ගෙපැලේ මිත්තරයෝ

මඟුල් පෝරුවට පෙර - යහන්ගතවූ පවට


රඟහලේ අඩ අදුරෙ -සැදෑවේ වෙරළ  ඉම 
තුරුලු වී ආදරෙන් 
විඳි ප්‍රේමයේ උණුසුම 
මදි උනා සනසන්න අපේ පෙම් පිපාසය

මඟුල් පෝරුවට පෙර  
යහන්ගතවූ පවට 
වැරදි කාරියක් මම 
බෑ කිව්වෙ නැති නිසා  රූම් යමු කිව්වහම

ඔබේ දරු පැටියෙක්ව
තුරුල් කර නලවන්න
මවපු ඒ හීන ලොව
නොහිතපු විදිහකට - හැබැ වෙන්න යන බව
දැනගත්ත ගමන් ඔබ
වෙනස්  උන වේගය
හිතා ගන්නවත් බෑ -  මම තනි වෙලා බව

නෑ තනි වෙලා මම
අම්ම ඇත මගෙ ලගම
කේන්තියෙන් බැන්නාට - කම්මුලට ගැහැව්වට 
බර නැතිලු ගහේ ගෙඩි - ගෙඩි හදපු ඒ ගහට 

ඒත්

දරන්නට බෑ මට 
මම උපද්දන ඵලයේ බර 



    






41 comments:

  1. දෙමාපියො දරුවො තනි කරන්නෑ..මොනම තත්වයකදීවත්..!

    ReplyDelete
    Replies
    1. ඔව් .
      අම්මලට තාත්තලට දරුවෝ බර වැඩි නෑ..
      ඒත් කුසෙන් බිහිකරපු පළියටම, ජාතක කරපු පළියටම අම්මෙක් තාත්තෙක් වෙන්න පුලුවන්ද?
      සමහර අයට දරුවෝ බර වැඩි වෙනවා..දරා ගන්න බැරි වෙනවා.

      Delete
  2. පට්ට තේරුමක් තියෙන කවියක් බණ්ඩා කාලෙකින් ආවත් ලස්සන නිර්මාණයක් එක්ක ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෝරලේ මහත්තයෝ.

      Delete
  3. රෑ තාරුකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කදුලින් පෙගී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    ආශා ගගුල් යා වුණා..

    මේ ක්ලැරන්ස් මහතාගේ ගීයක්... :)

    ජය !

    ReplyDelete
    Replies
    1. දරුවන්ගේ දුක් කඳුලු දකින දා
      සුරලොව සිට අතපා
      ඒ කඳුලැලි පිසිනා..
      අම්මා වරුනේ.... සම්මා සම්බුදු අම්මා වරුනේ !!

      මේ නන්දා මාලිනියන්ගේ ගීතයක්...

      ජය වේවා!!

      Delete
    2. සාගර වෙරළේ සොඳුරු සැන්දෑවක
      රඟහල පෙම්බස් අඳුරු නිමේෂෙක

      ඔබේ බිලිඳා මා තුරුලේ හොවාලා
      නලවන්නයි මා උන්නේ බල බලා.

      Delete
  4. හිතන්න තියෙන කවියක්...
    සුළු මොහොත ගැන හිතලා හැඟීම් වලට වහල් උනොත් ඉතිං සොරි තමා...
    මොන දේ උනත් අම්මා තාත්තලා තමා අන්තිමට ඉතුරු වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ළිප ගිනි මෙළවෙන තෙක් දිය සැළියේ..
      සැපයක් යයි කකුළුව දිය කෙලියේ..

      දුර දිග නොබලන එක තමයි කරන ලොකුම මෝඩ කම. උනාට පස්සේ කොච්චර ඇඬුවත් වැඩක් තියෙනවද?

      Delete
  5. හප්පේ හුග දචසකින් නෙවද මේ...හ්ම්.. අනන්තයි අප්‍රමාණයි...

