ගෙපැලේ මිත්තරයෝ

නකල්ස් කදු වැටිය- වෙඩි ලුණු ගුහාව (nitro cave) පා ගමන

වෙලාව රාත්‍රී 10 ට පමණ ඇත.. චින්තාගෙන් දුර ඇමතුමකි. 
මම - හෙලෝ.. 
චින්තා- මේ හෙට ගමන යන්නෙ නෑලු..
මම - හෑහ් ඇයි ඒ.. 
චින්තා - ඒහෙට හොදටම වහිනවලු. ඉතිං යන්න බෑලු.

මදැයි දැන් මොනවා කරන්නද මම අනිත් පැත්ත හැරී නිදා ගත්තෙමි. 
බතලේගල යාමට සූදානම් කරගෙන තිබූ චාරිකාව අවසාන මොහොතේ අවලංගු වූයේ එසේය. සෑම කලු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කියන්නා සේ. දින දෙකකට පසු ලැබුනේ සුභ ආරංචියකි. එයත් ගෙනාවේ චින්තාමය. 
කට්ටිය නකල්ස් යන්න හදන්නේ එනවද??
ඒකත් ගිය පාර වගේමද?
නෑ නෑ ෂුවර් යනවලු..

   මෙවර චාරිකාව සංවිධානය කරන්නේත් බතලේගල චාරිකාව සංවිධානය කළ ඉන්ද්‍රරාජ් මය. දින තුනක, රාත්‍රී  දෙකක චාරිකාවකි. වෙඩි ලුණ ගහාව  හා ලකේ ගල කන්ද නැගීම මූලික අරමුණය. 

     ගමනට හය දෙනෙක් සූදානම්ව සිටියේය. නමුත් අන්තිමට එය පස් දෙනෙකුට බැස්සේය. මට මේ චාරිකාව අලුත් වූවත් අනිත් සියලු දෙනා මේ මාර්ගයේ මීට පෙර ගමන් කර සෑහෙන්න අත්දැකීම් විද තිබුනේය. විදිද්දී අසුන්දර වූත් නැවත මතක් වෙද්දී අතිශය සුන්දර වූ ඒ අත්දැකීම් අසුරයා විසින් මෙසේ අකුරු කර තිබුනේය. 

   නියමිත දිනයේ උදෑසන 7 වන විට කොටුව බෝ ගස අසලදි මුන ගැසීමට කතිකා කර ගත්තෙමු. සියලු දෙනාම    නියමිත වෙලාවට පැමිණිය මුත් නඩේ ගුරා වූ ඉන්දුට බෝ ගස සොයා ගැනීමට නොහැකි වීමෙන් සිදුවන්නට ගිය අකරතැබ්බය ජංගම දුරකතනයන්ගේ පිහිටෙන් වලක්වා ගන්නට අපට හැකිවූයේය. මහියංගනය බස්රථයකින් හුන්නස් ගිරිය දක්වා පැමිණයෙමු. කොළඹින් 7.30 පිටත් වූ එය හුන්නස්ගිරියට යන විට  1.15 පමණ වන්නට ඇත. හුන්නස්ගිරියේදී දිවා ආහාරය ගත් අපි කුඹුක්ගොල්ල බලා පටත්වුනෙමු. කුඹුක්ගොල්ල යනු මීමුරේ ගම්මානයට යන මාර්ගයේ පිහිටා ඇති කුඩා ගම්මානයකි. මීමූරේ යනු අතිශය දුශ්කර ගම්මානයකි. හුන්නස්ගිරියේ සිට කිලෝමීටර් 30ක පමණ දුරත් ඇතත් ඒ මාර්ගයේ බස් රථ ගමනාගමනයක් නැත. ඒ සේවය සැලසෙන්නේ වෑන් රථ කිහිපයක් මගින්ය. අප යන විට වෑන් රථය  අතුරු සිදුරු නැතුව පිරී තිබුනේය. ඇතුලට යනවා තබා සිතන්නට වත් බැරිය. අපි පාපුවරුවේ එල්ලුනෙමු. පෙරලුන පිට හොදය. ඇතුලේ කැලී පොඩිවී යනවාට වඩා පාපුවරුවේ යාම අතිශය විනෝදජනකය.
   
