ගෙපැලේ මිත්තරයෝ

වවුල්පනේ හුණුගල් ගහාව (Waulpane Lime Cave) ගවේශණ චාරිකාව.

      වවුලන්ගෙන් පිරුණු ගුහාවක මුව විටේ කූඩාරම් ගසා ගෙන රැයක් ගතකිරීම ගැන අත්දැකීම් අපට ඇත්තේය. ඒ නකල්ස් රක්ෂිතයේ පිහිටා තිබෙන වෙඩිලුණු ගුහාව නැරඹීමට ගිය චාරිකාවේදිය. වවුල්පනේ හුණුගල් ගුහාව නැරඹීමට යාමේ චාරිකාවට අඩිතාලම වැටුනේද එම චාරිකාවේදීමය.

        ගමන සංවිධානය කරන අවස්ථාවේදී 8 දෙනෙකු පමණ සහභාගී වන බව පැවසුවත් අවසානයේ චාරිකාවට සහභාගි වූයේ සය දෙනෙකු පමණය.  ගමන ආරම්භ වන්නේ මහරගම මාතර කඩය අසලිනි. උදෑසන 4.15ට කොළඹින් පිටත් වන මාර්ග අංක 122 ඇඹිලිපිටිය බසය මහරගමට පැමිනෙන විට 4.45 පමණ වන්නට ඇත. ඒ බසයට ගොඩවුනු අපිට කෙටි දුරකදී වාඩි වීමට ආසන ලැබුනේය. වේගයෙන් ගමන් කල බස් රථය තුංතොට මංසන්ධියට පැමිනෙන විට උදෑසන 8.15 පමණ වන්නට ඇත.

                 මෙතැන් සිට වවුල්පන හුණු ගල් ගුහාව දක්වා කිලෝ මීටර් 13 පමණ දුරක් ගමන් කිරිමට ඇත. මුල් කිලෝ මීටර් 10 සදහා බස් රථයක් ධාවනය වන නමුත් අප ගමන් ගන්නේ පොහොය දිනයක නිසා බස් රථ ධාවනය පවතින්නේ අවම මට්ටමක බව අසල වූ කඩයකින් විමසීමේදී දැනගන්නට ලැබුනේය. බසයක් එනතුරු බලා සිටීම කාලය කා දැමීමක් වන නිසාවෙන් අපි  පා ගමනින් යාමට තීරණය කලෙමු. කිලෝ මිටර් 2ක පමණ දුරක් පයින් ගමන් කල අපිට ඒ මාර්ගයේ ගමන් කල ලොරියක් නවත්වා ගැනීමට හැකියාවක් ලැබුනේය. ලොරියේ සුලු දුරක් ගමන් කරන විටය අපිට කල ගොන් කමක මහත තේරුනේ. අලුත්වැඩියා කරමින් පවතින දුශ්කර මාර්ගයක ලොරි රථයේ රියදුරා හැටට හැටේ පාගන්නට වූයේය. අප අමාරුවෙන් පිටුපස එල්ලී ගෙන සිටියෙමු. විනඩි 15කින් පමණ අපට වවුල්පනේ සංවර්ධන මාවත අසලින් බැස ගැනීමට හැකි වුනේය.

