවට එක්කොරගෙන ගියා. කිතුල් රා කළෙත් කට්ටඩි උන්නැහේගෙ ලගට කරල ගමරාළ, ගමමහගේගෙ අක්කන්ඩිට කිව්වා දඩමස් ටිකක් අරන් එන්න කියලා. ගමරාළට මෙතන තැක් ගැහි ගැහී ඉන්න විදිහක් නෑනේ. කොච්චර නම් දේවල් තියෙනවද හොයා බලන්න. කට්ටඩි උන්නැහේලට සලකන්න ගමමහගේගෙ අක්කන්ඩිට බාර දීල ගමරාළ ගියා ඒ වැඩ බලන්න. ගමමහගේගෙ අක්කන්ඩිත් ඉගි බිගි පාල මඤ්ඤොක්ක අලයක් තම්බල දීල දඩමස් හොද්ද යට ගැහුවා. ඒ උනාට කට්ටඩි රාළ දැක්ක අටුවෙ හංගල තිබ්බ වැලි මුවා. ගමරාළත් කලින්ම පාරම් බාල තිබුනනේ හොද දඩමසක් ලැහැස්ති කොරාය කියලා. කට්ටඩි උන්නැහේට තේරුනා මොකක් හරි යටිකූට්ටු වැඩක් වෙලාය කියලා. උන්නැහෙත් හා කමක් නෑ කියල කට වහගෙන හිටියා. ඔන්න ඉතිං තොවිලේ පටන් ගත්තා. කට්ටඩි රාළත් හිතේ කහටක් නැතුව යස අගේට වැඩේ කොලා. පස්සෙන්දා තොවිලේ හමාර වෙලා කට්ටඩිරාළයි ගෝලයෝ දෙන්නයි යන්නයි සූදානම. කඩුල්ල ගාවටම ගියපු කට්ටඩි රාළ ආපහු හැරිලා කයියක් කියනවා මෙන්න මෙහෙම.
ලතණ ලන්දේ ලතණ කාලා
මගට බැස්සද වැලිමුවේ
එළලු මූණට මැදපු දත් පොඩි
හොද රුවයි බන් වැලිමුවේ
රැයින් රැයකුත් දවල් දෙකකුත්
මන්ද අටුවේ වැලි මුවේ
මෙකී තුන්දෙන යන්ඩ යනවා
බිමට බැහැපන් වැලිමුවේ
ප: ලි
හිරුගේ පොඩි කාලෙන් මතක ටිකක් කියෙව්වට පස්සෙ මමත් අද උදේම පොත් රාක්කෙ ඇදගත්තා. එතන තිබුන පරණ සිව්දෙස සගරාවක පලවුනු ලිපියක් ආශ්‍රෙයන් තමයි මේක ලිව්වේ.
සිව්දෙස 1994 අප්‍රියෙල්
සිව්දෙසට ලිව්වේ:- පුංච් බණ්ඩාර ලාහුගල
පර්ෂද මූලස්ථ විදුහල
ලාහුගල
බොහොම රසවත් ලිපියක් කියවන්න අවස්ථාව ලබා දුන්නට ස්තුතියි.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
බොහොම ස්තුතියි ආවට..
Deleteජය..
අර පුංචප්පුවාව දඬුකඳෙ ගහල ඊට පස්සෙ පුකේ හම යනකල් කසෙන් තලල මිරිස් කුඩු එක්ක ලුනුකුඩු ගාන්න ඕනෑ අර වැලිමුවාව මැරුවාට.. ඔන්න මට හිතුන දේ..
ReplyDeleteහම්බෝ පුක...
Deleteහි හි.. ස්තුතියි මේ පැත්තෙ ආවට..
ජය..
සරත් අයියා ගිය ආත්මේ අලුගෝසුවෙක්ද මන්දා
Deleteහික්ස්... වෙන්ටැති.. හි හි..
Deleteස්තුතියි අටම් අයියටත් මේ අහ ආවට..
ජය..
අහල තිබුනේ නැති කතාවක් .
ReplyDeleteදැන් ඇහුවනේ...
Deleteස්තුතියි ආවට
ජය..
හ්ම්. නියම කයි කතන්දරයක්. බොහොම ස්තුතියි බෙදාගත්තට.
