ගෙපැලේ මිත්තරයෝ

සඳ නොබලන් සෙනසුරාදා.

               
        මැණිකා හරි හැඩකාර කෙල්ල. ගේ දොර වැඩටත් බොහොම දස්සයි. හීන් සංදියේ ඉදන්ම එකට දුවල පැනලා නටපු පුංචා එක්ක මැණිකාගේ සම්බන්ධයක් තිබුනා. පුංචි සන්ධියේ ඉදං දැන හදුනනවා උනත් මැණිකාගේ අම්මයි අපුච්චයි පුංචගෙයි මැණිකගෙයි සම්බන්දෙට කැමති උනේ නෑ.  මැණිකගේ අම්මටයි අපුච්චටයි  ඔන උනේ වතුපිටි හරකා බාන එහෙම හොදට තියෙන හොද නම්බුකාර තැනකට මැණිකාව දීග දෙන්න. දහිරියවන්ත කොලුව උනාට මැණිකගේ අපුච්චගේ හිත දිනා ගන්න එක නං කොරන්න පුංචට බැරි උනා.

          ඔයින් මෙයින් අන්තිමට මැණිකව අල්ලපු ගමේ හිටිය හොදට වත් පොහොසත් කම් තියෙන නාඔර ඉලන්දාරියෙක් කැන්දගෙන ගියා. දීග ගියාට මොකද මැණිකගේ හිත තාමත් පුංචා ගැනමයි. ඒ උනාට මැණිකව දීග ගත්තු රංහාමි  නං මැණිකට පණ ඇරලා ආදරෙයි.  පුංචා ගැන වගක් වත් රංහාමි දන්නේ නෑ. රංහාමිත් කැත්තේ උදැල්ලේ වැඩට බොහොම දස්ස කම්මැලි කමක් නැති යස ඉලන්දාරියා. මැණීකා ගේ පිනටදෝ රංහාමිගේ කුඹුර බොහොම සාරෙට වැඩුනා.  තව ටික දොහකින් ගෙයි අටු කොටු පුරවන්න පුලුවන් නේද කියල රංහාමි බොහොම කඩිසරව කුඹුරට සාත්තු සප්පායම් කරා.  දවල් වරුවට වී කරල් කන්න එන කුරුල්ලෝ එලවන්න මැණිකත් උදවු උනා. ඒ ලැබෙන ඉස්පාසුවකට තමයි රංහාමි ඩිංගක් ඇහැ පියා ගන්නේ. ඇයි ඉතිං රාත්තිරියට වල් සත්තුන්ගෙන් කුඹුර බලා ගන්න ඒපාය. සද්දන්ත අලි රංචුවක් ගම වටේ කරකැවෙනවය කියලා රාවයකුත් ගමේ පැතිරිලා තිබුනා. අලියෙක් දෙන්නෙක් කුඹුරට බැස්සොත් ඉතින් කාලාන්තරයක් වෙච්ච මහන්සියෙන් වැඩක් නෑ නෙව.  

              ඔය හේතු කාරනා නිසා දැන් දවස් ගානක ඉදලා රාත්තිරියට ගෙදර මැණිකා විතරයි. ඔය කාරණාව කොහෙන්දෝ ආරන්චි කරගත්ත පුංචත්, රංහාමි කුඹුරට යන අල්ලපනල්ලේ මැණිකගේ ගෙට රිංගන්න තියා ගත්තා. රංහාමි තමන්ට කොච්චර හොදට සැලකුවත් මැණිකට කොච්චරවත් පුංචව මතක් වෙනවා.  ඉතිං පුංචව දැක්කම  මැණිකටත් ඉහේ මලක් පිපුනා වගේ.  දවස් ගානක් තිස්සෙම මේ විදිහට පුංචා ,රංහාමි කුඹුරට යනකං ඉදලා මැණිකාගේ පැළට රිංගනවා. මැණිකත් බොහොම කැමැත්තෙන් පුංචට ආදරසත්කාර කරනවා. මැණිකා දීග යන්න කලින් තිබුන තහංචි දැන් නෑනේ. ඉතින් ඔය ආපු කීප දොහේම වගේ පුංචට මැණිකගේ පැදුරත් පෑගුනා. 

