ගෙපැලේ මිත්තරයෝ

බිමට බැහැපන් වැලිමුවේ.


ගම හාමිනේට යක්ෂ දිස්ටියක් හැදුනා.. කොච්චර  ගුරුකම් කරත් සුවයක් නෑ.. 
"ඕකට ඔය එක එකා ගෙන්නල හරියන්නෑ බොල. හත්තොට්ටුවේ කට්ටඩිරාල තමයි රුසියා." ගමරාළගේ අපුච්චා කිව්වා.
ආනේ ඉතිං ගමරාළත් තකහනියේ ගිහින් කට්ටඩිරාල මුණගැහිලා කාරනේ කිව්වා..
කට්ටඩිරාළත් හා හොදයි එහෙනම් කියල මං මෙදාට එන්නම්ය.. මේ කලමනා ලක ලෑස්ති කොරල තියන්නය කියල ගමරාළවට ලොකු බඩු ලැයිස්තුවක් දුන්නා.

          ඔය ලැයිස්තුවේ ගොක්කොල, කෙහෙල් බඩ, දියගොඩ මස්, කපුරු, කට්ටකුමංජල් වගේ තොවිලෙට ඕන බඩු බාන්ඩ අස්සේ  කිතුල් රා කළයකුත් තිබුනා. ඒක ඉතිං තට්ටඩි උන්නැහේගෙ බාවිතේටනේ. වෙන එවුන්ට වගේ මංඤොක්ක අලයක් තම්බල දීල මදිනෙ කියල හිතපු ගමරාළ පුංචප්පු කොලුවට බාර දුන්නා දඩමසක් හොයාන එන්ට.. පුංචප්පු කොලුවත් පැය ගානත් බැද්දෙ කරක් ගහල වැලි මුවෙක් එලාන ආව.. ගමරාළත් බොහොම සන්තෝස වෙලා වැලි මුවාව බාර දුන්න ගමමහගේගෙ අක්කන්ඩිට. ඒ උන්දලට ඉතින් දඩමස් හිගයි නෙව. වැලිමුවා දැක්ක ගමන් ගමමහගේගෙ අක්කන්ඩිට ඉවසුම් නැතුව ගියා. කට්ටඩිරාලයි තොවිලෙට උදවු පදව් කරන එව්වොයි සේරම එකතු උනාම ආයෙ ඉතිං දඩමස් ඉතුරු වෙනව බොරු. ඇරත් ජුන්ඩක් කාල ඇතෑ.. ගමමහගේගෙ අක්කන්ඩි වැලිමුවා උයන්නෙ නැතුව අරන් ගිහින් අටුවේ හැංගුවා.  

           ඔන්න ඉතිං කට්ටඩිරාළත් ඇවිත් තොවිලෙට ලක ලෑස්ති උනා. පෙරේත ගොටුද, අර ගොටුද මේ ගොටුද නානාප්‍රකාර ජාති ඔක්කොම හදල අහවර වෙලා තොවිලෙ පටන් ගන්න කලින් පොඩ්ඩක් මහන්සි නිවා ගන්න ඕනනේ. ගමරාළ කට්ටියව අටුවට එක්කොරගෙන ගියා. කිතුල් රා කළෙත් කට්ටඩි උන්නැහේගෙ ලගට කරල ගමරාළ, ගමමහගේගෙ අක්කන්ඩිට කිව්වා දඩමස් ටිකක් අරන් එන්න කියලා.  ගමරාළට මෙතන තැක් ගැහි ගැහී ඉන්න විදිහක් නෑනේ. කොච්චර නම් දේවල් තියෙනවද හොයා බලන්න. කට්ටඩි උන්නැහේලට සලකන්න ගමමහගේගෙ අක්කන්ඩිට බාර දීල ගමරාළ ගියා ඒ වැඩ බලන්න. ගමමහගේගෙ අක්කන්ඩිත් ඉගි බිගි පාල මඤ්ඤොක්ක අලයක් තම්බල දීල දඩමස් හොද්ද යට ගැහුවා.  ඒ උනාට කට්ටඩි රාළ දැක්ක අටුවෙ හංගල තිබ්බ වැලි මුවා. ගමරාළත් කලින්ම පාරම් බාල තිබුනනේ හොද දඩමසක් ලැහැස්ති කොරාය කියලා. කට්ටඩි  උන්නැහේට තේරුනා මොකක් හරි යටිකූට්ටු වැඩක් වෙලාය කියලා.  උන්නැහෙත් හා කමක් නෑ කියල කට වහගෙන හිටියා. ඔන්න ඉතිං තොවිලේ පටන් ගත්තා. කට්ටඩි රාළත් හිතේ කහටක් නැතුව යස අගේට වැඩේ කොලා. පස්සෙන්දා තොවිලේ හමාර වෙලා කට්ටඩිරාළයි ගෝලයෝ දෙන්නයි යන්නයි සූදානම. කඩුල්ල ගාවටම ගියපු කට්ටඩි රාළ ආපහු හැරිලා කයියක් කියනවා මෙන්න මෙහෙම.