ReplyDeleteහේ හේ.. මේ පැත්තෙ ආවටත් බොහොම ස්තුතියි...
Deleteජය..
කට්ටඩියෝ තොවිල් කරන්නේ මස් මාළු වලින් වැළකිලා කියලයි මම හිතන් හිටියේ.
ReplyDeleteබොන එකනං කරනවනේ.. මස් මාලු වලින් වැලකෙනවද කියල නම් මම දන්නෙ නෑ..
Deleteමේ පැත්තෙ ආවට බොහොම ස්තුතියි..
ජය..
කථාව නම් ලස්සනයි... ගැමි සුවද වෑහෙනවා... සරත් අයියා වගේ මමත් දඩයම් කරන පුද්ගලයන්ට ප්‍රිය නෑ...
ReplyDeleteසත්තව හිංසාවට මමත් විරුද්ධයි..
Deleteබොහොම ස්තුතියි මේ පැත්තට ආවට..
ජය
පංකාදු පහයි.අපේ ජනකවි බොහොමයක තියෙන ලක්ෂණයක් තමයි කවියට හේතු පාදක වෙච්ච කතාවකුත් තිබීම. හරිම අපූරුයි. මෙවනි දේ අතර්ජාලයට වැඩි වැඩියෙන් එක්කිරීම හරිම වටිනවා,
ReplyDeleteමේ වගේ කතන්දර බොහොමයක් සිව්දෙස සගරාවේ තියෙනවා.. තවත් එක්කාසු කරගන්න පුලුවන් වේවි..
Deleteබොහොම ස්තුතියි..
ජය..
නියමයි....
ReplyDeleteස්තුතියි...
Deleteජය..
හොද ලිපියක්.. ජය ඔබට!
ReplyDeleteබොහොම ස්තුතියි..
Deleteජය..
අක්කලට ඔය වැඩ භාරදුන්නොත් අහන්න දෙයක් තියෙනවයෑ.
ReplyDeleteඕක තමයි රිසල්ට් එක.
කට්ටඩිය පෙරේතයෙක් නොවෙයි.
හේ හේ....
Deleteඅක්කලට බාර දුන්නොත් ඉවරම තමයි.
ආවට බොහොම ස්තුතියි.
ජය..
රසවත් කතන්දරයක්.අහල තිබ්බෙත් නැ.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ආවට බොහොම ස්තුතියි..
Deleteජය..
අපූරු සිව්පදේ..!
ReplyDeleteවැලිමුවා දුර්ලභ සතෙක්,වඳවීගෙන යන.
ඔව් මමත් ඒක අහල තියෙනවා..
Deleteස්තුතියි මේ පැත්තට ආවට..
ජය..
ඔන්න මාත් ආවා බණ්ඩා බලලා යන්ට... හි හි
ReplyDeleteබොහොම ස්තුතියි ආවට..
Deleteජය..
වැලි මීයා දන්නවා වුනාට වැලි මුවා දැක්කෙ අදමයි. :D ඔන්න මම බණ්ඩව මගෙ බ්ලොග් රෝල් දෙකේම එල්ලුවා. ආයෙ මිස් වෙන්නෙ නෑ.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හේ හේ...
Deleteබොහොම ස්තුතියි..
ජය..
රසවත් කතාවක්. මං හිතුවේ කට්ටඩියා මොකක් හරි ක්‍රමයකින් වැලිමුවා අන්තරස්දාන කළා වත් ද කියල.
ReplyDeleteකට්ටඩියා හොද එකා..
Deleteස්තුතියි ආවට..
ජය..
ඔන්න බණ්ඩා හොයාගත්තා වැලිමුවා පිහිටෙන්...
ReplyDeleteඅන්න දැක්කද ගෑනුංගෙ හැටි.. ඔහොම්මමයි.. කරෝල කෑල්ලක් ගෙනාවත් හංගනවා
ReplyDeleteඅදමයි මේ පැත්තට ආවේ.. නියමයි ආ..
ගම ගැන අපූරැ විස්තරයකුත් දිග හැරෙනවා බොහොම රසවත්ව..
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
දඩ මස්......
ReplyDeleteලාහුගල පුංචි බංඩාර කියන්නේ මගේ බාප්පා
ReplyDelete