ගෙපැලේ මිත්තරයෝ

කෝඩු කාරයාගේ අඳෝනාව

                  තාම කකුල් දෙකත් රිදෙනවා. ඒත් මේක කියන්න ඔනේ. උන් සීනියර්, අපි ජූනියර්. කරුමෙට හරි මේක සීනියර් එකෙක් දැක්කොත් මම ඉදලා  ඉවරයි. බයවෙලා හැමදාම කට වහගෙන ඉන්නත් බෑ.  වෙන එකෙක් මේ කට්ට නොකන්න මම මේ ටික කියන්නම ඕනෙ.
        මහරගමින් බස් එකට නැංග වෙලාවේ තමයි මට මීටර් උනේ සෙට් එකෙන්ම ජූනියර්ම එකා මමයි කියලා.  මම දැන ගත්තා මට කැටේ සෙට් වෙනවා කියලා. කොටුවේ ස්ටේෂන් එකේ කොච්චියට ටිකට් ගන්න පෝලිමට ඉන්න් උනෙත් මට. ඒකත් වැරදි පෝලිමක. කෝච්චියේ යන කොට සීනියර්ලා දොරේ, අපි ඇතුලේ. දොරේ යන්න බැරි තරම් සීතල වැඩි උනාම ඇතුලට ආපු සීනියර් එවුන් අපිව බයිට් කරන්න තියා ගත්තා. අපි කිව්වට වැඩියෙන්ම මාව. මහ ලොකුවට අර පදක්කම මේ පදක්කම ගහපු, කෑම්ප් බර ගානකට ගිය, ගිනි මැල සංදර්ශණ මෙහෙයවන උන්ට සිංදු කියන්න බෑ, කෑම්ප් දෙක තුනක් ගිය මමම ඒක කරන්නත් ඔනේ. අපරාදේ කියන්න බෑ. අමාරුවෙන් සිංදුවක් පටන් ගත්තම ඇදන් යන්න නං කට්ටිය හිටියා. 
        කෝච්චියෙන් බැහැලා නැගපු බස් එකේ හිටගෙන ගිය නිසා ඒ බස් එකේදි  ප්‍රශ්නයක් උනෙත්  නෑ. බැස්සට පස්සෙත් හැමොගෙම පිටේ වගේ බෑග් තිබුන නිසා වැඩිපුර බර ගෙනියන්න  සෙට් උනෙත් නෑ. ඒ උනත් හිත් පිත් නැති අමන සීනියර්ලා මාව පාන්දර හතරට විතර පට්ට සීතලේ සීත ගඟුලට බස්සවල නෑව්වා. අනිත් උන් ඔක්කොම යන්තං මූන විතරක් තෙමා ගනිද්දී මම විතරක් ගැහි ගැහී නෑවා. ටිකක් සෙනග හිටපු නිසාද මන්දා ඊට පස්සෙ උඩ මලුවට නගින කම්ම ලොකු කරදරයක් උනේ නෑ.  සිරි පතුල වැදලා අවසන් උනාට පස්සේ උඩ මලුවේ තියෙන විශ්‍රාම ශාලාවට ගියා කෑම කන්න. පට්ට සීතල වතුරෙන් පිගන් හෝදන්න උනෙත් මට. පිගන් හෝදගෙන ආවට පස්සේ බෝතල් වලට වතුර පුරවන්න උනෙත් මට. කාල ඉවර උනාට පස්සේ කාපු තැන අස් කරලා අතුගාන්න උනෙත් මට.
      මම වැඩ කරන දිහා බලාගෙන ඉදලා සීනියර් එකෙක් කියනවා  හොද වෙලාවට අපි ජූනියර් කාලේ මෙහෙම ගමන් ගියේ නැත්තේ කියලා.  උන්ට තේරෙනවා මම මේ අමු කට්ටක් කන්නෙ කියලා. ඒත් උන්ට ගානක් නෑ. හොදම හරිය පටන් ගත්තේ පහලට බහින්න පටන් ගත්තට පස්සේ. සීනියර් උන්ගේ වැඩේම ෆොටෝ ගහන එක. අඩි දහයක් යනවා ෆොටෝ ගහනවා,  ගහක් දැක්කත්  මලක් දැක්කත් බෙට්ටක් දැක්කත් නැවතිලා ෆොටෝ ගහනවා  ඊට පස්සේ පරක්කු වෙනවා කියලා අපිව කන්න හදනවා. රත්නපුරා පාරෙන් පල්ලං බැහැගෙන එනකොට හම්බ උනා ඇහැළ කණුව කියලා එකක්. 

ඒයි කෝඩු කාරයා වැදපන් මේකට.
හොදට දණ ගහලා වැදපන්.

