ගෙපැලේ මිත්තරයෝ

දෙතනගල Dethanagala

                      දිනය 2013 නොවෙම්බර් මස 09 වෙනිදායි . ගණනින් දස දෙනෙකු වූ අප සැරසෙන්නේ තවත් පා ගමනක් නොහොත් කඳුතරනයකටයි. උදෑසන 6ට මහරගමින් බලංගොඩ බලා දිවෙන බසය අපගේ ගමනේ ආරම්භය සනිටුහන් කලේය. මෙවර චාරිකාව තරමක් සුවිශේෂී එකකි. ඒ හෝමාගම බාලදක්ෂ දිසාවේ පළමු වන මානවක සමූහයේ කුළුදුල් චාරිකාව වන නිසයි. නමුත් අප පිරිසෙන් දෙදෙනකු පමණකි මෙවන් චාරිකා සදහා නවකයන් වන්නේ.

                   සංවිධානය මානවක සමූහය මගින් නිසාදෝ පළමු බිස්කට් පැකට්ටුවේ අවසානය මීපේ නගරය ආසන්නයේදී සනිටුහන් කරන්නට අප සමත්වූයේය. පෙරවරු 10ට පමණ බලංගොඩ නගරයෙන් බසින විටදී ග්‍රෑම් 500යක පමණ  චොකලට් බිස්කට් , වඩේ 20 කට ආසන්න ප්‍රමාණයක්, බටර් තවරන ලද පාන්, මුරුක්කු කිලෝවකට ආසන්න ප්‍රමාණයක්, අඹ යුෂ බෝතලයක් වැනි ආහාර අපගේ ගබඩාවෙන් ඉවත් කරන්නට අප සමත්ව සිටියෙමු.  බලංගොඩ නගරයෙන් මාරතැන්න ගම්මානය බලා යන බසයකට ගොඩවු අපි පැයක පමණ ගමනකින් පසු මාර තැන්න ගම්මානයෙන් බැස ගත්තෙමු. බසයේ ගමනාන්තය එය වූ අතර අප පිරිසට අමතරව ඒ වන වට එහි සිටියේ එක් කුඩා ගෑනු ළමයෙක් පමණකි. ගම් වැසියන් කිහිපදෙනෙකුගෙන් විමසා නිවැරදි මාර්ගය සොයා ගත් අපගේ දැඩි අවදානය යොමු වූයේ ඔවුන් නොයන්නයයි තරයේ අවවාද කල කන්දක් වෙතය. දෙතනගල යනු මුදුන් දෙකකින් යුත්  කාන්තාවතගේ පිරිපුන් පියොවුරු යුවළ සිහිපත් කරවන සුන්දර කඳු වැටියකි.
(ගන මීදුම නිසා අපට මෙවන් දර්ශනයක් දක්න‍ට නොලැබුනේය. මෙම ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි)

 අපට නොයන ලෙස අවවාද කල කල කන්ද පිහිටා තිබුනේ දෙතනගලට කඳුවලට දකුණු පසට වන්නටය. මේ කදු වැටි දෙක අතරින් සුන්දර දිය පහරක් ගලා ගෙන ගියේය.
                   අපගේ මූලික අරමුණ දෙතනගල තරණය බැවින් ගම්වැසියන් පෙන්වූ මග දිගේ ගමන් කිරීමට පටන් ගත්තෙමු. ගමනේ මුල් අධියර තේ වත්තක් මැදින්ය. 

ඉක්මනින්ම තේ වත්ත අවසන් වූ අතර රූස්ස ගසින් පිරුනු වනාන්තරයක් තේ වත්තට මායිම්ව පිහිටා තිබුනේය. අපේ මාර්ගය වැටී තිබුනේ  ඒ හරහායි.

 මේ දිනවල වරින් වර ඇදහැලෙන වර්ෂාව නිසා තරමක තෙත් ගතියක් පෙන්වූ වනය තුල අපගේ තනි නොතනියටදෝ කූඩැල්ලන් බුරුතු පිටින් සිටියේය.  තරමක් දුශ්කර වූ නැග්මක් සහිතවූ අඩි පාරක ගමන් කල අපි සවස 3න පමණ වන විට පළමු කඳු මුදුනට ලගා වූයෙමු. අප ගමන ආරම්භ කල මාරතැන්න ගම්මානයේ සිට බලන කල අප පැමිණ සිටින්නේ වම්පස කඳු මුදුනටයි. හාත්පස දක්නට ලැබෙන  දර්ශනය කෙතරම් චමත්කාරජනකදැයි කීමට අපට නොහැකි වූයේ අප වටකර සිටි ගන මීදුමට පින්සිඳුවන්නටය.