 ජායාරූපගනිමින් කෑ කෝ ගසමින් යන අපි ගැන සියුම් ඉරිසියාවක් ඇතුලේ වාඩි වි සිටි පිරිසට ඇතිවන්නට ඇත. ඔවුන් අතර මීමුරේ බලා යන තවත් කොලු නඩයක් සිටියේය. විවේක ගැනීමටවෑන් රථය  ලූල්වත්ත නම් ගමේ නැවැත්වූ විට ඔවුන්ගේ අසුන අපට පිරිනැමීමට තරම් ඔවුන් කාරුණික වන්නට ඇත්තේ ඒ නිසාය. නමුත් අපි දිගටම පාපුවරුවේම ගමන් කලෙමු.

          කුඹුක්ගොල්ලෙන් බසිද්දී සවස 3න පමණ වන්නට ඇත. මෙතැන් සිට ගමන පයින්ය. දිග කලිසමෙන් කොට කලිසමට මාරු වී. ජායාරූපයක් ගැනීමෙන්ද පසු අප ගමන පිටත් වූයෙමු.

 මුල් කොටස වාහනයක් යාමට හැකි පාරක්දිගේය. මේ පාර කෙලවර පාසලක් හා කුඩා ගම්මානයක් වෙයි. වාහනයක් යාමට හැකි යයි කීවද  එම වාහනය 4WD වාහනයක් වීය යුතුය.  අද අපේ ගමනාන්තය වන්නේ වෙඩිලුණු  ගුහාවයි. අපේ මාර්ගෝපදේශකයා වූයේ ලක්දසුන් නම් බ්ලොග්  අඩවියයි.  නමුත්  තැන් කීපයකදීම ගම්වාසීන්ගෙන්  අසා පාර නිවැරදි කරගැනීමට අපට සිදු වුයේය.  ටිකෙන් ටික වනගත බව වැඩි වන්නට වූ අතර. පාර අඩි පාරක් වන තරමට කුඩා වූයේය. නමුත් ඒ වනවිටද කටුමැටි ගෙවල් හා හෙල්මැලි ක්‍රමයට සැකසූ කුඩා කුඹුරු තිබුනේය. මේ වනවිට අපි සිටියේ තරමක පල්ලමක් බසිමින්ය. ඒ පල්ලම අවසන් වූයේ සුන්දර දිය පහරක් අසලිනි.

         දියපහර තරණය කල පසු ඇත්තේ නැග්මක්ය. මේ වන විටද යන්තම් අදුර වැටීගෙන එන නිසා අපි හැකි ඉක්මනින් අප ගෙන ආ බෝතල් වලට වතුරද පුරවාගෙන කන්ද නෑගීමට පටන් ගත්තෙමු. එකදිගටම කිලෝමිටර් 3ක් පමණ කන්ද නැගීමට ඇත. ගමන් වෙහෙස කෙතරම් අධික වුවත් විවේක ගෑනීමට නොනැවතුනේ අදුර වැටීමට පෙර ගුහාව ආසන්නයට යායුතු නිසාය. නමුත් අදුර අපට වඩා වේගවත් වුයේය. අවසන් මීටර් 500 පමණ අප ගමන් ගත්තේ අදුරේය. ඒ අදුරේ අපට පාර සොයා ගැනීමට උපකාර වූයේ වවුලන්ගේ වසුරු වලින් නැගුනු දුගදය. නමුත් ගුහාව අසලට පැමිණ සුලු මොහොතකින් අපට දුගදක් ගැන වගක්වත් තිබුනේ නැත. සුලු මොහොතක් විඩා නිවා ගත් අපි ඉක්මනින් රාත්‍රී ආහාරය සකසා ගැනීමට පටන් ගත්තෙමු. මුලින්ම චොකලට් බීමක් සාදාගත්තෙමු. අද රාත්‍රී ආහාරය මැකරෝනිය.

  මමත් ඉන්දුත් කෑම සකස් කරණ අතරතුර බාසු හා චින්තා කූඩාරම සකස්කලේය. තමීර ගිනිමැලයක් ගැසුවේය. අප සතුව තිබුනේ වතුර බෝතල් 4ක් පමණි. කෑම සකස් කිරීමට බීමට හා අනිකුත් සියලුම කටයුතු සදහා අප සතුව තිබුනේ  ඒ වතුර පමණි. ගලෙන් වැටෙන වතුර බිදු එකතු කිරිම සදහා බාසු උත්සාහයක් ගත් නමුත් සෑහෙන වෙලාවකට පසු අපට එකතු කර ගැනීමට හැකිවූයේ කුඩා කෝප්පයකින් කාලක පමණ ප්‍රමාණයකි.  රාතී 8 පමණ වන විට අපි  රාතී ආහාරය සකස්කර අවසන් විය. කෑම ගැනිමට නම් ගතවූයේ විනාඩි 5ක් පමණ වූ සුලු කාලයකි. ඉන්පසු ගිණිමැලය අසලට වී වල් පල් කියවමින් සිට 8.30 පමණ වන විට නිදා ගැනීම සදහා කූඩාරමට රිංගා ගත්තෙමු..