       චුටුස් චුටුස් ගාලා ෆොටෝ දෙකතුනක් ගන්නවා දැකපු නිසාම මේකත් මාව මඩවන්නම කරන වැඩක් කියලා තේරුණා. ඒත් මොනවා කරන්නද. උන් සීනියර් මම ජුනියර්. 
       ඇහැළ කණුවෙන් පටන් ගත්ත වැදිල්ල නැවතුනේ එරත්නටම ආවට පස්සේ. මග දිගට තිබුන සේරම බුදු පිළිම, දේවාළ, ලොකු ලොකු ගස්, නාපු තැන තිබුන ලොකු ගල් ගෙඩියට පවා මම වැන්දා. ඒක කමක් නෑ කියමුකෝ. ඒච්චර කරලත් නානකොට යන්තං දනිස්ස තෙමෙන හරියට වඩා අඟලක්වත් ගැඹුරට යන්න දුන්නෙ නෑ. උන් නං දිය බුං ගගහා නෑව. උන් දියඹේ පීනනවා, අපි ගොඩ පීනනවා. නෑවට පස්සේ කාපු තෙල් රොටියනං අවුලක් නෑ. ඒත් සීනියර් උන්, රොටිය කන්න දීපු කටේ තියන්න බැරි තරම් සැර ලුණු මිරිස, මහා රසයි කියාගෙන හෙන ගොඩක්  කාලා හාස් හූස් ගාද්දි වතුර අදින්න උනෙත් මට. 

        සැර වැඩි කමට උන් ප්ලේනටි දෙක දෙක බොනකොට මටත් ප්ලේන්ටි දෙකක් නං හම්බ උනා. එරත්නට ආපු ගමන්  ආපහු සැරයක් මාව නෑව්වා. උන් මූණ හේදුවා. ඊට පස්සේ හැම එකාටම මාව සිරීපාදේ එක්කගෙන ගියාට ස්තුති කරන්නත් උනා. ඒකලු චාරිත්තරේ.  අනේ උනුයි මායි දන්න චාරිත්තර. උන්ගේ හිතේ උන් මාව බයිට් එකට ගන්න කරන ඒවා මට තේරෙන්නෙ නෑ කියලා.  උන් හිතන්න ඇති මම මාට්ටු උනා කියලා. උන් සීනියර් නිසා මම කට වහගෙන හිටියා. මට තව බැජ් දෙක තුනක් ගහගන්න ඔනෙනෙ. ඔව්, මම හිතා ගත්තා, හිටපල්ලකෝ මමත් සීනියර් උන කාලෙක කෝඩුකාරයෙක් වන්දවන්නම්කො සිරී පාදේ. 
ප:ලි
   සති අන්තයේ බාලදක්ෂයන් කිහිප දෙනෙකු සමග සිරිපා කරුණා කලෙමු. කෝඩු කාරයෙක් සිරිපා වැන්දවූවෙමු..
ප:ප:ලි
ඌට මෙහෙම හිතෙන්න ඇති.

36 comments:

  1. පාන්දර හතරට නෑවා කිව්වම ඇඟේ හිරිගඩු පිපෙනවා.. ගමන නම් නියමයි වගේ. අපි එක වතාවක් උදේ රත්නපුර පාරෙන් බහින්න පටන් අරන් රත්නපුරේට එනකොට හවස 6 විතර උනා... ඉන් පස්සේ නම් ගියේ හැටන් පාරෙන්.

    ReplyDelete
    Replies
    1. රත්නපුරා පාර කිව්වට අපි බැස්සේ කුරුවිට පාරෙන්. ඒ වෙලාවේ නානවා නෙමෙයි මූණ හොදන්නත් බැරි තරම්.

      Delete
  2. රෑග් එකක් හෙලා දකිමි

    ReplyDelete
    Replies
    1. රැග්... මේවා චාරිත්තර බොලව්....

      Delete
  3. අග්ගලා එහෙම අරගෙන ගියාද??? ;)

    ReplyDelete
    Replies
    1. අග්ගලා නැත... බිස්කට් ඇත..
      (අග්ගලාවක් දැකපු කාලයක් මතක නෑ)

      Delete
  4. අග්ගල කන් ඩොන් පුතා
    හෙලේ නගින ඩොන් පුතා

    ReplyDelete
    Replies
    1. අපිටත් දෙන්ඩෝ.. අපිත් අග්ගලා කනවෝ...

      Delete
  5. ඒ ක්‍රමෙත් නරක නෑ.

    ReplyDelete
  6. රැග් වැඩියි ඈ..... තනි එකෙක්ව මෙහෙම මඩවන එක හෙනම කුජීතයි

    ReplyDelete
    Replies
    1. රැග් නෙමෙයි.. මේවා චාරිත්තර බොලව්...

      Delete
  7. අම්මෝ... පාන්දර 4 ට නෑව්වා... පිස්සු හැදෙන්නැති... පව් අප්පා.....
    ගමන නම් මරු වගේ....මට තාම යන්න බැරි වුනානේ සිරිපා කරුණා කරන්න.....