 නමුත් ඉතාමත්  සුලු මොහොතකට හෝ දකුණු පස කඳු මුදුනේ දර්ශනයක් නොපෙන්වා නොසිටින්නට තරම් මීදුම අකාරුණික නොවූයේය. 

 මෙබදු චාරිකාවලදී දීවා ආහාරය වන චොකලට් බිස්කට් මේ අවස්ථාවේදීද අපට පිහිට වූයේය. වෙනසකට තිබුනේ ඒ අතරට පෙති බදින ලද මයියොක්කා එකතු වීමයි. 
       දිවා ආහාරයෙන් පසුව දෙවන කඳු මුදුන බලා ගමන් ඇරඹුවෙමු.දෙවන කඳු මුදුන පිහිටා තිබුනේ පලමු කඳු මුදුනට බටහිර දෙසට වන්නටය.  පළමු කඳු මුදුනේ සිට මද දුරක් පහලට බැස අඩි පාර දෙකට බෙදෙන ස්ථානයකින් නැවත ඉහලට ගමන් කිරීමෙන් දෙවන කඳු මුදුනට ලගා විය හැකි විය. දෙවන කඳු මුදුන කරා දිවෙන පාර කලෙකින් කිසිවෙකුත් බාවිතා නොකරන ලද්දකි. අඩි පාරක සේයාවක් යන්තමට වාගේ සොයා ගත් අපි මාලිමාවද බාවිතා කරමින් දෙවන කඳු මුදුනට ලගා වූයෙමු. මෙහි කඳු මුදුන ගස් කොලන් වලින් පිරී තිබුනේය. වට පිටාව නෙපෙනන තරමට මීදුමද දැඩිවූ අතර මෙම කඳු මුදුනේ සිට නම් මීදුම රහිත දිනයකදී වුවද අවට බැලීමට නොහැකි තරමට ගස්  වැවී තිබේ. 
එම කඳු මුදුනේ සිට නැවත පාර දෙකට බෙදුන ස්ථානය දක්වා වූ මාර්ගය තරමක දුශ්කර කාර්යයක් වූයේය. කෙසේ හෝ සවස 5 පමණ වන විට අප අඩි පාර දෙකට බෙදෙන ස්ථානය වෙත පැමිනියෙමු. මේ වන විට අප සතුව පැවති ජල ප්‍රමාණය ශ්‍රීඝ්‍රයෙන් අවසන් වෙමින් පැවති අතර මෙතෙක් ගමනේ කිසිඳු ආකාරයක ජලය පිළිබද හෝඩුවාවක්ද  නොවීය. අප කඳවුරු බදින්නට තෝරා ගත් බිම පිහිටා තිබුනේ කන්දේ මැද හරියට වන්නටය. එය පෙර කිසිවකු විසින් කඳවුරු බිමක් ලෙස භාවිතා කළ ස්ථානයකි. ඒ අසලින් දිය පහරක් ගලා යන්න‍ට ඇතැයි සිතිය හැකි තරමක ගැඹුරු කානුවක් (මිනිස් දෑතින් කපන ලද්දැකයි සිතිය හැකි කානුවක්) පිහිටා තිබුනේය. බොහෝ කලකට පෙර නම් එය ජලයෙන් පිරී පවතින්නට ඇත. අප අවසානයේ  තීරණය කලේ එම ස්ථානයේ කඳවුරු  බැද ගැනීමටත් කිහිප දෙනෙකු එම කාණුව දිගේ ඉහලට ජලය සොයා යෑමටත්ය.
          