    ReplyDelete
    Replies
    1. ටික දවසකින් නම් තමා...

      Delete
  6. බණ්ඩිගේ කවියට ළඟින් යන පොස්ට්ටුවක් මම ළඟදි දැම්මා."දැන දැනත්" අර්ථවත් නිර්මාණයක්

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  7. බණ්ඩි.. :/ මම බණ්ඩා හරී...

    දැන දැනම නේන්නං මේ වලේ වැටෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ‍හෝ සමා‍වෙන්න............

      Delete
  8. මේ යුගයෙත් තමත් මේ විදිහෙ මෝඩකම් කරන අය ඉන්නව කියල පත්තර බැලුවම තේරෙනවා. පවු ගෙවන්නෙ උපදින නොදරුවො.. කාණුවලයි කුණුගොඩවලයි..

    ReplyDelete
    Replies
    1. තාමත් ඒ මෝඩකම් ඒ විදිහටම වෙනවා. උපත් පාලන ක්‍රම මෙච්චර දියුනු සමාජයේ අනවශ්‍ය ගැබ් ගැනීම් අනන්තවත් වෙනවා. ලොකු මිනිස්සුන්ගේ වැරදි අන්තිමට යන්නේ පොඩි උන් පිටින්..

      Delete
  9. අනේ මන්දා මොනා කියන්නද කියල. ඔය වගේ දේවල් වලට මුණ දෙන්න වෙන්නේ දුර දිග නොබලා වැඩ කරනකොට තමා. අන්තිමට දුක් විදින්නේ කොහෙවත් ඉන්න දරු පැටියෙක්.....

    ReplyDelete
    Replies
    1. අන්තිමට දුක මුකුත්ම නොදන්න දරුවට..

      Delete
  10. හැගීම් වලට වහල් වෙලා ගන්න තීරණ වල පව ගෙවන්නෙ උපදින මේ දරුවො බව තමා මගේ හැගීම...

    ReplyDelete
    Replies
    1. අම්මෙක් අප්පෙක් නැති අවජාතයයි හංවඩු ගැහෙන අහින්සක දරුවෝ.

      Delete
  11. Single Parent සංකල්පය පෙරදිග වප‍රැඉන් බලන එකක්. බටහිර නම් රජයෙන් ආධාරත් දෙන තැන් තියෙනවා මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. Single Parent සංකල්පයට කලින් නේද උපත්පාලන ක්‍රම එලියට ආවේ.
      පෙරදිග සංස්කෘතිය Single Parent සංකල්පය දිහා වපර ඇසින් බැලුවට උපත් පාලන ක්‍රම පිලිබද එහෙම ප්‍රශ්න නෑ නේද.
      අශ්වයා පැනලා යන්න කලින් ඉස්තාලය වහන්න අනන්තවත් ක්‍රම තියෙන කොට, ඇයි අශ්වයා පැනලා ගියාට පස්සේ ක්‍රම ගැන හිතන්නේ.

      Delete
    2. හෙහ් හෙහ් නැත්නම් ඉස්තාලෙ පැනල යන්න කලින් අස්සයා වහන්න ඕනෙ ඒ කිව්ව වගේ.

      බණ්ඩා කවියක් ලිව්වාම අපි ඒක අල්ලගෙන රටේ නැති පණ්ඩිතකම් දෙඩෙව්වද මන්දා කවිය රස නොවිඳ,

      Delete
  12. හුගක් ගැහැණු ළමයි හිතන්නෙ මේ දේවල් ආදරේ නිසා කියනවා කරනවා කියල, ඒත් ඇත්ත දැනගද්දි පරක්කු වැඩියි... කෙල්ලොත් ටිකක් කපටි වෙන එක හොදයි මේ වගේ වෙලාවට...