             එතැන් සිට වවුල්පනේ ගුහාව දක්වා කිලෝමීටර් 3ක දුර යා යුත්තේ පා ගමනින්ය. කොන්ක්‍රීට් දමා සකස් කරන ලද මාර්ගයක් වුවත්  ෆෝ වීල් වාහන හැර අනෙක් වාහන ඒ මාර්ගයේ ගමන් කිරිම අතිශය දුශ්කර වනු ඇත. කිලෝ මීටර් 3ක් වූ සමස්ථ දුරෙන් කිලෝ මීටර් 2.5 පමණම ඇත්තේ දල බෑවුමක්ය. තැනින් තැන වවුල්පන හුණුගල් ගුහාවට පාර කියන නාම පුවරු දක්නට තිබුනේය. අවසාන මීටර් 500ය පමන යාමට ඇත්තේ අඩි පාරක්ය. ඒ අවට පරිසරය අතිශයින් සුන්දරය. වවුල්පනේ හුණුගල් ගුහා එතරම්ම සංචාරක ආකර්ෂණය දිනාගෙන නැති නිසාදෝ සුන්දර පරිසරය අසුන්දර කරවන කුණු ගොඩවල් නම් දක්නට නැත. නමුත් ඉදහිට තැනක දෙකක පොලිතින් කවර නොතිබුනාම නොවේ. අඩි පාර දිගේ ගමන් කල අපිට පාර දෙකට බෙදෙන ස්ථානයකදී යා යුතු දිශාව තීරණය කරගත නොහැකි වූයේය. දිනුක විසින්  නිවැරදි මාර්ගය සොයා ගැනීමේ වගකීම රුපියල් දෙකේ කාසියකට පැවරූ අතර, කාසිය පෙන්වූ දිශාව නිවැරදි නොවන බව අපි විසින් සොයා ගන්නා ලදී. හිරු රැස් බිමට නොවැටෙන තරම් ගන වූ තුරු වියනක් යටින් සොඳුරු වටපිටාවක සිරි නරඹමින්  ගමන් කිරීම එතරම් අමාරු කාර්යයක් නොවන නිසා හොඳය, පොඩි වටයක් ගැසූ අපි   නැවතත් නිවැරදි මාර්ගයට අවතීර්ණ වුයෙමු. තවත් මීටර් 200 පමණ ගමන් කිරිමෙන් පසුව අඩිපාරේ වම් පසට වෙන්නට පහලට බැසිම පහසු කරවන්නට බැද ඇති පඩිපේලියක් තිබූ අතර ඒ ඔස්සේ ගමන් කිරීමෙන් හුණුගල් ගුහාව නැරඹුම් වේදිකාව මතට පැමිනිමට හැකිවිය.


              වේදිකාව මතට පැමිණි විට ගුණුගල් ගුහාවේ මුවවිට හොදින් දර්ශනය වූයේය.

 හනි හනිකට සූදානම් වූ අපි, බෑග් මලුද කරගසාගෙන  විදුලි පන්දම් සූදානම් කරගෙන ගුහාවේ ඉදිරිපස පිවිසුම් දොරටුව වෙත ගමන් කලෙමු.
       
 ගුහාවට ඇතුල් වීම තරමක් දුශ්කර වූයේය. ඇතුල් වන මාර්ගය හරහා ගලා ගිය හල්විනි  ඔය නිසාවෙන් ගුහා මුවවිටේ තිබූ ගල් ලිස්සන සුලු වූ අතර ඒ මත වැටි තිබූ වවුල් වසුරු ඒම ලිස්සන සුලු බව දෙගුණ තෙගුණ කලේය.

      ලිස්සන සුලු බව නිසාම අප ගමන් කලේ පාවහන් රහිතවය. මුලින් මුලින් අපි එම වවුල් වසුරු වලින් වැසි තිබූ ගල් ඇල්ලීමට මැලි කමක් දැක්වූවත්, පසුව එසේ නොකර බැරි තත්වයක් ඇති වූයේය. සමහර තැන් වල අඟල් තුනක් හෝ හතරක් පමණ ගනකමට වවුල් වසුරු තට්ටුවක් තිබුනේය. දැන දැන වුවත් අපට එවැනි ස්ථානයන් වලද ගමන් කිරිමට සිදු වූයේය.  පයට පැගේදිද් පයේ ඇඟිලි කරු අතරින් චිරිස් හඩක් නගිමින් වවුල් වසුරු මතු වන්නේය. දෙපස හුණුගල් බිත්ති මත දහස් ගනනකගෙන් සැදුම් ලත් කැරපොත්තන්ය.

 හිසට ඉහලින් පියාඹන්නේ වවුලන්ය. (වවුප්පනේ මිලියනයකට අධික වවුලන් ප්‍රමාණයක් වාසය කරතැයි සැලකේ) ගුහාවේ වහලයෙන් සිහින් දිය බිඳු වෑස්සෙයි. දිය බිඳු අතරටම මුසුව වැටෙන වවුල් වසුරුද නිමක් නැත.