            තරමක වේගයෙන් පහළට ගමන් කළ අපට කඳවුරු බිම හමුවන විට සවස 6 පමන වන්නට ඇත.  ජලය සොයා  පිටත් වුනේ මම, ඉන්දු හා  ලසන්ත අයියාය. හිස්ව තිබූ ජල බෝතල් සියල්ලම කූඩාරම් මල්ලකට දමා ගත් අපි විදුලි පන්දමේ ආලෝකයෙන් ජලය සොයා පිටත් වුනෙමු. ජලය සොයා අප ගමන් කලේ එක් පසෙක දල බෑවුමක්ද. අනෙක් පස දල නැග්මක් සහිත කන්දකටද  මැදිවූ අඩි 5ක්  පමණ පළල වූ තීරුවකිනි. කන්දට ආසන්නයෙන් පෙර කී කානුව කපා තිබූ අතර එම කානුව ගන කොල තට්ටුවකිනුත් එරෙන සුලු ස්භාවයකිනුත් යතු වූ නිසා අප  බෑවුමට ආසන්නයෙ වූ පටු මාර්ගයේ ගමන් කලෙමු. මඳ දුරකදීම ජලය පිළිබද හෝඩුවාවක් අසන්නට ලැබුනේය. ඒ දිය ඇල්ලක ශබ්දයක්ය.  මිටර් 500ක පමණ දුරක් ගිය විට අපට ජලය හමුවුනේය.

 කඳුවැටියේ බඳ වටා ගලා යන දිය පහරක් එම ස්ථානයෙදී  කන්දෙන් පහලට ගමන් කරන්නට පටන් ගනී. කඳවුරු බිම අසලින් කපා ඇති කානුව සෑදු මිනිසුන්ගේ අභිප්‍රාය වන්නට ඇත්තේ කන්දේ අනෙක් පසට ජලය ගෙනයාමයි.  නමුත් විය යුතු පරිද්දෙන්ම මෙවරද සොභාදහමට මිනිසා පරාජය වී තිබුනේය.
අප නැවත කඳවුරට එන විට කූඩාරම් සකසා ගිනිමැලයක්ද දල්වා තිබුනේය. අප ගෙනා වතුරෙන් කෝපි සෑදිමේ කාර්යය තාරක බාරගත් අතර. චින්තා ඒ වන විටද අල පුලුස්සමින් සිටියේය.

 පරිප්පු සෑදීම දිනුක විසින් බාරගෙන තිබුනේය. පාන් පරිප්පු සහ සීනි සම්බෝල අද රාත්‍රී ආහාර වේලට අයත්ය.  රාත්‍රී 8ට පමණ වන විට ආහාර ගත් අපි සිහින් පොදයක් වැටෙන්නට වු බැවින් කූඩාරම් තුලට රිංගා ගත්තේ නිදා ගැනීමටය.  වැස්ස ටිකින් ටික වැඩි වූ අතර කූඩාරම යටින් ජල පහරක් ගලා යන්නට වූයේ කූඩාරමේ බිම් රෙද්ද තෙත බරියම් කරමිනි. වැතිර නිදන්නට නොහැකි වූ  නිසා අපි පිටට පිට හේත්තු කරගෙන වාඩි වී  සිංදු කියන්නට පටන් ගත්තේය. සිංදු කවි කරමින් කවි කතා කරමින් එකා දෙන්නා නින්දට වැටුනු අතර බිම් රෙද්දේ තෙත් බවද නොතකා වැතිර  නිදා ගත්තේය.  වර්ෂාව අවසන් වන විට මධ්‍යම රාත්‍රිය පසුවී තිබූ අතර ගිනි මැළයේ ගිනි පුලිගු ඒ වන විටද යන්තමින් දැල්වෙමින තිබුනේය. දිනුක හා ඉන්දු නැගිට ගොස් ගිනි මැළය දැල්වූ අතර එකා දෙන්නා ගිනිමැළයේ පහස සොයා තෙතබරියම් වූ කූඩාරමෙන් නැගට ආවේය.  පාන්දර ‍2ක පමණ වන විට අහසේ තරු පායා තිබූ අතර, නැවත වැස්සක් නොවැටේවිය යන සිතුවිල්ලෙන් අප තෙත ඇඳුම් මාරු කලෙමු. වියළි ඇදුම් ඇඳ ගිනි මැලය වටේ වාඩි වී සිටින අපට ඊළගට අවශ්‍ය වූයේ කෝපි කෝප්පයක් තොල ගෑමටයි. සවස් වරුවේ ගෙන ආ ජලය ඒ වන විටද අවසන්ව තිබූ අතර මමත් ලසන්ත අයියාත් නැවත වරක් දිය පහර සොයා ගමන් කලෙමු.  කෝපි සාදා අවසන් වන විට කිහිප දෙනෙකු කූඩාරමට වි නින්දට ගොස් තිබූ අතර ඉතිරි අපි කිහිප දෙනා කෝපි කෝප්ප දෙක තුන බැගින් බිව්වෙමු. කූඩාරමට රිංගා ගත්තවුන් කූඩාරම බදු ගෙන තිබූ නිසා මම,ඉන්දු , දිනුක, ලසන්ත අයියා හා සුරංග අයියා ගිනි මැලය වටේ වාඩි වී වල් පල් දොඩවමින් රැය පහන් කලෙමු.