    ReplyDelete
    Replies
    1. යන්න යන්න... සිරිපාදේ එකපාරක්වත් වැන්දෙ නැති එකා මෝඩයා කියනවනේ.. :D

      Delete
  8. නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕව හොඳ පාඩං

    ReplyDelete
  9. මම ගිය පාර ඔය රැග් එක දුන්නේ අපේ මාමා තමයි මට... හි හි.. හැබැයි එයා මට මෙච්චර රැග් දෙන්න ගියානං උන්දෑ හෙලෙන් පහල තමයි නවතින්නේ... හි හි

    ReplyDelete
    Replies
    1. හා හා කට කට.. කට පරිස්සමින්..
      රැග් නෙමෙයි චාරිත්තර චාරිත්තර...

      Delete
  10. ඌ දුක්වෙන්නැති,උඹ සතු‍ටුවෙන්නැති.
    හෙලාදකිමි..!

    ReplyDelete
    Replies
    1. හි හි... ඌට දුක් වෙන්න දෙයක් නෑ බන්.. කෝඩු යනවනම් අනිවාර්යෙන්ම නාලා පිරුවට අදින්න ඕනේ ඒකයි සිරිත.
      ඌ අනිවාර්යෙන්ම ඊළග පාර අපිත් එක්ක ට්‍රිප් එකක් යන්න එනවා..

      Delete
  11. මොකක්ද බණ්ඩො මේ සීන් එක? මට අගක් මුලක් තේරෙන්නෙ නෑනෙ. උඹලා අර අහිංසකයට ‍රැග් එක දුන්නද, නැත්නම් අරුන් බණඩට ‍රැග් එක දුන්නද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඩුඩ් අයියේ.. අපි කට්ටියක් සිරීපාදේ ගියා. පළවෙනි පාර සිරීපාදේ නගින කොල්ලෙක් හිටියා. ඉතින් ඒ කොලුවට පළවෙනි ගමන අමතක නොවෙන්න චුටි රැග් එකක් දුන්නා. ඒ කොලුවා මම උනානම් කියලා හිතලයි මේක ලිව්වේ.

      Delete
  12. කියන්න ලැජ්ජයි... මම තවම සිරීපාදෙ ගිහින් නැත...

    ReplyDelete
    Replies
    1. හත් දෙයියනේ...
      වහාම මේ පාර බයික් ට්‍රිප ඒ පැත්තට හරවා ගන්න.
      ඇයි බොල අහලා නැද්ද එක පාරක් වත් සිරිපාදේ නොගිය මිනිහා මෝඩයෙක් කියලා කතාවත් තියෙනවා....

      Delete
    2. එතකොට එක පාරට වැඩිය යන උනුත් මෝඩයෝ කියලා ඒ කථාවෙම තියෙනවා නේද ?

      Delete
    3. හෑ......
      වෙන්ඩ බෑ...
      මට මතක නෑනෙ එහෙම කතාවක්...

      Delete
  13. හෑ...
    බොලා තාම ඉස්කෝලෙ යනවද????????

    ReplyDelete
    Replies
    1. අපි සීනියර්ලා.. හි හි.. ඉස්කෝලෙ යන පොඩි උන් දෙන්නෙක්වත් අරගෙන තමයි සිරීපාදේ ගියේ (උපෙ කරන පොඩි උන්)

      Delete
  14. ඇහැළ කණුවට වැන්දෙව්වා.......... :D හි හි පව් හලෝ මේගොල්ලෝ හරි නාකයි !

    ReplyDelete
    Replies
    1. හා හා... කට පරිස්සමින්...

      Delete
  15. ඒ අත්දැකිම(ශ්‍රි පාදේ) මට නම් තවම විඳින්න බැරි උනා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ගොඩක් බ්ලොග් ලෝකේ ගොඩක් දෙනෙක්ට කෝඩු කාරයෝ නේ. ඉක්මනට යමු.. අපිට වදින්න තියෙන පූජනීයම ස්ථාන වලින් එකක් ශ්‍රී පාදස්ථානය කියන්නේ .

      Delete
  16. අම්මාපල් බන්ඩෝ මම මුලින් හිතුවේ මේක බොට වෙච්චි දෙයක් කියලා. බැලින්නම් බොලා මේ පොඩි එකෙක්ව බයිට් කොරලා නෙව.

    ReplyDelete
    Replies
    1. පොඩි කිව්වට පොඩිම නෑ. උපෙ කොරන එකෙක්...

      Delete
  17. අනේ පව් බං අපේ බණ්ඩා කොල්ලා. ජූනියර්ලා විදියට කටු කෑවම තමයි අපි වගේ සීනියර් වෙන්න පුළුවන් කොල්ලෝ. අපේ rag දීම සහ කෑම ගැන ලියන්න මම ඉස්සර හිතන් හිටියා. දැන් ඒ අදහස වෙනස් අක්රන් ඉන්නේ. :D

    ReplyDelete
  18. මදි මදි මදි. බොහෝම මදි. සීනියර්ලා උණාම පොඩි එව්වො නලවන්නද බොල යන්නේ. ආපහු වතාවක් නැගපල්ලා. චාරිත්තර බාගෙට කොරනවට දඬුවම ඕකයි.

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.