ගෙපැලේ මිත්තරයෝ

නකල්ස් කදු වැටිය- වෙඩි ලුණු ගුහාව (nitro cave) පා ගමන- දෙවන දිනය.

            සැපට නින්ද ගියේය. පුදුමයකට මෙන් වෙඩිලුණු ගුහාව අසලට එනවිට දැනුන වවුල් ගද ඉන්පසු දැනුනේම නැත. අප සිතුවේ ගන්දස්කාරයේ නහය බැදගෙන නිදා ගැනීමට සිදු වනු ඇතැයි කියාය. නමුත් ගදක් පිලිබද වගක් වත් නොමැතිව නිදා ගැනීමට අපට හැකි වූයේය. උදෑසන අවදි වන විට 6 පමණ වන්නට ඇත.

 කූඩාරම ගලවාගෙන බඩු බාහිරාදිය සියල්ල බෑග් වලට දමා සූදානම් වූනෙමු.  කට සේදීමටවත් වතුර බිදක් නොමැත. ජලය ලබා ගැනීමට නම් ඊයේ හමුවූ දියපහර තෙක් පල්ලම් බැසිය යුතුය. ඉතින් ජලය සෙවීම පසුවට කල් දමා අපි වෙඩිලුණු ගුහාවට රිංගුවෙමු.

 දනක් උසට වවුල් බෙටි ගොඩේ එරෙමින් ගුහාව ඇතුලට ගියෙමු. සෙරෙප්පු දමාගෙන යා නොහැකිය. ඒ වෙලාවේ නම් පිලිකුලක් දැනුනේ නැත. සෙරෙප්පු ගලවාගෙන ඇතුලටම රිංගුවෙමු. ගුහාව ඇතුලේ කදුලු ගෑස් ගැසුවා වැනිය. හුස්ම ගැනීමේ අපහසුවක් සමග තරමක ඇස් දැවිල්ලක්ද සෑදුනේය. ඒ නිසා ගුහාවේ ඇතුලටම යාම අපහසු කාර්යයකි. ගුහාව අතුලත පිරික්සීමෙන් පසු අපි ගුහාව වටේ කන්ද උඩට යාමට උත්සාහ කලෙමු. ටික දුරක් යද්දී හමුවුනේ දෙබර වදයකි. එය කුඩා පැල ගසක අතපොවන මානයේ සාදා තිබුනේය. ඉන්දු ඒ අසලටම ගියේ ජායාරූපයක් ගැනීමටය. අපි කෝකටත් තරමක් ඈතට වී බලා සිටියෙමු. 

 හිමින් සීරුවේ දෙබරයට ලංවූ ඉන්දු දුවන නොදුවන ගානට අපවෙත ආවේය.

"දෙන්නෙක් එලියට ඇවිත් බැලුව බන්".

              ඇයි උන් ආවේ යැයි සොයා බැලීමට අපට උවමනාවක් තිබුනේ නැත. ඉන්දු ආවාට වඩා දෙගුණයක වේගයෙන් අපි ගුහාව ලගය.  බෑග් කරගසා ගත් අපි දියපහර දක්වා පල්ලම් බැසීමට පටන් ගත්තෙමු. වනය අතිශයින් සුන්දරය. විවිධාකාරයේ ගස් වැල් මල් වලින් පොහොසත්ය. සුළගට සෙලවන ගස් වලින් පිනි බිදු ඇද වැටුනේ කුඩා වැස්සක්  පරිද්දෙනි. වරින් වර පිණි බිදු වලින් තෙමීම සිතට ඇතිකලේ අමුතුම චමත්කාරජනක හැගීමක්ය.

        දියපහර අසලට පැමිණි අප පිරිසිදු වී උදෑසන ආහාරය ගත්තෙමු. ඒ සමපෝෂ, කෙසෙල්ගෙඩි, චොකලට් සමග චොකලට් බීමය.



       අද දවසේ අපගේ ඉලක්කය ලකේ ගල කදු මුදුනය. ඒ සදහා මීමුරේ ගම්මානයට යා යුතුය.  කුඹුක්ගොල්ල ගම්මානයේ සිට මීමුරේ  යාම සදහා කෙටි පාරක් ගම්වැසියකු විසින් අපට පෙන්වා දුන්නේය. එය වනය මැදින් වැටුන අඩි පාරක්ය. පැයක් පමණ ඒ මාර්ගයේ ගමන් කළ අපිට මුණ ගැසුනේ තවත් සොදුරු ගංගාවකි. තටාකයක් ආකාරයට සකස් වී තිබුනු එය දුටු වනම කාටත් නැවත නෑමේ අවශ්‍යතාවක් ඇතිවුනේය.