උදෑසන 6 පමණ වන විට නිදා සිටින්නවුන් අවධි කල අපි, උදෑසන ආහාරය සෑදීම ඔව්නට බාර දී නිදන්නට උත්සාහ කලෙමු. කෑකෝ ගසමින් ආහාර පිසින ඔවුන්ගේ ශබ්දය නිසා අපට නිදා ගන්නට හැකි වූයේ විනාඩි 5ක් පමණ කාලයක් වන්නට ඇත.
උදෑසන ආහාරය ලෙස නූඩ්ල්ස් සමඟ සීනි නැති කිරි තේ ලැබුනේය. අප සීනි ගෙන ආවේ වේල් දෙකකට පමනක් වන අතර. පාන්දර බිව් කෝපි නිසා සිනි අවසන්ව තිබුනේය. පෙරදින ඉතිරිව තිබූ පාන් ගින්නට අල්ලා කර කර ගත්විට ඒ සමග සීනි නැති තේ බීම එතරම් අමාරු නැත.

අප කඳවුරු බිමෙන් පිටත් වන විට පෙරවරු 9 පමණ වන්නට ඇත.සියල්ල හොදින් පිරිසිඳු කොට, පොලිතින් හා කුණු කසල සියල්ල පුලුස්සා දමා ගින්න හොඳින් නිවා දමා යන්නට අප අමතක නොකලේය.
ආපසු ගමන සිදුවන්නේ  අප ජලය ලබා ගත් දිය පහරේ පහලට ගමන් කිරීමෙන්ය. අප උපකල්පනය කලේ  මේ දිය පහර හා කඳු වැටි දෙක අතරින් ගලා යන අපට පහලදී හමූවූ දිය පහර  එකක් කියාය. ඒ  උපකල්පනය වැරදුනේ නැත.  දිය පහර දිගේ පහලට ගමන් කිරීම  මුලදී එතරම් අසීරු නොවුනත්  පහලට යන්නට යන්නට හමුවන සෘජු බෑවුම් සහිත දිය ඇළි තරණය අපහසු විය. අවස්ථා කීපයකදී  එවැනි ස්ථානයන් අතහැර වනයට රිංගා රවුමක් දිය පහර වෙත නැවතත් ගමන් කලෙමු.  එක් අවස්ථාවකදී එවන් දුශ්කර දිය ඇල්ලකදී මා  කඹයක ආධාරයෙන් පහලට බැස ගත් අතර ඒ බැසීමේදී ජලපහරේ වේගය නිසා මා සම්පූර්ණයෙන්ම තෙමුණු අතර  වූ අතර පිටේ එල්ලා ගෙන  සිටි බෑගයද  දියබත් විය.

 හොදින් පොලිතින් මලුවල දමා තිබූ නිසා ජංගම දුරකථනය හා   කැමරාවලට හානියක් වූයේ නැත. නමුත් එවන් උපකරණ ප්‍රවේසම් කරගත යුතු නිසාම චින්තා හැර අන් කිසිවකු කඹයෙන් ඇල්ල පහලට බැස්සේ නැත.  පහලට යත්ම ගමන අතිශය දුශ්කර වූ අතර ඇල්ල දෙපස වූ වනයද මිනිස් පහසින් දූෂණය නොවූ අතිශය ප්‍රාථමික වනයක ලක්ෂණ පෙන්නුම් කලේය. වනය හරහා ගමන් කල සමහර අවස්ථාවන් වලදී ඉදිරියෙන් ගමන් කරන්නා නෙපෙනෙනෙ තරමට ගනව වැඩුනු ශාක එහි බහුල වූයේය. කෙසේ හෝ අතිශය දුශ්කර ගමනකින් පසුව අප වනයෙන් පිටතට එනවිට සවස 2 පසුවන්නට ඇත