              ගුහාව තුලට මද දුරක් ගමන් කල විටය අභ්‍යන්තර දිය ඇල්ල හමු වන්නේ. අඩි 60ක් පමණ උස වූ එම දිය ඇල්ල අලංකාර දර්ශනයක් මවා පාන්නේය. (ආසියාවේ දෙවන උසම අභ්‍යන්තර කිවුල් දිය ඇල්ල ලෙස සැලකේ)

          දිය ඇල්ල පසු කර මදක් දුර ගමන් කිරීමෙන් ගුහාවේ අනෙක් පස පිහිටි දොරටුවෙන් පිටතට පැමිනිමට හැකියාව ලැබෙන්නේය. නමුත් ඒ සදහා වවුල් වසුරු පිරුනු ජල තටාකයක අඩි 4ක් හෝ 5ක පමණ ගැඹුරේ බැස ගමන් කිරිමට සිදුවන්නේය.

 නෙතෙමෙන පිනිස බෑග් මලු කරේ තබාගෙන අපි ඒ වවුල් වසුරු මුසුවූ ජලයේ ගමන් කලෙමු.  දියට බැසගත් පසු පිටවිමේ දොරටුව දර්ශනය වෙයි.

එයත් පහසු ගමනක් නෙවේ.  පිටවිමට නම් ජලයේ දනගාමින් ගමන් කල යුතුය.

  නැවතත් හිරු එළියට පැමිනිමෙන් පසුවය අපට අපේ තත්වය වැටහුනේ. ඇඳුම් වල, බෑග් වල මෙන්ම විදුලි පන්දම් වලද වවුල් වසුරු ගෑවී තිබුනේය. මැක්කන්ද සිටියේය. ජලයේ බැස ගමන් නොකලානම් තවත් මැක්කන් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට ලැබෙන්නට ඉඩ තිබුනේය.

       අවට පරිසරය රූස්ස ගසින් පිරුන වැසි වනාන්තරයක සිරියක් ගත්තේය. නම් නොදන්නා මුත් සමහර වෘක්ෂයන් අඩි 100කටත් වඩා උස වුයේය.

     අපගේ ගමන් මග වැටී තිබුනේ අප තරණය කල හුණුගල් ගුහාවේ වහලය මතිනි. හුණුගල් ගුහාව ගවේශනයෙන් පසු අප මේ යන්නේ කිවුල් දිය උල්පත සොයාය.   උල්පත සොයා යන අපිට මුලින්ම හමු වූයේ පීල්ලකි.

කිවුල් දිය නෑමට පහසු වනු පිනිස සකස් කර ඇති මේ පීල්ල සකසන්නට ඇත්තේ මේ කිවුල්  ජලයට සමේ රෝග සුව කිරීමේ හැකියාවත් ඇතැයි සැලකෙන නිසා වන්නට ඇත. පීල්ල ට තරමක් ඉහලින් කිවුල්දිය උල්පතත්.

 තරමක් පහලින් කිවුල් ජලය හුණුගල් ගුහාවට ඇතුල්වන ස්ථානයත් දක්නට පිළිවන.

 ඒ ඇතුල් වන ජලයෙන්ය සුන්දර වූ අභ්‍යන්තර දිය ඇල්ල නිර්මාණය වන්නේ.

කිවුල් දිය නෑමෙන් පසු අප නැවතත් ගමන් ආරම්භ කලේ යෝධයා කැපූ වල නමින් හදුන් වන ජල තටාකයක් සොයාය.   හුණුගලු ගුහාව සොයා ආ මාර්ගයේ ආපස්සට ගමන් කිරීමෙන් එම ස්ථානය සොයා ගැනීමට හැක. අඩි පාරෙන් තවත් අතුරු පාරකට හැරී වනය තුල සුලු දුරක් ගමන් කිරීමෙන් පසුවය අපට යෝධයා කැපූ වල හමුවූයේ.  හල්විනි ඔයේම එක්තරා ස්ථානයක අඩි 10ක පමණ විශ්කම්භයක් ඇති වෘත්තාකාර වලක්ය මේ නමින් හැදින්වෙන්නේ.

මිනිස් අතකින් සැදුවක් තරම්ම අපූර්ව වූ නිර්මානයක්  නිසාවෙන්ම ගම්වාසීන් මේ ස්ථානය යෝධයා කැපූ වල නමින් හදුන්වන්නට ඇත.