         එම ගංගාව තරණය කර ගංගාවේ ශබ්දය ඇසෙන නමුත් ගංගාව නොපෙනෙන මානයෙන් වැටී තිබුන අඩි පාර දිගේ ටික දුරක් ඉදිරියට ගමන් කලෙමු. ඒ අඩි පාර ගමන් කලේ තරමක  U හැඩයකටය. වැඩිදුරක් යාමට පෙර අපට තවත් ගංගාවක් හමුවුනේය.

"මදැයි.. අපි ආපහු කැරකිලා අර ගග ගාවටමද ආවේ"..

"නෑ හොදට බලපන් මේක ගලන්නේ අනිත් පැත්තට"..

         අප මුලින් තරණය කල ගංගාව ගලන දිශාවට විරුද්ධ දිශාවට ගලන තවත් ගංගාවකි. එම  ගංගාවන් දෙක  එකක්ව ගලා යන්නේය. යනුවෙන් අපි උපකල්පනය කලෙමු. නමුත් ඒ උපකල්පනය නිවැරදිදැයි දැනගැනීමට ඒ වෙලාවේ එතරම්ම උවමනාවක් තිබුනේ නැත. උවමනාව එන විට ආපසු හැරී යාමට තරම් දුර වැඩිය.
දෙවන ගංගාවෙන් පසු මිනිස් වාසය තරමක් දක්නට ලැබුනේය. නැවතත් 4WD වාහන ගමන් කල හැකි මාර්ගයකට වැටුනේය.  මීමුරේ ගම්මානය අසලට එනවිට පාර කොන්ක්‍රීට් දමා සකස්කර තිබුනේය. මීමුරේ යනු ඉතා කුඩා ගම්මානයක්ය. 90 දශකයේ පමණ ලංකාවේ දුශ්කරම ගම්මානය ලෙසද නම් කර තිබුනේය. දැන් නම් ඒ තත්වය නැත ගමට එන්නට පාරක් සෑදීමෙන් පසු සියල්ල ඉක්මනින් දියුණු වී තිබේ.

    මීමුරේ ගම්මානයට ලංවද්දී අපගේ සියලු බලාපොරොත්තු කඩ කරමින් වර්ෂාවක් පටන් ගත්තේය. වැස්සේ ලකේ ගල නැගීමට නොහැක. ලකේ ගල නැගීමට නම් යහපත් කාලගුණයක් අත්‍යාවශයය. ඒ එය දළ බෑවුමක් සහිත නිසාත්, වැස්සත් සමග අධිකව ලිස්සන සුලු වීමත් නිසාය.

 ඉහත ඡායාරූප අසුරයාෙග් බුකිෙයන් ෙෙසාරකම් ෙෙකරුෙවමි.  
      ලකේ ගල නැගීමේ අදහස අත්හැර දැමූ අපි මීමුරේ සිට නාරංගමුව දක්වා යාමට තීරණය කලෙමු. මීමුරේ හා නාරංගමුව ගම්මාන යාව ඇත්තේ වනය මැදින් වැටුනු  අඩි පාරකින්ය. එය සැතපුම් අටක පමණ ගමනක්ය. අපි වැස්සේම ගමන ආරම්භ කලෙමු. ගම්මානය පසු කල වහාම අපට හමු වූයේ ගන වනයයි. ස්භාවයෙන්ම අදුරු වනය වැස්ස නිසා තවත් අදුරු වී තිබුනේය. අඩිය තබන තබන වාරයක් පාසා අප පිලිගැනීමට මෙන් බලා සිටියේ කූඩැල්ලන්ය. එක් කූඩැල්ලකු ගලවන්නට නවතින විට තවත් දහයක් පමණ එල්ලෙන්නේය.  එම නිසාදෝ වනය මැදින් ගමන ආරම්භ කර සුලු වේලාවකින්ම අප සියලු දෙනාගේම පාදයන්හි තැන් තැන් වල ලේ බිදු ගලා යන්නට වූයේය.  අපට හොරා පෙනෙන මානයෙන් ඉහලට නැගගත් කූඩැල්ලෝද හිග නොවීය.
වැස්සට තෙමීම නිසා අපගේ ගමන් මලු තිබුනා මෙන් දෙගුණයක බර පෙන්වන්නට වූයේය. වෙහෙස නිවා ගන්නට සුලු මොහොතක් හෝ නැවතුන විට මහන්සියට වඩා තදින් සීතල දැනෙන්නටද විය. අප සිදුවූයේ සෙමින් සෙමින් නතරවීමකින් තොරව දිගටම ගමන් කිරීමටය. තැනිතලා පෙදෙස්වල හා පල්ලම් සහිත පෙදෙස් වල නම් එය එතරම් අපහසු වූයේ නැත. නමුත් දළ බෑවුම් දිගේ ඉහලට නගින විට නම් එය ඉතාමත් අසීරු කාර්යයකි.