මාර තැන්න ගම්මානයට පැමිණි අපි දිය පහරේ සුදුසු ස්ථානයකින් දිය නා ගත්තෙමු. ආපසු ගමනට සුදුසු ලෙස සැරසුණ අපි,තාර දැමූ පාරක් දිගේ බස් නැවතුම් පලක් සොයා ගමන් ගත්තෙමු. අප බලංගොඩ නගරයට එන විට සවස 6 පමණ වන්නට ඇත.  බලංගොඩ සිට පැල්මඩුල්ලටත්  පැල්මඩුල්ලේ සිට කලුඅග්ගල දක්වාත් එතැන් සිට මහරගම දක්වාත් බස් රථ 3ක සේවය ලබා ගෙන රිදුම් දෙන දෙපා වලින් යුතුව නමුත් සතුටින් විසිර ගියෙමු.  

ඡායාරූප සඳහා අනුග්‍රහය චින්තක, ඉන්ද්‍රරාජ්, ලසන්ත, සුරංග
බුකියේ ඡයාරූප ඇල්බම් චින්තක, ඉන්ද්‍රරාජ්, ලසන්ත, සුරංග
මග පෙන්ව! බ්ලොග් අඩවිය ලක් විස්කම්  

49 comments:

  1. ෂා ,, නියමයි ,, ඊයේ රෑත් සිරාගේ කාමරේ දැක්කෙත් මී මුරේ ට්‍රිප් එකක් ,, දකිද්දී ආසයි අප්පා , කෑම වට්ටෝරු දකිද්දී වගේ තමයි දැක්කම ආසයි ,,නියමයි

    ReplyDelete
    Replies
    1. ඒ ආසාව නිසාම තමයි අපිත් පුලුවන් හැම වෙලාවෙම රට වටේ රවුම් ගහන්නේ.
      කෑම වගේද අප්පා ට්‍රිප් එකක් කිව්වහම...

      Delete
  2. මේකත් පටං අරං ආයිත් අවුස්සන්න අපිව... කොහෙද මෙච්චර දවස් හිටියෙ... හි හි...

    කන්න බැරි අය සෙට් එකක් නෙ ගිහින් තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හි හි... වැඩ වැඩ වැඩ. දැන් ටික දවසක ඉදන් තමයි ආයෙත් පොඩි වෙලවෙක් හරි ලැබුනේ මේ පැත්තට එන්න..

      හි හි..

      Delete
  3. වාර්තාවට බොහොම ස්තුතියි. කෝ යකෝ මගේ පොයින්ට් ඔෆ් විව් එක? 

    ReplyDelete
    Replies
    1. හි හි... නම් ටික වෙනස් කරා නම් හරිනේ බන්...

      Delete
  4. උඹට හොඳ යාලුවෝ සෙට් එකක් සහ විවේකය තියෙනවා නේද මේ වගේ ගමන් යන්න.. අපිට නැත්තෙත් ඒ ටිකනේ... දිගටම මෙවන් සංචාර යන්න ලැබේව කියලා ප්‍රාර්ථනා කරනවා...

    බණ්ඩෝ "වාර්තා වැඩසටහන්" ගණයේ පුංචි වීඩියෝ එකක් හදන්න සෑම ගමනක් ගැනම.. කරන විදිහ ගැන දැනගන්න ඕනේ නම් මට කෝල් එකක් ගන්න.. මන් කියන්නම් සරළව එවැනි දෙයක් කරන හැටි ගැන...

    ReplyDelete
    Replies
    1. හොඳ යාලුවෝ සෙට් එකක් නම් ඉන්නවා.. ඒත් වෙලාව නම් අපි හැමෝටම ප්‍රශ්නයක්. බොහොම අමාරුවෙන් තමයි වෙලාවක් හොයා ගන්නේ..

      හොඳ අදහසක්.. ජොලියට කරපු පුංචි පුංචි වීඩියෝ නම් තියෙනවා. මම කෝල් එකක් දෙන්නම්.
      ස්තුතියි..

      Delete
    2. දුරකථන අංකය ලබා දෙනවානම් බොහොම පින්....

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. නියමයි බණ්ඩා. අපි පොඩි කාලේ ඔය බලංගොඩ හිටියනේ. ඉතින් ඔය කන්ද මට මතකයි. නමුත් මගේ මතක ගබඩාවේ ඕක ‍රැඳිලා තිබ්බේ දෙතනියගල කියලා. ඔන්න නිවැරදිකරගත්තා.

