රඟහලේ අඩ අදුරෙ -සැදෑවේ වෙරළ ඉම
තුරුලු වී ආදරෙන්
විඳි ප්‍රේමයේ උණුසුම
මදි උනා සනසන්න අපේ පෙම් පිපාසය
මඟුල් පෝරුවට පෙර
යහන්ගතවූ පවට
වැරදි කාරියක් මම
බෑ කිව්වෙ නැති නිසා රූම් යමු කිව්වහම
ඔබේ දරු පැටියෙක්ව
තුරුල් කර නලවන්න
මවපු ඒ හීන ලොව
නොහිතපු විදිහකට - හැබැ වෙන්න යන බව
දැනගත්ත ගමන් ඔබ
වෙනස් උන වේගය
හිතා ගන්නවත් බෑ - මම තනි වෙලා බව
නෑ තනි වෙලා මම
අම්ම ඇත මගෙ ලගම
කේන්තියෙන් බැන්නාට - කම්මුලට ගැහැව්වට
බර නැතිලු ගහේ ගෙඩි - ගෙඩි හදපු ඒ ගහට
ඒත්
දරන්නට බෑ මට
මම උපද්දන ඵලයේ බර
දෙමාපියො දරුවො තනි කරන්නෑ..මොනම තත්වයකදීවත්..!
ReplyDeleteඔව් .
Deleteඅම්මලට තාත්තලට දරුවෝ බර වැඩි නෑ..
ඒත් කුසෙන් බිහිකරපු පළියටම, ජාතක කරපු පළියටම අම්මෙක් තාත්තෙක් වෙන්න පුලුවන්ද?
සමහර අයට දරුවෝ බර වැඩි වෙනවා..දරා ගන්න බැරි වෙනවා.
පට්ට තේරුමක් තියෙන කවියක් බණ්ඩා කාලෙකින් ආවත් ලස්සන නිර්මාණයක් එක්ක ඇවිත් තියෙන්නේ.
ReplyDeleteබොහොම ස්තුතියි කෝරලේ මහත්තයෝ.
Deleteරෑ තාරුකාවෝ බැලුවා එබී
ReplyDeleteකිමදෝ නුවන් ඔබගේ කදුලින් පෙගී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගගුල් යා වුණා..
මේ ක්ලැරන්ස් මහතාගේ ගීයක්... :)
ජය !
දරුවන්ගේ දුක් කඳුලු දකින දා
Deleteසුරලොව සිට අතපා
ඒ කඳුලැලි පිසිනා..
අම්මා වරුනේ.... සම්මා සම්බුදු අම්මා වරුනේ !!
මේ නන්දා මාලිනියන්ගේ ගීතයක්...
ජය වේවා!!
සාගර වෙරළේ සොඳුරු සැන්දෑවක
Deleteරඟහල පෙම්බස් අඳුරු නිමේෂෙක
ඔබේ බිලිඳා මා තුරුලේ හොවාලා
නලවන්නයි මා උන්නේ බල බලා.
හිතන්න තියෙන කවියක්...
ReplyDeleteසුළු මොහොත ගැන හිතලා හැඟීම් වලට වහල් උනොත් ඉතිං සොරි තමා...
මොන දේ උනත් අම්මා තාත්තලා තමා අන්තිමට ඉතුරු වෙන්නේ...
ළිප ගිනි මෙළවෙන තෙක් දිය සැළියේ..
Deleteසැපයක් යයි කකුළුව දිය කෙලියේ..
දුර දිග නොබලන එක තමයි කරන ලොකුම මෝඩ කම. උනාට පස්සේ කොච්චර ඇඬුවත් වැඩක් තියෙනවද?
හප්පේ හුග දචසකින් නෙවද මේ...හ්ම්.. අනන්තයි අප්‍රමාණයි...
ReplyDeleteටික දවසකින් නම් තමා...
