එක් සමයෙක්හි බ්‍රහ්මදත්ත නම් රජෙක් රාජ්‍ය කරන කල්හි....
නෑ නෑ එහෙම නෙමෙයි.. එකමත් එක රටක රජෙක් හිටියා. රජෙක් කිව්වට හැම රජාම හොද නෑනෙ. ඔය අපිටත් ඉන්නෙ දෙන්නෙක්ම. බ්ලොග් ලෝකෙට එකයි. ලංකාවෙ එකයි. බ්ලොග් රජාත් ඉතින් අන්තපුරේ බලාගෙන ඉන්නවා විතරනේ. අනිත් රජා ගැන නම් මම දන්නෙ නෑ.
ඒවා මෙව්වා වැඩක් නෑ. මම මේ කියන්න හදන්නේ එකෝමත් එක කාලෙක හිටපු රජෙක් ගැන. අර චන්දන කියනවා වගේ මේ රජත් කවි කියන්න බොහොම කැමතියි. කැමැත්ත තිබ්බට විතරක් මදිනේ. හැකියාවත් ඕනෙනෙ. රජත් බැරි බැරි ගාතේ ඉදලා හිටලා පද හතරක් ගලපලා කියනවා. අහන් ඉන්න අයට ඉතින් කරවිලයි කොහොඹයි එකට අඹරලා අතුරුපසට කනවා වගේ. එත් ඉතින් රජාගේ කවියනේ අමාරුවෙන් අහගෙන ඉදලා.. වන් මෝ වන් මෝ කියලා කෑ ගහනවා. නැත්තං ඉතින් බෙල්ලනෙ යන්නෙ.
රජාගේ කවි කියවිල්ල වගේම තමයි රාජ්‍ය පාලනේත්. ඉතින් කාලයක් යනකොට ඇමති මණ්ඩලයටත් රජාගේ කවි කියවිල්ල වගේම රජාවත් තිත්තම වෙලා ගියා. තිත්ත උනා කියලා දෝසාබියෝගයක් ගේන්නයි කියලද. ඇමතිලා සතරකන්, අටකන් මන්ත්‍රන තියලා පැලෑනක් ගැහුවා රජාව මරවන්න කියලා. ඔය ලොකු ලොක්කෝ පැලෑන් ගැහුවට ඔව්වා කිරියාත්මක කරන්න වෙන්නේ ඉතින් සොක්කන්ටනේ. මෙදා පාරත් එහෙම්මමයි. රජාව මරන වැඩේ බාර දුන්නෙ කරණවෑමියට, අර කොන්ඩෙ කපන්නේ. රාජකීය කොන්ඩේ කපන ගමන් රාජකීය බෙල්ලට දැලිපිහිය තියලා අදින්නය කියලා තමයි උපදෙස් ලැබුනේ. මොන උපදෙස ලැබුනත් කරණවෑමියා වෘත්තීය කොන්ඩෙ කපන්නා මිස බෙලි කපන්නා නෙමෙයිනේ. තමන්ගේ බෙල්ල බේරා ගන්න ඔනෙ නිසා බයෙන් බයෙන් තමයි වැඩේට අත ගැහුවේ.
ඔන්න ඉතින් රජත් පාන්දරම අවදි වෙලා සිරියහන් ගබඩාවට වෙලා බලන් ඉන්නවා දවසේ වැඩ පටන් ගන්න කලින් රැවුල එහෙම කපාගෙන පිලිවෙලක් වෙන්නය කියලා. වෙනදා පාන්දරම රැවුල කපන්න ගියාට අද කරණවෑමියාට අඩියක් උස්සා තියා ගන්නත් බැර තරමට බය. ඒ නිසා පොඩ්ඩක් ප්‍රමාද වෙනවා. රජත් කම්මැලි කමට ගිහින් සිරියහන් ගබඩාවේ කවුලුවෙන් රාජකීය උයන දිහා බලනවා. අප්පුච්චියේ පාන්දරම ගාලෙන් පැනලා ආපු තඩි මී හරකෙක් රාජකීය උයනේ රාජකීය ගලක අගක් අතුල්ලනවා. මේක දැක්කම රජාට කවි සිතුවිල්ලක් පහලවෙච්චි. උඟුරේ රැල් බුරුල් එහෙම ඇරපු රජතුමා හොද සද්දෙට කවියක් කියනවා.
කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..
කවියක් කියන්න කට ඇරියට දෙවනි පදේ ගලපගන්න රජාට බෑ. ටික වෙලාවක් කල්පනා කරපු රජා දෙවෙනි පදෙත් කියනවා.
කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..
ඔන්න එතකොටම කරණවෑමියාත් රජතුමා කිට්ටුවට එනවා රැවුල කපන්නය කියලා. රැවුල කපන්න කලින් දැලි පිහිය මුවහත් තියන්න එපැයි. කරණවෑමියා ඒ කාරිය කරණ කන් රජතුමා තුන්වෙනි පදෙත් කියනවා.
කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..
මේක ඇහිච්චච කරණවෑමියට මල මුත්තර පිට නොවුනා විතරයි. රජතුමා හතරවෙනි පදයත් කියලා රාජකීය ලීලාවෙන් කවිය අහවර කරනවා.
කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..
වෙන්න යන සන්තෑසිය ඔක්කොම රජතුමා දන්නවයි කියලා හිතපු කරණවෑමියා රජතුමාගේ දෙපා මුල වැද වැටිලා සමාව ඉල්ලා තමන් කොරන්න ගිය කාරියත් කොරන්න කියපු ඈයොත් ඔක්කොම වක්කඩ කැඩුවා වගේ කියනවා. රජත් අන්දුන් කුන්දුන් වෙලා. කොහොමින් කොහොම හරි රාජකිය කුමන්ත්‍රණයක් අහුවුනානේ.
රජතුමා කරණවෑමියාට නං සමාව දුන්නා කියලයි ආරංචිය. ඇමති මණඩලේට නං මොනවා උනාද දන්නෙ නෑ. අර මී හරකටනං රාජකීය හරක් ගාලේ නායක මී හරකා විදිහට උසස් වීමක් ලැබුනලු.
ප:ලි.
සිව්දෙස හෝ මුතුහර සගරාවක පලවූ ලිපියක් කියවූ මතකයෙන් ලියුවෙමි. චන්දනගේ එකල රජවරුද කවි කීහ පොස්ටුව කියවීමෙන් මතකයට නැගුනකි. ඡායාරූපය අන්තර්ජාලයෙනි.
ලංකාවේ රජා වගේ රන් ගොජෙක් නේ බං. හිකිස් නියම පොරක්. පොරගේ නම වැඩ බැරි ටාසන්ද දන්නේ නැහැ නේද?
ReplyDeleteහි හි.. රන් ගොජෙක් කිව්වට කෙහොම හරි ජාමේ බේරා ගන්නවනේ...
Deleteහික්.. හිකිස්..
ReplyDeleteමට ඕක අහපුවහම අර කවි මඩුවක උන සිද්දිය මතක් උනා බන්.
මේ කවි මඩුව සුදානම් කලේ අංගම්මන සුමන කියලා කවි කාරයෙක්.. ඔන්න දැන් විරුද්ධ පැත්තේ එකෙක් කවියක් පටන් ගත්තා
අංගම්මන සුමන... අංගම්මන.... සුමන. ( දෙවෙනි පදේ එන්නේ නැහැ ඒ නිසා අපහු...)
අංගම්මන සුමන... අංගම්මන.... සුමන. ( ඒ සේතෙමයි වෙන පදයක් මතක් වෙන්නෙම නැහැ අපහු එකම කියවා)
අංගම්මන සුමන... අංගම්මන.... සුමන. ( දැන් අංගම්මන සුමන කවි කාරයට මල පැනලා .. නැගිටලා තුන්වෙනි පදේ මෙහෙම ඉවර කලාලු)
අංගම්මන සුමන. උඹේ අම්මට **න .
මටත් ඒක මතක් උනා. ඕකේ තව පද දෙකක් තියනවා නේද..? :)
Deleteහිහ්... තව පද ගොඩාක් තියෙනවා..ඒ ටික මෙතැන කියන්ට බෑ..නැත්තං කියනවා,,, :D
Deleteඒව නං නොකියන තරමට තමා හොද :D
Deleteඅද දවසේ කතාව අයිලාෂ් ගානේ....
Delete@Ayilas A
Deleteබොලාටත් මතක් වෙන එව්වා...
@Chandana
තව පදයක් .තියෙනවා මෙහෙම
අංගම්මන සුමන පෝයට සිල් රකින..:D
@Chinthaka Supun
කොටු දාල කියපං මචන්
@සමී
:D :D :D :D
@යාන්ත්‍රිකයා
:D :D :D :D
රජාගේ වෙලාවට තමයි මීහරකෙක් ආවේ එකම පදේ කයි කියන්න නැත්තනම් තව පොඩ්ඩෙන් රජා සුන්
ReplyDeleteසුන් කියන්නේ සුනේ සුන්...