    අර කහපාට ඇඳගෙන ඉන්න බුවා හිණිගොඩට චූ කරනවා වගේ එක පාරටම පේන්නේ.

    ReplyDelete
    Replies
    1. කන්දට නම හැදුන හැටි ගැන මත දෙකක් තියෙනවා. එකක් තමයි රාම තමන්ගේ දණහිස් දෙක(දෙදණ)මේ කඳු දෙක උඩ තියලා රාවණ රජතුමාට දුන්නෙන් විද්දා කියලා. ඒ නිසා දෙදණගල වෙලා පස්සේ කාලෙක දෙතනගල වුනා කියන එක..
      අනිත් එක නිදාගෙන ඉන්න කාන්තාවකගේ පියයුරු වගේ නිසා දෙතනගල වුනා කියන එක.

      මටත් දැන් නම් පේනනෙම ඒ වගේ තමයි. හික්ස්...

      Delete
  7. මාර්ග සිතියමක් සග ගූගල් සිතියමක් දැම්මානම් හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. මම උත්සාහ කරන්නම්. අපි සාමාන්‍යයෙන් සිතියම් භාවිතා කරනවා අඩුයි.

      Delete
    2. OU ...AECHCHARAI ADU......

      Delete
  8. පට්ටම අත්දැකිමක් :)

    මට මතකයි මම ඇලන්ක්වාටමේන් ඉන්න කතාවක කියෙව්වා ඔහොම කන්දක් ගැන.. ෂිබාගෙ තනපුඩුව.. මට තාමත් මතකයි ඒකෙ ඇදල තිබුනු සිතියම..

    මම මේ දැනගන්න අහන්නෙ මචං.. දැං මෙහෙම ගමනකදි කෝමද වැසිකිලි පහසුකම් සපයාගන්නෙ උබලා ? අර ලන්දෙ ක්‍රමයටද ? :D නැත්නම් ඉවසා වදාරණවද ?

    ReplyDelete
    Replies
    1. උබේ බ්ලොග් ලිවිල්ලත් මගෙ වගේමනෙ බං :D පුදුමාකාර වේගයක් රදවගෙන තියනව අපි දෙන්නම :D මගෙත් ඔහොම්මමයි

      Delete
    2. මමත් ඒ පොත කියවලා තියෙනවා...

      කැලේට යන එක තමයි කරන්නේ. සමහර වෙලාවට ගෙදරට වඩා හොඳට වැඩේ කරන්න පුලුවන්. තෙත කොල අත්තක්/ තෙමා ගත්ත පත්තර කොලයක් හොදටම සෑහෙනවා. (වතුර හොයා ගන්න ටිකක් අමාරුනම්) කොලරොඩු ටිකකින්/ පස් ටිකකින් වැඩේ වහලා දාන්න පුලුවන්. හරිම සරලයි. පහසුයි

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. නියමයි බණ්ඩා...මේ ක්‍රමයෙ ගමන් වලට තමයි මම නම් හරිම මනාප....මට මී මුරෙන් පස්සෙ ඇලි 7 ගැන ලියන්න තියෙනවා...ඒ ගැනත් ලියන්නම් වෙලාවක....නැවතත් මේ ආකාරයේ ගමනක් ගියොත් මුල ඉදලම ෆොටෝ ටික ගහගෙන යන්න...උඹලගෙ ගමන නියමයි. උඩ ෆොටෝ එකේ බණ්ඩා කියන්නෙ කොයි කෙනාද ?

    ReplyDelete
    Replies
    1. udama photo eke dakunu patte ainema ahaka balagena inna kena thamai ape Banda,,,,,harima nihathamanee ekek thamai ....wadiya photo gannawata kamathi naha.....wada witharai....

      Delete
    2. දිය ඇල්ලෙන් බහින ෆොටෝ එකේ ඉන්නේ මම..
      උඩම ෆොටෝ එකේ වම් පැත්තේ ඉදන් 4 වෙනියට ඉන්නෙ මම..
      යටම ෆොටෝ එකේ දකුණු පැත්තේ ඉදන් 5 වෙනියට ඉන්නේ මම..

      :)

      Delete
    3. අලි 7 මම නම් ගිහිල්ලා නෑ.. ඒත් මගේ මිතුරු පිරිස ගිහින් තියෙනවා.. මටත් ලොකු ආසාවක් තියෙනවා යන්න..

