ගෙපැලේ මිත්තරයෝ

කාලය කෙතරම් නපුරුද



එදා
ඇය හා මා විඳි
ප්‍රේමය...

අද
ඇය ඔහු හා  විඳිද්දී...

මම
ප්‍රේම කරමි 
‍ඊරිසියාවට හා තනිකමට

සාප කරමි

කාළයට

අප වෙන් කල



සොඳුරිය
කාලය කෙතරම් නපුරුද??



6 comments:

  1. කාලයට සාප කරන්න එපා බං. ඒ කාලය කාදැම්ම උඹටම සාප කරගනින්. එවිට ඉදිරියවත් වාසනාවන්ත වේවි.

    ReplyDelete
  2. මගුල් තුලා ඉවරනං වර වර..

    ReplyDelete
  3. ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
    ඔබට ආදරෙයි කියනා විලසින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරෙයි කියා තිබේ
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
    මටද ආදරෙයි කියා තිබේ
    සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
    රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
    අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
    පෙර දවසක මා තුරුලට වී ඉඳ
    මටද ආදරෙයි කියා තිබේ
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
    මටද ආදරෙයි කියා තිබේ
    සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
    මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරෙයි කියා තිබේ
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
    මටද ආදරෙයි කියා තිබේ

    දැන් පේනවනෙ කොලුවා...උඹට කලියෙන් තව අයටත් ඔය සන්තෑසිය වෙලා තියෙන බව...හිත හදාගෙන ඉදිරියට යමු පුතා...

    ReplyDelete
  4. සමහර වෙලාවට එහෙම හිතෙනවා

    ReplyDelete
  5. ඔහොම තමා .කාට වුණත් ඔය ටික තමා

    ReplyDelete
  6. කෙටි සරල අර්ථවත් නිර්මාණයක්. බොහොම ඉහලයි.

    ඔය කාලයම තමයි ඊළඟට ඔවැනි ප්‍රශ්න විසඳා දෙන්නෙත්.

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.