පළමු දිනය මෙසේ අවසන් විය.

34 comments:

  1. අයියෝ... මෙන්න ආයිත් ඊරිසියාව වැඩි කරන්න හදනවා.... හි හි...

    ගිනි මැලේ ගාව ෆොටෝ එක නම් ලස්සනයි අප්පා.. හෙන කලාත්මකයි...

    ReplyDelete
    Replies
    1. මම වැඩර් වගේ ෆොටෝ දැම්මට අයිතිය චින්තගෙයි ඉන්දුගෙයි තමා.. උන්ගේ කලාත්මක ඇහැ තමයි ඔය..

      ස්තුතියි
      ජය

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හිරුට එකඟයි

      Delete
  2. "බෝ ගස සොයා ගැනීමට නොහැකි වීමෙන් සිදුවන්නට ගිය අකරතැබ්බය...." අඩෝව් කොටුවේ බෝ ගස් 2ක් තියනව හරිය.....

    ReplyDelete
    Replies
    1. හි හි කොහොම හරි පැටලුනානේ..

      ස්තුතියි
      ජය

      Delete
    2. බෝ ගස් 2ක් වැඩක් නැනේ,වැරදුනානේ කොහොමහරි

      Delete
  3. සහෝ අපි රිවස්ටන් පැත්තෙන් දුවිලි ඇල්ලට ගිය විස්තරේ මෙන්න ජය
    http://raj-rajmyblog.blogspot.com/2012/04/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඒකත් නියම ගමනක්.. අපේ කට්ටියටත් ලින්ක් එක යැව්වා.. සමහරවිට ලබන පාර ඒ පැත්තේ යන්න පුලුවන් වෙයි..

      ස්තුතියි
      ජය

      Delete
  4. අඩෝ මට ඊරිසියයි හොඳද. මම තාම ගියේ නෑ බං ඔහොම එකක්..පට්ට මචෝ..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. මමත් කාලයක් ඉරිසියා කර කර ඉදලා තමයි මේ යන්න සෙට් උනේ.. ට්‍රයි කරන්න කාලයයි උත්සාහයයි විතරයි ඕනෙ. බොහොම සුලු මුදලකින් ගිහින් එන්න පුලුවන්..

      ස්තුතියි
      ජය

      Delete
  5. ඔන්න මාත් ආව බණ්ඩාගේ විත්ති බලන්න. මේ විස්තර කියවද්දී ආස හිතෙනවා යන්න. නියම ගමන..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආවට..
      ආදරයෙන් සාදදරයෙන් පිලිගන්නවා..

      ස්තුතියි
      ජය

      Delete
  6. යන්ඩ වටින ට්‍රිප් එක ආ.. මදුරුවෝ එහෙම දැක්කෙ නැද්ද?????????

    ReplyDelete
    Replies
    1. මදුරුවෝ නම් නෑ.. ඒත් කූඩැල්ලෝ නම් ඕන තරම් ඉන්නවා..


      ස්තුතියි
      ජය

      Delete
  7. පට්ට ආ
    දැන් හැමෝම ගිය ට්‍රිප් ගැන පෝස්ට් දානවා මේවයින් අපිට තමා ඊර්ෂියා හිතෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඉරිසියා කර කර ඉන්න එපා. යන්න හොද ට්‍රිප් එකක්..


      ස්තුතියි
      ජය

      Delete
  8. සුපිරිම තමා මලයා. මේ වගේ ආතල් ගන්න ලැබෙන්නේ බොහොම ටික දෙනාටයි මලේ.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සාමාන්‍ය චාරිකාවකට වඩා ඇගට දැනෙනවා මේ වගේ ගමන්..