                  ලතණ ලන්දේ ලතණ කාලා   
                                         මගට බැස්සද වැලිමුවේ
                  එළලු මූණට මැදපු දත් පොඩි 
                                        හොද රුවයි බන් වැලිමුවේ
                  රැයින් රැයකුත්  දවල් දෙකකුත්  
                                       මන්ද අටුවේ වැලි මුවේ 
                  මෙකී තුන්දෙන යන්ඩ යනවා 
                                      බිමට බැහැපන් වැලිමුවේ

ප: ලි

හිරුගේ පොඩි කාලෙන් මතක ටිකක් කියෙව්වට පස්සෙ මමත් අද උදේම පොත් රාක්කෙ ඇදගත්තා. එතන තිබුන පරණ සිව්දෙස සගරාවක පලවුනු ලිපියක් ආශ්‍රෙයන් තමයි මේක ලිව්වේ.

සිව්දෙස 1994 අප්‍රියෙල් 

සිව්දෙසට  ලිව්වේ:-   පුංච් බණ්ඩාර ලාහුගල
                                පර්ෂද මූලස්ථ විදුහල
                                ලාහුගල
 

37 comments:

  1. බොහොම රසවත් ලිපියක් කියවන්න අවස්ථාව ලබා දුන්නට ස්තුතියි.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආවට..

      ජය..

      Delete
  2. අර පුංචප්පුවාව දඬුක‍ඳෙ ගහල ඊට පස්සෙ පුකේ හම යනකල් කසෙන් තලල මිරිස් කුඩු එක්ක ලුනුකුඩු ගාන්න ඕනෑ අර වැලිමුවාව මැරුවාට.. ඔන්න මට හිතුන දේ..

    ReplyDelete
    Replies
    1. හම්බෝ පුක...

      හි හි.. ස්තුතියි මේ පැත්තෙ ආවට..

      ජය..

      Delete
    2. සරත් අයියා ගිය ආත්මේ අලුගෝසුවෙක්ද මන්දා

      Delete
    3. හික්ස්... වෙන්ටැති.. හි හි..

      ස්තුතියි අටම් අයියටත් මේ අහ ආවට..

      ජය..

      Delete
  3. අහල තිබුනේ නැති කතාවක් .

    ReplyDelete
    Replies
    1. දැන් ඇහුවනේ...
      ස්තුතියි ආවට
      ජය..

      Delete
  4. හ්ම්. නියම කයි කතන්දරයක්. බොහොම ස්තුතියි බෙදාගත්තට.

    ReplyDelete
    Replies
    1. හේ හේ.. මේ පැත්තෙ ආවටත් බොහොම ස්තුතියි...

      ජය..