අප දෙවන වරටත් මේ ස්ථානයෙන් දිය නෑවෙමු.

වවුල්පනේ සංවර්ධන මාවත දිගේ කිලෝ මිටර් 3ක පමණ දුර පා ගමනින්ද, එතැන් සිට මාර්ගයේ ගමන් කල ලොරි රථවල පිහිටෙන් හා දෙපයේ පිහිටෙන් පල්ලේබැද්ද තුන්තොට මංසන්ධියටද, එතැන් සිට බස් රථයකින් මහරගමටද පැමිනීමෙන් චාරකාව නිමා විය.

බ්ලොග් අඩවියේ නිල ඡායාරූප ශිල්පී චින්තාගේ ඡායාරූප ඇල්බමය.
ඉන්දුගේ ඡායාරූප ඇල්බමය.
දිනුකගේ ඡායාරූප ඇල්බමය.

ගමනට මග පෙන්වූ බ්ලොග් අඩවි

නඩේ ගුරා 
අපේ පරිසරය
ලක්දසුන්  (The Caving Expedition – Waulpane )
                (Investigating the Waulpane (Wawulpane) Lime stone cave)
                ( 3 Day Trip to Waulpane ,Pitadeniya Conservation Center via Sinharaja (වන නිවහන)

          





39 comments:

  1. අපෝ බන්ඩෝ, උඹලත් යන ගමන්...

    ReplyDelete
  2. කෝ යකෝ උතුවන්කන්දේ ගියපු එක :D

    ReplyDelete
    Replies
    1. කෝ යකෝ උතුවන්කන්දේ ගියපු එක......(නපුරු මූණක්)

      Delete
  3. good job!! both trip and the blog!! keep it up!! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ....

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මා දැනුවත් නොකර මාගේ ඡායාරෑප මෙහි පළ කිරීම පිළිබදව මාගේ බලවත් (අ)ප්‍රසාදය
    :P :P :D :D

    ReplyDelete
    Replies
    1. ඊළග පාර කියලා කරන්නම්... :P :D

      Delete
  6. ඊයා යකෝ... උඹලා වසුරු කාලා..නෑ නාලා :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑවේ නෑ... ගෑවුනා විතරයි... :D

      ජය වේවා!!!

      Delete
  7. අර යෝධයා කැපූ වල නම් නියමයි තමයි...

    වවුල් වසුරු නම් කමක් නෑ කියමු... මැක්කෝ කොහෙන්ද ඕක අස්සේ... ?
    කූඩැල්ලෝ හිටියේ නැද්ද...?

    මාර නෑමක් නේ නාලා තියෙන්නේ... හි හි...

    ReplyDelete
    Replies
    1. කූඩැල්ලෝ දැක්කේ නම් නෑ. අපි එච්චරම කැලේ රිංගුවේ නැනේ.
      මැක්කෝ හිටියනේ. අපි දන්නෙත්නෑ කොහෙන්ද කියලා.

      යෝධයා කැපූ වල කවුරු හරි හදපු එකක් වගේමයි...

      ජය!!

      Delete
  8. වසුරු තමා අවුල නැත්තම් පට්ට ට්‍රිප් එක!

    ReplyDelete
    Replies
    1. වසුරු ගැන හිතන්න එපා බන්.. ඒවා හෝදපු ගමන් යනවා.. ඒ වගේද ට්‍රිප් එක...

      Delete
  9. ඔබ ඉතා දුක් මහන්සියෙන් හොඳ පරිසර චාරිකාවක යෙදී ලෝකයද ඒ චාරිකාව ගැන දැනුවත් කර තිබෙනවා. වෙඩිලුණු ගුහාවට ගිය ගමනේ ලිපියත් බැලුවා. ඔබ අනාගතයේදීත් මෙවැනි චාරිකාවල යෙදෙනු ඇති. ඒ නිසයි මෙටික ලියන්නේ. කෝපයට පත් නොවී ඉවසීමෙන් හා බුද්ධිමත්ව මේ කරුණු සලකා බලන්න.