      ස්තුතියි
      ජය

      Delete
  9. මමත් එක පාරක් ගියා යාළුවො සෙට් එකක් එක්ක.. නකල්ස් වලට ලග පැත්තක යාලුවෙක්ගෙ අංකල් කෙනෙක්ගේ ගෙදරක් තිබුනා එහෙ නතර වෙලා නකල්ස් ගිහින් උපරිම ෆන් එකක් ගත්තා..අපි ගිය දවස් වලනම් පට්ට විදියට කූඩැල්ලෝ හිටියා ...

    ReplyDelete
    Replies
    1. කූඩැල්ලෝ නම් ඕන තරම් හිටියා.. ඒත් පළවෙනි දවසෙදි එච්චරම කරදරයක් උනේ නෑ..

      ස්තුතියි
      ජය

      Delete
  10. ලස්සනයි මචෝ... ඉතිරි කොටසත් ලියපන්... කොච්චර ට්‍රිප් ගියත් මදි කියලා හිතෙනවා මේවා දකිනකොට...

    ReplyDelete
    Replies
    1. ඒකමනේ මටත් වෙලා තියෙන්නේ.. කොච්චර ඇවිද්දත් මදි..

      ස්තුතියි
      ජය

      Delete
  11. අන්න අන්න අදිනවා තව දවසකට..

    ReplyDelete
    Replies
    1. හි හි..
      රාත්‍රි දෙකක ගමනක්.. එක දවසෙ ලියන්න ගියොත් දිගවැඩිවෙයි..

      ස්තුතියි
      ජය.

      Delete
  12. Replies
    1. ඔව් නියම ගමනක්..

      ස්තුතියි
      ජය..

      Delete
  13. නියමයිනෙ බණ්ඩා. අන්න ජීවිතය විඳින බණ්ඩලා ටිකක්.
    එක දෙයක් කියන්නම්. මැකරෝනි හදලා තියෙන බාජනේ නම් කෑම හදන්න සුදුසු එකක් නෙවෙයි. ඕක ඇලුමිනියම් එකක්.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපි මෙච්චර කාලයකට ට්‍රිප් ගියොත් උයාගෙන කෑවේ නම් මේ භාජන වල තමයි. උස්සාගෙන යාමේ පහසුව තමයි මූලිකවම බැලුවේ. ස්තුතියි දැනුවත් කිරීමට.

      ස්තුතියි
      ජය..

      Delete
    2. මම අදහස් කලේ බණ්ඩා, food grade aluminum වෙනම තියෙනවා. ඔය භාජන ඒවා නෙවෙයි. ලංගම බස් උණු කරලත් හදන ප්‍රමිතියක් නැති ඒවා තියෙනවානෙ. ඔය භාජනේ මට පේන හැටියට එහෙම එකක්. අපිත් නොදන්න කාලෙ ඕවයෙ උයන් කෑවා. නමුත් වකුගඩු අක්‍රීයවීම්, සිරෝසිස් ඇතුලු ලෙඩ පැකේජ් එකකටම ඕවා මුල් වෙනවලු. ඒකයි බණ්ඩො කිව්වෙ. උස්සගෙන යන්න නම් පහසු තමයි. පිටකො‍ටුවෙන් SS එකක් ගනිල්ලා. ඒඅක්ත් එච්චර බර නෑ
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. ස්තුතියි දැනුවත් කිරීමට. භාජනේ ප්‍රමිතිය ගැනනම් දන්නේ නෑ.. ඕක සෑහෙන්න පරණයි. අපිට වඩා භාජනේ ට්‍රිප් ගිහින් තියෙනවා. කොහොමත් දැන් ඔය බඩු වලට සමු දෙන්න කාළය හරි. අපි පාගමන් යන්නම අවුරුදු 5කට විතර කලින් ගත්ත ඒවා.
      ස්තුතියි.

      Delete
    4. ela ela.ilagata koheda yanne

      Delete
    5. යන්න තැන්ද නැත්තේ.. උඹලට වෙලාව නෑනේ.. නැත්තං මම හෙට උනත් ලෑස්තියි..

      Delete
  14. සහෝ නුදුරු දිනයකදී නකල්ස් යාමට බලාපොරොත්තුවෙන් සිටින අප හට විස්තර කිහිපයක් දැනගැනීමට වුවමනායි හැකි නම් ඊයක් විදින්නකෝ උබට ඇමතිය හැකි විදියක් කියල.fb උනත් කමක් නෑ
    dr.weerakoon.blog@gmail.com

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.