    කූඩැල්ලන්ට අමතරව අපට වැඩියෙන්ම හමුවූයේ කක්කුට්ටන්ය. අප යන මාර්ගයේ සිටි කක්කුට්ටෝ අපගේ අඩි ශබ්දයට මුල් අස්සට හෝ ගල් අස්සට රිංගා ගත්තේය.  සෑහෙන දුරක් ගමන් කළ පසු ඉදිරියෙන්ම ගමන් කල බාසු විසින් අඩි පාරේ මැද්දටම වාගේ සිටි ගෝනුස්සසෙක් පෙන්නුවේය. තද කොල පැහැයෙන් යුතු වූ ගෝනුස්සා අපගේ අල්ලකට වඩා විශාල වූයේය. අපි වටවී ගෝනුස්සා නිරීක්ෂණය කලෙමු. අපහු කවදා දකින්නද?? ඡායාරූපයක් ගැනීමට අවශ්‍යතාවක් තිබුනද මහ වැස්සේ කැමරාවන් එලියට ඇදිමට හැකියාවන් තිබුනේ නැත.


      ගෝනුස්සා නරඹා වැඩි දුරක් යාමට ලැබුනේ නැත. දෙවන ගෝනුස්සා පාර මැදට වී සිටියේය. පළමුවැන්නා හොදින් නීරීක්ෂණය කල නිසා දෙවැන්නා ගැන අපි එතරම් සැලකිල්ලක් නොදැක්වූවෙමු. නමුත් තවත් අඩි කිහිපයකට එහායින් තුන්වැන්නාත් දුටු විට ගෝනුස්සන් ගැන කෙසේ වෙතත් දැඩි මාර්ගය ගැන අවධානයකින් ගමන් කිරීමට පටන් ගත්තෙමු. ඒ නිසාමදෝ කිලෝමීටරයකට අඩු දුරකදී ගෝනුස්සන් දස දෙනෙකු හෝ වැඩි ප්‍රමාණයක් දැකගැනීමට අවස්ථාව ලැබුනේය. ගෝනුස්සන්ට ඇති බියට වඩා මහන්සිය වැඩි වූයෙන් අපි ගල්ගොඩක් උඩ වාඩිවීඅප ගෙනගිය  බිස්කට් කා දිවුල් කිරි බිව්වෙමු. මේ වන විටත් වැස්ස පැවතුන අතර අපි යන්තම් ගස් සෙවනට මුවා වි ගිමන් හැරියෙමු. නමුත් වැඩි වේලාවක් එකතැන සිටින විට සීතල දැනෙන්නට පටන් ගන්නා බැවින් නැවතත් ඉක්මනින්ම ගමන් ආරම්භ කලෙමු.  අවසානයේ මිනිස් වාසස්ථාන ළග බව දැනෙනා වූ මානයට එනවිට ගිමන් හැරි ස්ථානයේ සිට පැයක පමණ කාළයක් ගතවී තිබුනේය. එතැන් සිට දීර්ඝ බැස්මකි. තවත් පැය බාගයකට පමණ පසු අප ගම්මානයට පැමිණියෙමු. මේ නාරංගමුව ගම්මානයයි. මීමුරේ සිට නාරංගමුව දක්වා දුර සැතපුම් 8(කිලෝ මීටර් 13)පමණ වේ ඒ සම්පූර්ණ දුරම මහ වැස්සේ කැලේ මැද්දෙන් පා ගමනින් පැමිණීයෙමු.
     