Deleteබණ්ඩිගේ කවියට ළඟින් යන පොස්ට්ටුවක් මම ළඟදි දැම්මා."දැන දැනත්" අර්ථවත් නිර්මාණයක්
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
බණ්ඩි.. :/ මම බණ්ඩා හරී...
ReplyDeleteදැන දැනම නේන්නං මේ වලේ වැටෙන්නේ...
හෝ සමාවෙන්න............
Deleteමේ යුගයෙත් තමත් මේ විදිහෙ මෝඩකම් කරන අය ඉන්නව කියල පත්තර බැලුවම තේරෙනවා. පවු ගෙවන්නෙ උපදින නොදරුවො.. කාණුවලයි කුණුගොඩවලයි..
ReplyDeleteතාමත් ඒ මෝඩකම් ඒ විදිහටම වෙනවා. උපත් පාලන ක්‍රම මෙච්චර දියුනු සමාජයේ අනවශ්‍ය ගැබ් ගැනීම් අනන්තවත් වෙනවා. ලොකු මිනිස්සුන්ගේ වැරදි අන්තිමට යන්නේ පොඩි උන් පිටින්..
Deleteඅනේ මන්දා මොනා කියන්නද කියල. ඔය වගේ දේවල් වලට මුණ දෙන්න වෙන්නේ දුර දිග නොබලා වැඩ කරනකොට තමා. අන්තිමට දුක් විදින්නේ කොහෙවත් ඉන්න දරු පැටියෙක්.....
ReplyDeleteඅන්තිමට දුක මුකුත්ම නොදන්න දරුවට..
Deleteහැගීම් වලට වහල් වෙලා ගන්න තීරණ වල පව ගෙවන්නෙ උපදින මේ දරුවො බව තමා මගේ හැගීම...
ReplyDeleteඅම්මෙක් අප්පෙක් නැති අවජාතයයි හංවඩු ගැහෙන අහින්සක දරුවෝ.
DeleteSingle Parent සංකල්පය පෙරදිග වපරැඉන් බලන එකක්. බටහිර නම් රජයෙන් ආධාරත් දෙන තැන් තියෙනවා මම හිතන්නෙ.
ReplyDeleteSingle Parent සංකල්පයට කලින් නේද උපත්පාලන ක්‍රම එලියට ආවේ.
Deleteපෙරදිග සංස්කෘතිය Single Parent සංකල්පය දිහා වපර ඇසින් බැලුවට උපත් පාලන ක්‍රම පිලිබද එහෙම ප්‍රශ්න නෑ නේද.
අශ්වයා පැනලා යන්න කලින් ඉස්තාලය වහන්න අනන්තවත් ක්‍රම තියෙන කොට, ඇයි අශ්වයා පැනලා ගියාට පස්සේ ක්‍රම ගැන හිතන්නේ.
හෙහ් හෙහ් නැත්නම් ඉස්තාලෙ පැනල යන්න කලින් අස්සයා වහන්න ඕනෙ ඒ කිව්ව වගේ.
Deleteබණ්ඩා කවියක් ලිව්වාම අපි ඒක අල්ලගෙන රටේ නැති පණ්ඩිතකම් දෙඩෙව්වද මන්දා කවිය රස නොවිඳ,
හුගක් ගැහැණු ළමයි හිතන්නෙ මේ දේවල් ආදරේ නිසා කියනවා කරනවා කියල, ඒත් ඇත්ත දැනගද්දි පරක්කු වැඩියි... කෙල්ලොත් ටිකක් කපටි වෙන එක හොදයි මේ වගේ වෙලාවට...
ReplyDeleteකෙල්ලෙක්ට තමන්ගේ ආදරේ ප්‍රකාශ කරන්න අනන්තවත් ක්‍රම තියෙනවා. ලිංගික සම්බන්ධකමකට යන්නම ඕනෙ නෑ. කෙල්ලෙක්ට කොන්ද පන තියෙන්න ඕනේ තමන්ට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් දේවල් වලින් ඈත් වෙන්න. කොල්ලා අනවශ්‍ය බලපෑම් කරනවා නම් කොල්ලව අතඅරින්න උනත්.