      Delete
  11. machan Badulla-Colombo bus ekaka giyanam ekapara ubata yann tibuna. Ikmanata yanawath ekka. ube elanga trip ekata hari wedak vei kiyala comment kare

    ReplyDelete
    Replies
    1. එහෙම ගියත් තව බස් එකක යන්න වෙනවා.. බලංගොඩ ඉදන් තනි බස් එකක වාඩි වෙලා යන්න පුලුවන්නේ..අනික අපිට බලංගොඩින් ගන්න බඩු වගයකුත් තිබුනා.

      Delete
  12. හ්ම්ම් ........................ආස හිතෙනවා ඉහ්ං අපටත් යන්න

    එළ ට්‍රිපක්....................නියමා.......යි

    ReplyDelete
    Replies
    1. යන්න තමයි තියෙන්නේ... අපිත් යන්න කලින් සෑහෙන්න හීන දැක්කා..

      Delete
  13. අහම්බෙන් ඇස ගැටුනේ.
    මම දෙතනගල අහලා තියෙනවා. දැකලාත් තියෙනවා වෙන්න ඕනේ. ඒත් මාර තැන්න කියන්නේ අර වේවැල්වත්ත හරහා යන ගමක්ද? ගම බලංගොඩ වුනාට මාව එහෙන් පිටු වහල් කරලා හින්දා මේ කිසි දෙයක් මතක නෑ නේ. මට නම් දවස ගානේ බලංගොඩ ගියත් මේ කන්ද නම් බලන්න යන්න වෙන එකක් නෑ.
    කූඩැල්ලෝ කියන්නේ මගේ අකැමතිම සත්තු වර්ගයක්. ඉතින් මොන කඳු චාරිකාද?

    ReplyDelete
    Replies
    1. horana patte kodi gaha kandata giyanam maru,, aehe koodallo nahane....Banda dannawa seen eka gana...

      Delete
    2. වේවැල්වත්ත හරහා යන ගමක්ද කියන්න නම් හරියටම දන්නෙ නෑ.. ඒත් ගූගල් මැප් වලින් මාරතැන්න පොලීසිය පෙන්නනවා..
      බලංගොඩ පින්නවල මාරතැන්න කියලා සර්ච් කරානම් හොයා ගන්න පුලුවන්..
      වැස්ස අඩු කාලෙකදී ගියානම් කූඩැල්ලන්ගේ ප්‍රශ්න අඩුයි.. කොට්ටාව හොරණ පාරේ කිරිවත්තුඩුව කිට්ටුව කොඩිගහ කන්ද කියලා කන්දක් තියෙනවා. පොඩි කන්දක්.. උත්සාහ කරලා බලන්න..

      Delete
  14. ලස්සන කන්දක් නේ. ගමනනම් ත්‍රාස ජනකයි වගේ. නියමයි :)

    ReplyDelete
    Replies
    1. ඔව් ... ටිකක් විතර ත්‍රාසජනකයි.. දෙවන දවසේ ඇල්ල දිගේ පල්ලම් බැහැපු එකනම් ටිකක් වැඩියෙන් ත්‍රාසජනක උනා...

      Delete
    2. mokata kiyanawada ae gana !!!

      Delete
  15. සුන්දර අත්දැකීමක් නේද බන්ඩෝ.

    //.සියල්ල හොදින් පිරිසිඳු කොට, පොලිතින් හා කුණු කසල සියල්ල පුලුස්සා දමා ගින්න හොඳින් නිවා දමා යන්නට අප අමතක නොකලේය.//
    මෙය තමයි ඉතා වැදගත් වන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි ගියා වගේම තවත් පිරිසකට ගිහින් ඉන්න පුලුවන් වෙන්නේ එතකොටනේ..

      Delete
  16. අඩේ ට්‍රිපක් යන්න ආසයි බං මෙව්වා දැක්කාම. මේ ඔය ඒ තන් මේ තන් කන්දට යන පාර පොඩ්ඩක් ක්ලියර් නැහැ

    ReplyDelete
    Replies
    1. බලංගොඩ නගරයෙන් කඳුපාමුල දක්වාම වගේ යන බස් එකක් තියෙනවා.. මීදුම අඩු දවසක නම් එතනට කන්ද පේනවා.. අපිට නම් යන්කමට චායාවක් විතරයි පෙනුනේ.. එතන ඉදන් පාර හොයා ගන්න ලේසියි..