         අප වඩා කැමත්තක් දැක්වූයේ මිනිස් වාසයෙන් ඈත්ව වනගතව කදවුරු බදින්නටය. නමුත් අධික වර්ශාව නිසා එසේ කිරීමට නොහැකි හෙයින්  පන්සට හෝ ප්‍රජා ශාලාවක යෑමට තීරණය විය. වැසිකිලි පහසුකම් තිබීමත්, ජල පහසුකම් තිබීමත්, සමහර විට කෑමත් ලබා ගැනීමට හැකිවේයයි සිතා අපි මුලින්ම ගියේ පන්සලටය. පන්සලෙන් අපව උණූසුම් ලෙස පිලිගත් අතර බලාපොරොත්තු වු සියල්ලට අමතරව තේ කෝප්පයක්ද ලැබුනේය. අපි පන්සලේ බණ මඩුවේ කූඩාරම් ගසාගත්තෙමු.  

රාත්‍රී ආහාරය පන්සලෙන්ය. අප සතුව තිබූ බිස්කට් හා නූඩ්ල්ස් පැකට් අපි පන්සලට පූජා කලෙමු. 

       සුවදායක නින්දකින් පසු අවදි වූ අපි උදෑසන 7.30 ට නාරංහමුවෙන් පල්ලේගම දක්වා යන වෑන් රථයට නැගීමට කල්වේලා ඇතිව සූදානම් වූයෙමු. 7.40 පමණ වෑන් රථය පියත් වූ අතර එම වෑන් රථය මාතලේ නගරය දක්වාම ගමන් කරණ බව පැවසු හෙයින් මාතලේ දක්වාම වෑන් රථයෙන් ගමන් කලෙමු.  පල්ලේගම සිට මාතලේ දක්වා වූ මාර්ගය අතිශය සුන්දරය. පිටවල තැන්න පතන හා රිවස්ටන් කන්ද මිදුමෙන් වැසි තිබුනේය.  මාතලේ සිට නුවර බසයකින් නුවරටද ඉන්පසු නුවර සිට මහරගම බලා යන බසයකින් මහරගම දක්වාද පැමිණිමෙන් අපගේ චාරිකාව නිමා විය.   


41 comments:

  1. උඹ මගේ ඊරිසියාව වැඩි කරනවා කොල්ලො..

    මම අපේ මහත්තයට යෝජනාව දැම්මා වෙන නවුරුවත් ඕ‌ෙන් නෑ අපි දෙන්නා යමුද මේ වගේ ට්‍රිප් එකක් කියලා... හැබැයි එකම කේස් එක ආපහු එන ගමනෙදි අපේ මහත්තයට මාව කරේ තියාගෙන එන්න වෙයිද කියන එක තමා.. හි හි

    ReplyDelete
    Replies
    1. ඉතිං අපිත් එන්නං උදව්වට.

      Delete
    2. හි හි..
      හිරුට තියෙන්නේ අපේ මහත්තයත් එක්ක සෆාරියක් යන්න. එතකොට කකුල් අමාරුව නෑනේ..
      එහෙම නැත්තං ඔය නලින් මහත්තයල උදව්කරන්නං කියන්නේ..

      ජය..

      Delete
    3. okata wada hoda nadda Mahinda balanna giyanam.... :)

      Delete
  2. Replies
    1. හි හි.. ඊළග එකෙන් හම්බවෙමු..

      ජය..

      Delete
    2. Nexttrip - Trip to Tanamalvila with real Ganjaaaa.....

      Delete
  3. ලස්සනයි... මී මුරේ මහ කැලේ වතාවක් අපිත් කූඩාරමක් අටෝගෙන නැවතුනා... ඒකෙ වීඩියෝ එහෙම තාම මගේ ළග තියෙනවා...

    මේ වගේ ගමනක් ආයෙමත් ගියොත් ඒ ගැන නොවරදාම ලියපන්....

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ලියලා දැම්මනම් අහවරයිනේ සිරා..
      තව යන්න නම් අදහසක් තියෙනවා.. බලමු ඉස්සරහට..

      ජය..


      Delete
    2. ඒකනේ... ලියමුකො සිරෝ ඒ ගැන පෝස්ටුවක්..

      Delete
    3. Bando - dapanko Nimali akka gana aehema Post aekak :)

      Delete
  4. බොහොම සුන්දර ගමනක් නොවැ ගිහින් තියෙන්නේ. මේ වගේ ගමන් යන්න ලැබෙන එකත් එක්තරා පිනක් මයලා. මමත් මි මුරේ ගිහින් තියනවා ඒත් ඔයාල තරම් සුන්දර තාලෙකට නොවෙයි.උඹල සෙට් එකටම ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මම නම් කැමතිම මේ වගේ ඇවිදින ගමන් වලට.

      ජය..

      Delete
    2. Alcohol walata pin sidda wenna ona....