Deleteපෙම් පවස සනසන්න
ReplyDeleteදිය බිඳක් සොයා ගොස්
මත් වුනිද රාගයෙන්..
මත් බවින් ගී ගයා
රඟන විට දී එදා
නොදත්තේද සොයුරියේ,
හංස ගීතයක් බව
ගයන්නේ ඒ ලෙසින්.
බොහොම ස්තුතියි මගේ පොස්ටුව ලස්සන කරාට..
Deleteජය වේවා!!
සුන්දර නිර්මාණයක් බණ්ඩා....හරිම අගෙයි.
ReplyDeleteබොහොම ස්තුතියි..
Deleteඵලය සෑහෙන්න බරයිනේ නෙහ්? 2.8 කේජීලු :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හ්ම්ම්ම්ම්.
Deleteසෑහෙන්න බරයිලු..
පුතුනි නුඹ නැත මට බර
ReplyDeleteනමුදු ලොවටම නුඹ බරය
අප්පා නැති උඹේ උප්පැන්නේ
ඉරි කෑල්ල උන්ට ලොකු වැඩිය
ඉස්කෝලෙදි නුඹ ගොළුය
උඹ ඉස්සරහ මං ගොළුය
කොපමණ කලත්, ලෝකෙට
වේසිගෙ පුතා නුඹම විය
මේ අර අවිස්සාවේල්ලේ සිද්ධියද?
Deleteමේක ලියන්න මට හේතු උනේ ඇත්තම සිද්ධියක්. අපි කිහිපදෙනෙක් විතරක් දන්න ප්‍රසිද්ධ නොවුන ඇත්තම සිද්ධියක්. ලෝකෙට බරක් උන දරුවා ඉපදිලා ඒ දරුවට අලුතෙන් අම්මෙකුයි තාත්තෙකුයි හම්බවෙලත් ඉවරයි.
Deleteඅපිට ඉතිං දුකට සැපට අම්ම විතරක් නොවේ අම්මයි තාත්තයි දෙන්නම දෙයියෝ වගේ තමා ,සුපිරියි නිර්මාණය ..
ReplyDeleteඅපි ගොඩක් වෙලාවට අම්මාගැන විතරක් කතා කරාට තාත්තත් කොච්චර වටිනවද. කවුරු කොහෙම කිව්වත් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ ඒ දෙන්නා විතරයි.
Deleteබණ්ඩෝ......
ReplyDeleteඅද තමයි බණ්ඩාගේ පැත්තේ ආවේ.
ReplyDeleteපුදුම තේරුමක් තියෙන කවි ටිකක් බණ්ඩෝ ..
කියල වැඩක් නැහැ ...උපරිමයි...
බොහොම ස්තුතීයි මේ පැත්තට ආවට..
Deleteමෝල් ගහත් ඇවිළුනි කරුම ගින්නට... උණුසුම මදිඋනා ඔය පැලේ ඉන්නට... ආගිය මාවතත් ඉම නෑ පෙනෙන්නට... අම්මේ දොර අරින් නුඹේ පොඩි හිඟන්නිට.... හැගීම් නැති ජීවිතත් මෙලෝ රහක් නෑ. ඒත් හැඟීම් වලට බුද්ධිය යට කරන්න ඉඩ දෙන්නත් හොඳ නෑ.
ReplyDeleteහැගීම් වලට යට වෙන එකනේ ප්‍රශ්නය. කොරන දෙයක් කිරලා මැනලා ගනකට කර ගත්තනම් පස්සේ විදවන්න දෙයක් නෑනේ..
Deleteබොහොම ස්තුතියි මේ පැතතට ගොඩ උනාට..