ගෙපැලේ මිත්තරයෝ

දෙන්නෙ නෑ කොහොමවත් දෙන්නෙ නෑ මියදෙන්න.



හදිසි අනතුරු වාට්ටුවේ -  දැඩි සත්කාර ඒකකයේ..
අතිශයින් අසාධ්‍යව - ලෙඩ ඇදේ වැතිර ඇත..

අමරණියයි සිතු අපේ පෙම් ජීවිතය 

නොදැන රෝ නිධානය -  මම කුමක්  කරන්නද.
නෑ ඇගෙන් පිළිතුරක් - දන්නෙ නෑ මා කිසිත්

කලක සිට සැගව ඉද ඔඩු දිවූ රෝගයක් -  වැදිලාද හදවතට විස පෙවූ හීයක්.
දැන හෝ නොදැන හෝ මා අතින් වූ දෙයක් - මට හිතා ගන්න බැරි මොනයම්ම හේතුවක්.  

දන්නෙ නෑ කිසි දෙයක් - ගොලුවෙලා ඇය තවත්

දෙන්නෙ නෑ කොහොමවත් දෙන්නෙ නෑ මියදෙන්න. 

කෙසේ හෝ වෙර දරා පිඹිමි ජීවන හුස්ම 

මියදෙන්න වෙර දරණ ඇගේ පෙම් හදවතට..



24 comments:

  1. ම්ම්ම්.... මේ නිකම් හිතලා ලිව්ව එකක්ද නැත්තම්......

    //නොදැන රෝ නිධානය - මම කුමක් කරන්නද.
    නෑ ඇගෙන් පිළිතුරක් - දන්නෙ නෑ මා කිසිත්//

    එහෙම නම් .. රෝගය බරපතල නම් රෝග නිධානය හොයා ගන්න උත්සාහ කරන්න, බේත් කරන්න කලින්... එහෙම නැත්තම් බේත් විස වෙන්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. යාලුවෙකුගේ දුක් ගැනවිල්ලක් අහං ඉදලා හිතිච්ච දෙයක්..
      කිසිම රෝග ලක්ෂණයක් නෑ. එක පාරටම දැන් කැමති නෑ කියලා. මොනවා වෙලාද දෙයියො තමයි දන්නෙ..

      Delete
    2. මම ඔයා ගැන හිතලා කිව්වේ... එයා යාලුවා එක්ක කතා කරන්නත් අකමැති නම් හොඳම දේ එයාගේ යාලුවෙක් අල්ලගෙන අහලා බලන එක... එකපාරට අකමැති වෙන්න හේතු කීපයක් තියෙනවා නේ... එක්කො ගෙදරින් බරපතල ලෙඩක් දාලා.. නැත්තම් මෙයා ගැන මොකක් හරි ඕපයක් කෙල්ලගේ කනට ගිහින්.. මෙයා වෙන වෙලාවක හිතන්නේ නැතුව කියපු දෙයක් අල්ලගෙන වෙන්නත් පුළුවන්... එහෙමත් නැත්තම් කෙල්ල වෙන මොකක් හරි ලොකු ප්‍රශ්නෙක පැටලිලා වෙන්නත් පුළුවන්.. කාටවත් කියන්න බැරි දෙයක් වගේ... අන්තිමටම තමයි ඉතිං වෙන කොල්ලෙක් ගැන අවුලක් තියෙනවද කියලා හිතන්න වෙන්‌ෙන්.. හැබැයි ඒක අන්තිමටම තියාගන්න එක හොඳයි...

      මගේ අත්දැකීම නම් හිටපු ගමන් ඔහොම කතා කරන්නෙත් නැතුව ඉන්න එකට ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ කොල්ලා හිතන්නේ බලන්නේ නැතුව කරපු මොකක් හරි මෝඩ වැඩක් හින්දා කියලා වැඩි පුරම...

      Delete
    3. අපි ඔය හැම විදිහටම බැලුවා. සම්බන්ධය ගැන ගෙවල් වලිනුත් දන්නවා එයාලා කැමතියි. යාලුවෝ මුකුත් දන්නෙත් නෑ.යාලුවෝ දන්නෙත් අපි කිව්වහම. කෙල්ල කියන එකම දේ දැන් මම ඔයාට කැමති නෑ කියන එක විතරයි. අකමැත්තට හේතුවක් නෑ. මේ සම්බන්ධයට දැන් සෑහෙන කලක් වෙනවා. දැන් ටික දවසකට කලින් තමයි සිද්ධිය උනේ. එකපාරටම කැමති නෑ කියලා.

      Delete
    4. ගෙවල් වලිනුත් දන්න කේස් එකක් නම් එයා එහෙම කියන්න ලොකු හේතුවක් තියෙන්න ඕනේ... හැබැයි ඉතිං බල කරලා අහන්න පුළුවන් කමක් තියෙනවා නම් එහෙම කළාට කමක් නෑ.. හේතුවක් නැතුව අයින් වෙන්න හදන්නේ කියන්න බැරි අවුලක් හින්දා වෙන්න පුළුවන්.. බල කරලා ඇහුවොත් කියන්නත් ඉඩ තියෙනවා...