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක්ට තමන්ගේ ආදරේ ප්‍රකාශ කරන්න අනන්තවත් ක්‍රම තියෙනවා. ලිංගික සම්බන්ධකමකට යන්නම ඕනෙ නෑ. කෙල්ලෙක්ට කොන්ද පන තියෙන්න ඕනේ තමන්ට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් දේවල් වලින් ඈත් වෙන්න. කොල්ලා අනවශ්‍ය බලපෑම් කරනවා නම් කොල්ලව අතඅරින්න උනත්.

      Delete
  13. පෙම් පවස සනසන්න
    දිය බිඳක් සොයා ගොස්
    මත් වුනිද රාගයෙන්..
    මත් බවින් ගී ගයා
    රඟන විට දී එදා
    නොදත්තේද සොයුරියේ,
    හංස ගීතයක් බව
    ගයන්නේ ඒ ලෙසින්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගේ පොස්ටුව ලස්සන කරාට..

      ජය වේවා!!

      Delete
  14. සුන්දර නිර්මාණයක් බණ්ඩා....හරිම අගෙයි.

    ReplyDelete
  15. ඵලය සෑහෙන්න බරයිනේ නෙහ්? 2.8 කේජීලු :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.
      සෑහෙන්න බරයිලු..

      Delete
  16. පුතුනි නුඹ නැත මට බර
    නමුදු ලොවටම නුඹ බරය
    අප්පා නැති උඹේ උප්පැන්නේ
    ඉරි කෑල්ල උන්ට ලොකු වැඩිය

    ඉස්කෝලෙදි නුඹ ගොළුය
    උඹ ඉස්සරහ මං ගොළුය
    කොපමණ කලත්, ලෝකෙට
    වේසිගෙ පුතා නුඹම විය

    ReplyDelete
    Replies
    1. මේ අර අවිස්සාවේල්ලේ සිද්ධියද?

      Delete
    2. මේක ලියන්න මට හේතු උනේ ඇත්තම සිද්ධියක්. අපි කිහිපදෙනෙක් විතරක් දන්න ප්‍රසිද්ධ නොවුන ඇත්තම සිද්ධියක්. ලෝකෙට බරක් උන දරුවා ඉපදිලා ඒ දරුවට අලුතෙන් අම්මෙකුයි තාත්තෙකුයි හම්බවෙලත් ඉවරයි.

      Delete
  17. අපිට ඉතිං දුකට සැපට අම්ම විතරක් නොවේ අම්මයි තාත්තයි දෙන්නම දෙයියෝ වගේ තමා ,සුපිරියි නිර්මාණය ..

    ReplyDelete
    Replies
    1. අපි ගොඩක් වෙලාවට අම්මාගැන විතරක් කතා කරාට තාත්තත් කොච්චර වටිනවද. කවුරු කොහෙම කිව්වත් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ ඒ දෙන්නා විතරයි.

      Delete
  18. අද තමයි බණ්ඩාගේ පැත්තේ ආවේ.
    පුදුම තේරුමක් තියෙන කවි ටිකක් බණ්ඩෝ ..
    කියල වැඩක් නැහැ ...උපරිමයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතීයි මේ පැත්තට ආවට..

      Delete
  19. මෝල් ගහත් ඇවිළුනි කරුම ගින්නට... උණුසුම මදිඋනා ඔය පැලේ ඉන්නට... ආගිය මාවතත් ඉම නෑ පෙනෙන්නට... අම්මේ දොර අරින් නුඹේ පොඩි හිඟන්නිට.... හැගීම් නැති ජීවිතත් මෙලෝ රහක් නෑ. ඒත් හැඟීම් වලට බුද්ධිය යට කරන්න ඉඩ දෙන්නත් හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. හැගීම් වලට යට වෙන එකනේ ප්‍රශ්නය. කොරන දෙයක් කිරලා මැනලා ගනකට කර ගත්තනම් පස්සේ විදවන්න දෙයක් නෑනේ..

      බොහොම ස්තුතියි මේ පැතතට ගොඩ උනාට..

      Delete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.