      Delete
  5. කට්ටඩියෝ තොවිල් කරන්නේ මස් මාළු වලින් වැළකිලා කියලයි මම හිතන් හිටියේ.

    ReplyDelete
    Replies
    1. බොන එකනං කරනවනේ.. මස් මාලු වලින් වැලකෙනවද කියල නම් මම දන්නෙ නෑ..
      මේ පැත්තෙ ආවට බොහොම ස්තුතියි..

      ජය..

      Delete
  6. කථාව නම් ලස්සනයි... ගැමි සුවද වෑහෙනවා... සරත් අයියා වගේ මමත් දඩයම් කරන පුද්ගලයන්ට ප්‍රිය නෑ...

    ReplyDelete
    Replies
    1. සත්තව හිංසාවට මමත් විරුද්ධයි..
      බොහොම ස්තුතියි මේ පැත්තට ආවට..

      ජය

      Delete
  7. පංකාදු පහයි.අපේ ජනකවි බොහොමයක තියෙන ලක්ෂණයක් තමයි කවියට හේතු පාදක වෙච්ච කතාවකුත් තිබීම. හරිම අපූරුයි. මෙවනි දේ අතර්ජාලයට වැඩි වැඩියෙන් එක්කිරීම හරිම වටිනවා,

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතන්දර බොහොමයක් සිව්දෙස සගරාවේ තියෙනවා.. තවත් එක්කාසු කරගන්න පුලුවන් වේවි..
      බොහොම ස්තුතියි..

      ජය..

      Delete
  8. හොද ලිපියක්.. ජය ඔබට!

    ReplyDelete
  9. අක්කලට ඔය වැඩ භාරදුන්නොත් අහන්න දෙයක් තියෙනවයෑ.
    ඕක තමයි රිසල්ට් එක.
    කට්ටඩිය පෙරේතයෙක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. හේ හේ....
      අක්කලට බාර දුන්නොත් ඉවරම තමයි.

      ආවට බොහොම ස්තුතියි.
      ජය..

      Delete
  10. රසවත් කතන්දරයක්.අහල තිබ්බෙත් නැ.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ආවට බොහොම ස්තුතියි..

      ජය..

      Delete
  11. අපූරු සිව්පදේ..!

    වැලිමුවා දුර්ලභ සතෙක්,වඳවීගෙන යන.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් ඒක අහල තියෙනවා..

      ස්තුතියි මේ පැත්තට ආවට..
      ජය..

      Delete
  12. ඔන්න මාත් ආවා බණ්ඩා බලලා යන්ට... හි හි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආවට..

      ජය..

      Delete
  13. වැලි මීයා දන්නවා වුනාට වැලි මුවා දැක්කෙ අදමයි. :D ඔන්න මම බණ්ඩව මගෙ බ්ලොග් රෝල් දෙකේම එල්ලුවා. ආයෙ මිස් වෙන්නෙ නෑ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හේ හේ...
      බොහොම ස්තුතියි..

      ජය..

      Delete
  14. රසවත් කතාවක්. මං හිතුවේ කට්ටඩියා මොකක් හරි ක්‍රමයකින් වැලිමුවා අන්තරස්දාන කළා වත් ද කියල.

    ReplyDelete
    Replies
    1. කට්ටඩියා හොද එකා..

      ස්තුතියි ආවට..
      ජය..

      Delete
  15. ඔන්න බණ්ඩා හොයාගත්තා වැලිමුවා පිහිටෙන්...

    ReplyDelete
  16. අන්න දැක්කද ගෑනුංගෙ හැටි.. ඔහොම්මමයි.. කරෝල කෑල්ලක් ගෙනාවත් හංගනවා
    අදමයි මේ පැත්තට ආවේ.. නියමයි ආ..

    ReplyDelete
  17. ගම ගැන අපූරැ විස්තරයකුත් දිග හැරෙනවා බොහොම රසවත්ව..


    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  18. ලාහුගල පුංචි බංඩාර කියන්නේ මගේ බාප්පා

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.