    1. ඔබ සහ පිරිස මෙවැනි චාරිකාවල දිගටම යෙදුනොත් භයානක හදිසි අනතුරු වලට ලක්වීමට විශාල ඉඩකඩක් තිබෙනවා. (අනතුරුදායක ලොරි ගමන, සපත්තු සහ ග්ලවුස් නොපැළඳ ගුහාවට ඇතුළුවීම) ටෝච් එක සහ කැමරාව අල්ලාගෙන ඉන්න කෙනා අතින් ඒ දෙකම වතුරට වැටෙන්න පුළුවන් සුළු අත්වැරැද්දකින්. ඒවා ගන්න වතුරට එබුනොත් වතුරේ කිමිදෙන්න පුරුද්දක් නැත්නම් තවත් අනතුරක්.

    2. මෙවැනි ගමනක් යාමට පෙර සම්පූර්ණ ගමන් මාර්ගය අධ්‍යයනය කරන්න. දුෂ්කර අවස්ථා තරණය පිළිබඳව කලින් සාකච්චා කර තීරණය කරන්න. ඔබ ගුහාවේ ලිස්සුවේ ගමනට නුසුදුසු පාවහන් පැළඳ නොසිටි නිසයි. සපත්තු නැති දෙපයට සිදුවියහැකි නතුරු අපමණයි. වවුල් වසුරු සමග විෂබීජ පහසුවෙන් අත්ලෙන් හා යටි පතුලෙන් ඇතුළුවීමට ඉඩ තිබෙනවා.

    3. ගමන් මලු රැගෙන ගුහාව තුලට යාම ගමනට බාධාවක්. මෙවැනි තැනකට ඇතුළුවීමේදී කුඩා කණ්ඩායම් දෙකක් හදාගැනීම ආරක්ෂාව අතින් ඉතා වැදගත්. Leading Team & Following Team වෙලාවක් ලැබුනොත් මේ ලිපිය කියවා බලන්න


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අක්දැකීම් හා දැනුම ඇති අයකුගේ වටිනා ඔවදන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඔබතුමා ලියූ “අනික් ඒවා ආරක්ෂිතව කරනවා මේක විතරක් බැහැ “ ලිපිය මම කියවා තිබෙනවා. ඒහි කොමෙන්ටුවක්ද කොට තිබෙනවා. ඒ කොමෙන්ටුවේ අප විසින් භාවිතා කරන ආරක්ෂිත ක්‍රම පිළිබඳව සදහන් කර තිබෙනවා. මේ චාරිකාවේදී විශේෂයෙන් සඳහන් නොකලත් ඒ ආරක්ෂක උපක්‍රම භාවිතා කරනවා.
      මේ චාරිකාවලට සහභාගි වන බහුතරය බාලදක්ෂ ව්‍යාපාරයේ මෙන්ම ශිෂ්‍ය බට බලකායේ හොද පුහුණුවක් ලබා වර්තමානයේ නවකයින් පුහුණු කරවන පිරිසක්. පාවහන් නොපැළදීම හා අත්වැසුම් භවිතා නොකිරීමේ වරද නම් අප අතින් සිඳුවෙනවා.
      විදුලි පන්දම හා කැමරාව අල්ලාගෙන සිටින්නේ හුදෙක්ම ඡායාරූපයකට මුහුණ දීම සදහාම පමණයි.
      නැවත් වතාවක් ඔබතුමාගේ අදහස් හා ඔවදන් පිළිබදව ස්තුතිවන්ත වෙනවා.

      Delete
  10. නියමයි බන් ...මේක හෙමීට කියවන්න ඕනේ..
    තව මේ වගේ තැන් වලට යන්න බණ්ඩෝ ...නියමයි..

    ReplyDelete
    Replies
    1. එහෙනම් හිමීට ඇවිත් කියවන්නකෝ..
      බොහොම ස්තුතියි.

      Delete
  11. ඇත්තෙන්ම බණ්ඩගෙ ටීම් එක අනිත් කාටත් ආදර්ශයක් කියලා මට හිතෙනවා. ඇත්තෙන්ම ඔය වැඩ කරන GPS තියෙන ග් ෆෝන් එකක් හෙම එක්කෙනෙක් ගාවා හරි තියෙන එක ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
    Replies
    1. අපේ කණ්ඩායම අගය කිරීම ගැන බොහොම ස්තුතියි...