Deleteබලාගෙන ගියාම රජාගේ කවි කියන්න තියන දක්ෂතාවයේ මදිකම නිසා තමයි ජීවිතේ බේරිලා තියන්නේ.. කොහොමත් රජෙකුගේ ඇඟට අත තියන්න හරි බයයි ලු මිනිස්සු.
ReplyDeleteආ මගේ ලින්ක් එක දැම්මට තෑන්ක්ස් මචං :)
Deleteරජා පිලිවෙලකට කවිය කිව්වනම් බෙල්ල බේරගන්න වෙන්නේ නෑ.
Deleteඒක තමයි....වෙලාවට මි හරකා ආවේ....නැත්තන් රජා සුන්.....
ReplyDeleteසුන් නේන්නං... මී හරකගේ පිනද?? රජාගේ පිනද??
Deleteරජා කොහොම උනත් මාර ලකී රජෙක් ඈ...
ReplyDeleteලකී කියන්නේ මාරම ලකී..
Deleteබණ්ඩෝ අනිත් පද ටිකත් දාපං මුළු කවියම හුදි ජන පහන් සංවේගය උදෙසා..
ReplyDeleteඔච්චර තමයි බන්.. කවියකට පද හතරයි නොවැ.. ඔය තියෙන්නේ හතරක්ම! :D
Deleteරජාට ඇති මොලේකුත් නෑ... නැති එකකුත් නෑ...
ReplyDeleteමොලේ නැති නිසානෙ බන් උදේට මී හරක් දිහා බලාගෙන කයි කිය කිය ඉන්නේ..
Deleteහැබැයි කයි පබදින්න නං දස්සයා :D
අර අපි කියන කහමල් අත්තක් සැලුනා සිංදුව වගේ කවියක් නේ...
ReplyDeleteමොකක්ද බන් ඒ කවි සංදුව..
Deleteසිංදුව නං දන්නවා ඒත් කවි වර්ෂන් එකක් නම් මතක් වෙන්නෙ නෑ.
කතාව නං හොඳයි...
ReplyDeleteඒත් තම රටේ නායකයා කවුරු වුවත්(මෙතැනට පුද්ගල නාම ආරූඩ කරගන්න එපා) ඒ නායකයා ට අවමන් කීරිම මම අනුමත නොකරමි.නායකයා නුසුදුසු නම් ඔහු ඉවක්කර වෙනත් කෙනකු පත්කර ගැනීමට රට වැසියාට අවස්ථාව ඇත.
කිසිවකුට අවමන් කිරීමේ චෝදනාවකින් ලිව්වේ නැත. නොදැන හෝ වරදක් සිදුවී ඇත්නම් සමාව ඉල්ලා සිටිමි.
Deleteමී හරකා උනත් රජාව බේරුවනෙ..!
ReplyDeleteනැතුව නැතුව.. ඌ රාජකීය මී හරකෙක්
Deleteනියම කතාව
ReplyDeleteස්තුතියි..
Deleteබණ්ඩා මම හිතන්නෙ අරූව රාජ්‍ය ආරක්ෂක ඇමති හැටියට පත්කරගත්තා කියලයි
ReplyDeleteහේ හේ මී හරකෙක්නේ...
Deleteඅවුලක් නෑ බොල එහෙමතැන්වල මීහරක් නැතුවයෑ.
Deleteකලින් අහලා නැති කථාවක්...
ReplyDeleteපරණ මුතුහර හරි සිව්දෙස හරි සගරා ටිකක් හොයා ගත්තා නම් ඔන තරම් මේ වගේ කතා හොයා ගන්න පුලුවන්..
Deleteකවි මඩුවක වෙච්ච ඔවැනි සිද්දියකුත් අහලා තියෙනවා බංඩෝ.
ReplyDeleteමී හරකට උනත් නිසි තැන ලැබීම ගැන සන්තෝසයි :D
ReplyDeleteහික් හික් .........ඇදගෙනම නාලා වගේ !
ReplyDeleteමී හරකට ගිය කල !අද වෙන්නෙත් හුගක් ඔය වැඩේ තමයි ..පැත්තක ඉන්න එකෙක්ට තමයි උසස්වීම !
අන්තිමට රජා ගොඩ.. ඒකනේ රජවරු මීහරක් ළඟ තියා ගන්නේ..
ReplyDeleteහ්ම්ම් එදා තමයි ඔය මී හරක් ප්‍රතිපත්ති පටන් ගන්න ඇත්තෙ..
ReplyDelete