      Delete
  17. sathtui sathutui huga kalakin kattiya set wela meka giyata dan ilagata koheda yanne

    ReplyDelete
    Replies
    1. හි හි... ඊළගට යන තැන ගැන එක එක්කෙනා එක එක දේවල් කියනවා.. උඹත් ඒ අයගෙන් කෙනෙක්නේ.. කොහේ හරි යමු...

      Delete
    2. tiyana amaruwa hoda karaganna Himaleta yamuda?

      Delete
  18. මමත් හේනක රාත්‍රී දෙකක් පහන් කරලා ආවා විතරයි. කොටසක් ලිව්වා ඉතිරි ටික ලියන්න තියෙනවා. මම මෙතන පහු කරන ගිහින් තියෙනවා මස්කෙලියට. පුදුම චමත්කාරජනක දසුන් තියෙන තැනක්. මේ කන්දේ වනසතුන් නැතිද ? නවතින්න තෝරා ගන්න තැන ටිකක් පොළොවට ඉහලින් නිමවා ගත්ත නම් හරි. සොඳුරු අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. වන සතුන් නම් අපිට හම්බ උනේ නෑ.. කූඩාරම් හරිම විදිහට සකස් කර ගත්තා නම් තෙමෙන්නෙ නෑ.. වටේට කානු කපලා එහෙම. ඒත් අපි ඒ කිසි දෙයක් නොකර නිකම්ම කූඩාරම අටවා ගත්තා. තරමක් රෑ බෝ වෙලා නිසා එහෙම නොකරත් බැරි උනා.
      මම මේ කියවන්න හඳන්නේ " යාල සහ කුමන රක්‍ෂිතයන් අතර ඝණ කැලෑවක දෙරැයක් ...... I කොටස"

      Delete
    2. wana sattu kohe ennada? ape sattu unta wada bayanakaine.....

      Delete
    3. //මේ කන්දේ වනසතුන් නැතිද ?// වඳුරෝ, කොටි හෙම ඉන්නවා ලු. ඒත් මේ අවට කැලෑවල කීපයකම රිංගල තිබුනත් සතුන් හිටපු සලකුණු මිස උන් දකින්න ලැබිල නෑ. වඳුරෝ කෑ ගහනවා නම් ඉඳ හිට ඇහෙනවා..
      මගේ වනගත කතා සෙට් ඒකෙ වැඩි හරියක් තියන්නේ ඒ සැබෑ අත්දැකීම්..

      බණ්ඩා.. සොරි වෙන්න ඕනේ මැද්දට පැන්නට.

      Delete
  19. මාත් ඔය කඳු දෙකේම ගිහින් තියනවා. ඒත් ඔච්චර සංවිධානාත්මකව නෙවෙයි. ගියෙත් ඒ කිට්ටුව උන් ටිකක් එක්ක. ගිහින් පැය කීපයක් ඉඳල ආපහු ආව. ඕක උඩට ෆෝන් සිග්නල් කොහොම ද.. ඒ දවස් වල නම් ටවර් බර ගානකින් සිග්නල් ආව. ඒත් එක කෝල් එකක් වත් ගන්න බෑ. (හම්බන්තොට, අවිස්සාවේල්ල පවා) මං හිතන්නේ අහස පැහැදිලි දවසක නම් සෑහෙන දුරක් බලන්න පුළුවන් වෙයි. ඒ වගේම දෙතනගලට ටිකක් හැඩයෙන් සමානව පෙනුණු කඳු දෙකක දර්ශනයක් ඊසාන පැත්තෙ ඈතින් පේන්න තිබුන වාගේ මතකයි..

    //ඒ අසලින් දිය පහරක් ගලා යන්න‍ට ඇතැයි සිතිය හැකි තරමක ගැඹුරු කානුවක්// අඩි එක හමාරක් විතර ගැඹුරු කාණුවක් නම් අපිටත් හමු වුනා. එතකොට නම් ඒකෙ වතුර තිබුනා. කටට ගත්තම දත් හිරි වැටෙන සයිස් සීතලයි.

    ReplyDelete
  20. අහම්බෙන් මේ පැත්තට ආවේ.දෙතනගල කියන නම දැක්ක හින්දා.මොකද අපේ ගෙදරටත් දෙතනගල කඳුවැටිය පේනවා.අපි අහලා තියන විඳියට නම් කොළ දිවියාගෙ රාජධානියක් දෙතනගල කියන්නෙ..............

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.