      Delete
  12. බණ්ඩෝ මගේ කොමෙන්ට් එක ස්පෑම් එකේ වෙන්න ඕනෙ. පොඩ්ඩක් බලමුද?

    ReplyDelete
    Replies
    1. Henry Blogwalker has left a new comment on the post "වවුල්පනේ හුණුගල් ගහාව (Waulpane Lime Cave) ගවේශණ ...":
      Thu, Apr 4, 2013 at 6:17 PM


      ඇත්තෙන්ම බණ්ඩගෙ ටීම් එක අනිත් කාටත් ආදර්ශයක් කියලා මට හිතෙනවා. ඇත්තෙන්ම ඔය වැඩ කරන GPS තියෙන ග් ෆෝන් එකක් හෙම එක්කෙනෙක් ගාවා හරි තියෙන එක ප්‍රයෝජනවත් වේවි. .....


      banda enakam hitiyoth me kapeta ayyage comment eka
      gannawa boru..

      Delete
    2. ඩූඩ් අයියලේ කොමෙන්ට් එක ස්පෑම් වෙලා තිබිලා ඔන්න දැම්මා..
      සයිලන්ට් අයියා කෙහොමෙයි කොමෙන්ට් එක ඇදලා ගත්තේ..

      Delete
    3. Sahan, This is too much I think.. I do not like it.

      Delete
    4. @ Deshaka

      ඔයා අකමැති උනාට කරන්න දෙයක් නැහැ බබා ...
      මිනිස්සුන්ට උදව්වක් වත් කරන්න බැරි නම් මොකක්ද
      මේ ජීවිතේ..ඔයා කියන්නේ මට "පිණි මුවෙක්" වගේ
      ඉන්නද මුළු සීත කාලය පුරාවටම .? මම අවදි උනේ දීර්ඝ
      නින්දකින් පස්සේ පහු ගිය නොවැම්බරයේ ..ඉතින් මේ
      ලද අවදි වීම "මිල කල නොහැකියි මට". . . නමුත් බය වෙන්න
      එපා ඉක්මනින්ම මම නින්දට යනවා මීළඟ ශිශිරය උදාවත්ම ..
      එතෙක් මා යම් දෙයක් හොයනවා ,පීරා පීරා හොයනවා .. මගේ පනාවට ඔහේලාගේ කොණ්ඩද හසුවේ ..එහෙත් පොරොන්දු වෙමි

      01.ඔබ අකැමති කොණ්ඩා මෝස්‌තර ඔබගේ කොණ්ඩයට නොදමමි .

      02.එසේම ඔබගේ බොරු කොණ්ඩා ගැන රහසද එළි නොකරමි .

      03.අනික් දෑද දැක්කත් නොදැක්කා සේ යමි .

      04.ඔබගේ අණට මාගේ පනාව කීකරු නැත , කීකරු මට පමණි .

      05.මා ඔබේ අණට කීකරු නැත ...!

      Delete
  13. Replies
    1. ස්තුතියි බං..
      ජය!!

      Delete
  14. බ්ලොග් එකත් වවුල් වසුරු ගඳයි.. නෑවෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අපි දෙපාරක් නාලා ඉන්නේ... කෙම්පීතරේ හරහාද ගඳ එන්නේ.. සරත් අයියගේ කොම්පීතරේ අස්සේ මීයෙක් මැරිලද දන්නෙ නෑ.. :D

      Delete
  15. නියම ගමන මචං...

    ReplyDelete
  16. බන්ඩෝ සිරාවට හෙන අමාරුවෙන් ගියපු ගමනක් නෙව. ජය වේවා. උඹ ලක්දසුන් ෆෝරම් එකටත් දානවද මේවා.. අප්‍රමාණ සන්තෝසයි..

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් ගිය ගමන්ක් තමයි බන්.. ලක්දසුන් වලට දාන්නේ නම් නෑ.. අපි ගමන් යන්න උදව් ගන්න බ්ලොග් එකක් ලක් දසුන්...

      Delete
  17. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

      Delete
  18. Smmiya. ko alla laga walauwe story eka...nice work

    ReplyDelete
  19. කෝ යකෝ උතුවන්කන්දේ ගියපු එක......

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.