      හැබයි ඉතිං එහෙම නම් ඔයාගේ යාලුවට වැඩිය අවුල් වෙන්නේ නැතුව ටික දවසක් සද්ද නැතුව අයින් වෙලා ඉන්න පුළුවන් නම් සමහර විට එයාම ඇවිත් හේතුව කියන්නත් ඉඩ තියෙනවා...

      එ‌ෙහමත් බැරි නම් ඉතිං හොඳම දේ අතෑරලා දාන එක තමයි.. එයා එච්චර තද තීරණයක් ගත්තනං එයාම ඒ ප්‍රශ්න විසඳගත්තාවේ කියලා...

      Delete
    5. මමත් කිව්වේ ඕකම තමයි.. කාලයට ඉඩ දීල බලාගෙන ඉමු කියලා..

      Delete
    6. හ්ම්ම්....මේ වගේම සිද්දියක් මගේ යාලුවෙක්ටත් වෙලා. ඒකටත් තාම හරි උත්තරයක් නෑ. එකේ නම් කොල්ලා තමා ඈත් වෙන්න හදන්නේ. ගෙවල් වලිනුත් දන්නවා.මගේ යාළුවා හොදටම අප්සට් ගහලා ඉන්නේ. අනේ මන්දා..... මිනිස්සුන්ට හිටපු ගමන් මොනා වෙනවද කියලා..... :(

      Delete
    7. දෙවියෝ දනී අපි නොදනී..
      ආදරය කරද්දී හැම දේම කතා කරන්න පුලුවන්නම්, ඇයි වෙන් වෙන්න හේතුවක් කියන්න බැරි.

      Delete
  2. මො‍නව කියන්නද මංදා... නිකං ටයිටනික් දෙබස් වගේ..
    සීරියස් සීන් එකක් නම්.. ඇත්තටම මාත් දුක් වෙනවා..

    ReplyDelete
    Replies
    1. තාමත් උත්තර හොයන ඇත්තම ඇත්ත සිද්ධියක්..

      Delete
  3. මොනව කියන්නද නිධාන කතාව අපි දන්නේ නැනේ. ඒ ටිකකුත් දැම්මනම් තමා වටින්නේ.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ විසිතරය හිරුගෙ කෙමෙන්ට් එකත් ඒකට දුන්න උත්තරත් ඇතුලේ තියෙනවා.. ඊට වඩා දෙයක් මම දන්නෙත් නෑ. මේ මගේ අත්දැකීමක් නෙමෙයි. මගේ යාලුවෙකුගේ අත්දැකීමක්..

      Delete
  4. දුක් සීන් එකක්.. හේතුවක් කියන්නෙත් නැත්නම් මොකක් කරන්නද.. කාලයට ඉඩ දෙන එක තමා තියන්නේ.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ප්‍රශ්න වලට හොදම විසදුම කාලය කියනවනේ..

      Delete
  5. මාත් පතනවා කල් යන්නේ නැතිව ඕක සුව වේවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. මගේ යාලුවා පිටින් නෙපෙන්නුවට ඇතුලින් ලොකු දුකක් විදිනවා...
      මමත් හිතනවා ඉක්මනට හොදවෙයි කියලා..

      Delete
  6. යන්නම ඕනෙ නම් යන්න කියාපන්. ඇයි බලෙන් නවතාගන්නේ.? ඒ බලකිරීමට පුළුවන් අනුකම්පාව ලබාදෙන්න විතරයි. ආදරය කොයිබින්ද අනුකම්පාව ඇතුළේ ...?

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒත් ඇත්තටම ආදරේ කරපු කෙනෙකුට එහෙම දුරස් වෙන්න දෙන්න පුලුවන්ද??
      තියරිය හරි උනත් ප්රායෝගිකව කරන්න ගොඩාක් අමාරු දෙයක්.

      Delete
  7. කෙල්ලට කාර් එකක් එහෙම තියෙන උස අත්තක් සැට් වෙලා ඇති බන්... යන්න ඕනෙ නම් යන්න දෙන එක තමයි මගේ න්‍යාය....අපිට කාවවත් බලෙන් තියා ගන්න බෑනෙ...එහෙම කලත් එහි කිසිම තේරුමක් නෑ... ආයෙත් දවසක යනවා...

    ReplyDelete
  8. අනේ මන්දා බන් මොනවා වෙලාද කියලා..

    ReplyDelete
  9. ඇති වෙන සැම දෙයම
    නැති වීම නියතයක්...

    මගේ බුදු පියාණන්
    දෙසු සදහම එයයි ..

    ඉතින් ඇයි ලතවිම..
    දුක්විම.. මේ ලෙසින්

    ඉඩ දෙන්න.. මිය යන්න..
    ඇගේ පෙම් හදවතට.

    ReplyDelete
  10. වහාම ඔක්සිජන් දියයුතු තත්වයක් නේද? ගොඩ දාගන්න හැකිවේවායි පතමි.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  11. දුක හිතෙන සිදුවීමක් නම් තමයි. ඒ උනත් මේ සටහන නම් හරිම නිර්මාණශීලීයි..
    ඉක්මනට රෝග නිධානය හොයාගෙන අසනීපය සනීප කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  12. අනේ මන්දා ඉතිං ..එන දේකට මුහුණ දෙන්න දැන්මම හිත හදාගන්න කියන්න යාලුවට ..කාලය හැමදේම විසඳාවි !

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.