      Delete
  5. මේක අර ලක්දසුන් (http://lakdasun.org) සයිට් එකට දැම්මනම් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ සයිට් එක අධ්‍යයනය කරා මේ ගමන යන්න කලින්..

      ජය..

      Delete
    2. ou dan free Wifi tiyanawane ,,, hamotama balannath puluwan :)

      Delete
  6. මේ පාර කිරිගල් පොත්ත නැග්ගා නිවඩුවට ආ වෙලේ. ඊ ගාව පාරත් කොහේ හරි හයික් එකක් දාන්න ඉන්නෙ! :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.. ඇවිද්ද පය දහස් වටී කියනවනේ..

      ජය..

      Delete
  7. Mama wayasaka portal. Elakiri gaman am. Thanks for share the info with us. Jayawewa

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවටත් බොහොම ස්තුතියි..

      ජය..

      Delete
  8. මාර ට්‍රිප් එකක්නේ! ඒ වුණත් ලකේගලත් නගින්න තිබුන නම් එළ නේ? මාත් යන්න හිතං ඉන්නේ ඒ පැත්තේ. :)

    ReplyDelete
    Replies
    1. ලකේ ගල නගින්නම ඕනෙ. ආපහු සැරයක් යන්නයි ඉන්නේ..

      ජය

      Delete
    2. Paiyagala giyanam hoda nadda?

      Delete
  9. සිරාවටම අආස හිතෙනවා බන් ඔය පැත්තේ යන්න.

    ReplyDelete
    Replies
    1. සිරාවටම අපිත් ආපහු යන්න ඉන්නේ..

      ජය..

      Delete
  10. මී මුරේ පැත්තෙ යන්න හිතෙන විදියටම සංචාරක සටහව ලියලා. අයන්න ආසයි ඒත් කූඩැල්ලෝ නිසා යන්න හිතක් නෑ

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආපු එකට ඔබතුමාට බොහොම ස්තුතියි.. ඒ වෙලාවට කොච්චර කට්ටක් වගේ දැනුනත් පස්සෙ මතක් කරනකොට බොහොම සුන්දරයි.. අපිට චාරිකා යන උණ හැදෙන්නෙත් ඒ කට්ට නිසාමයි. ජූලි අගෝස්තු වගේ මාස වල ගියානම් කූඩැල්ලන් අඩුයි කියලයි ඒ පැත්තෙ මිනිස්සු නම් කිව්වේ..

      ජය

      Delete
  11. මාර ට්‍රප් එකක් නෙ ගිහිං තියෙන්නෙ කියොනකොටම ආසා හිතෙනවා ඔබට ජය !!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවට බොහොම ස්තුතියි..

      ජය..

      Delete
  12. නියම විස්තරයක්.. රසවත්ව ලියල තියනවා.. ෆොටෝ ටිකත් එල. ඒක නිසාම වෙලාව නොබලා කියෙව්වා.

    අර ගෝනුස්සා ඉන්නවා නේද.. උන් මෙහෙ වැහි කාලෙට ගෙවල් ඇතුලටත් එනවා. නිතරම අවධානයෙන් ඉන්න ඕන ඉතින්.

    ජය!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..
      අපිත් සෑහෙන්න බයෙන් තමයි ගෝනුස්සෝ ඉන්න හරියේ ගියේ.. මහ කැලේ මැද්දේ ගෝනුස්සෙක් කෑවනම් එහෙම..


      ජය

      Delete
    2. ara auntie gana wisthara dala nahane......

      Delete
  13. මචං ඇයි මේ ගුහාවට වෙඩි ලුණු ගුහාව කියලා කියන්නේ?
    -රාත්‍රී ආහාරය පන්සලෙන්-
    ලැජ්ජ නැද්ද බොලාට අර ස්වාමීන්වහන්සේලා බලං ඉදිද්දී වදාරන්න.

    ReplyDelete
  14. මල්ලියේ..උඹලගේ කූඩාරම ගැන ටිකක් විස්තර කොරහංකෝ.. මං මේ දවස්වල එකක් හදාගන්න හිතං ඉන්නේ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Call Mr. Balaraj ... (Lasantha)

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. mata nam kiyanna tiyanne mechcharai,,,nikan kalakani wage avidinawata wada ratata jathiyata monawa hari kalanam watinawa thaman ganama hithanne nathuwa.... neda ?

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. Bandage aluthma vitththi dana ganna pivisenna - http://www.playboy.com/

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.