             එදා  ඉතිං පුර හඳ බොහෝම සාරෙට පායලා තිබුන දවසක්, පුංචත් හොරෙන් හොරෙන් මැණිකගේ ගේ මානෙට කිට්ටු කරලා බලන් ඉන්නවා රංහාමි යනකං. පුංචා හැංගිලා බලන් උන්නේ රංහාමිගේ හරක් මඩුව පිටි පස්සේ. එදා රංහාමි කුඹුරට යන්න ටිකක් විතර සුනංගු උනා. පුංචත් මදුරුවෝ තල තල බලං හිටියා. පුංචට දැන් හොදටම තෙහෙට්ටුයි. හරක් මඩුවේ ගදයි, ගොම්මනේ මදුරුවෝ කාලයි, ඒ මදිවට මැණිකාගෙ පැදුර පාගන්න තියෙන හදිස්සියයි සේරම එක්කාසු වෙලා පුංචා ඉවසුම් නැතුව හිටියේ. ඔන්න යාන්තං රංහාමි ගියා කියලා මැණිකා සංඥාවක් දුන්නා. කළබල වෙච්ච පාර පුංචට උන්හිටි තැනුත් අමතක උනා. දඩිබිඩියේ ගෙට රිංගන්න දගලපු දැගලිල්ලට දබොක් ගාල ඇදගෙන වැටිච්චි. ඒ සද්දෙට මැණිකත් දුවගෙන ආපි. අනේ බැලින්නං පුංචා ඇදගෙන වැටිලා තියෙන්නේ අලි ගොම තැබ්බක් උඩට. පුංචගේ වස්තරෙන් ගන්න දෙයක් නෑ. මැණිකත් පුංචට මාරු කරගන්න සරමක් දීලා ගොම ගෑවිච්ච සරම  ගේ පිටිපස්සේ කැන්ද ගහේ අත්තක එල්ලුවා. 

         ඔන්න එතකොටම මිදුල දිහාවෙන් සද්දයක් ආවා. රංහාමි ගෙදර ඇවිත්. හත්වලාමයි පුංචට දෙයියෝ බුදුන් සිහිඋනා. ඌ විගහට කැලේ පැනපි.  මැණිකත් මුකුත් නොදන්නවා වගේ ඉස්සරහට ගිහින් රංහාමිව පිළිගත්තා. රංහාමි අමතක වෙච්ච මොකක්දෝ අරගෙන ආපහු කුඹුරට යන්න එලියට බැස්සා. මිදුලට වැටිල තියෙන හඳ එළිය දැක්ක රංහාමි, මැණිකෙටත් කතා කරා හඳ බලන්න. ඔන්න එතකොට තමයි මැණිකෙට දෙයියෝ බුදුන් සිහි උනේ. හඳ පායලා තියෙන්නේ පිළිකන්නේ තියෙන කැන්ද ගහට උඩින්. රංහාමි හඳ බලන්න පිළිකන්නට ගියොත් කැන්ද ගහේ වනලා තියෙන පුංචගේ ගොම සරම පේනව. ගෑනුන්ගේ මොලේ හැදි මිටේ දිගය කිව්වට මේ වගේ වෙලාවල් වලට ඒක හබලකටත් වඩා දික් වෙනවා.  එදා සෙනසුරාදා  දවසක්. විගහට රංහාමි ගාවට ගිය මැණිකා බොහොම ලස්සනට තාලයට ඇදලා පැදලා කවියක් කිව්වා.

දුක දුරු බදාදා
සඳ නොබලන් සෙනසුරාදා
දුටොත් සඳ ඉරිදා
ඊට පසුදා වේය නිරිඳා

අනේ ඉතින් කවිය අහපු රංහාමිත් එහෙනං හෙටම හඳ බලනවා කියලා කුඹුරට යන්න පිටත් උනා.

ප:ලි. 

කලකට පෙර  සිව්දෙස හෝ මුතුහර  සගරාවක පලවී තිබූ ලිපියක් කියවූ මතකයෙන් ලිව්වෙමි. සගරාව සොයා ගැනීමට නොහැකි විය.  

33 comments:

  1. ඕක තිබ්බේ මුතුහරේ වගේ මටත් මතක... හි හි6... ඔය කට්ටියමනේ කියන්‌ෙන් ගෑණුන්ගේ මොලේ හැදි මිටේ කියලා... හි හි

    ReplyDelete
    Replies
    1. මම සිව්දෙස පොත් වල හෙව්වා.. දැන් මුතුහරෙත් බලන්න ඔනේ.

      වැඩේ කියන්නේ හැදිමිට, හබල වෙන්නේ ඔය වගේ වෙලාවල් වලට විතරක් වෙච්ච එකනේ.

      Delete
    2. හැදිමිට, හබල වෙන්නේ ඔය වගේ වෙලාවල් වලට විතරක් වෙච්ච එකනේ.
      මගෙත් කටට ආව මුල්ම වාක්කිය ඕකයි බණ්ඩා.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  2. මේ කතාවේ පොඩ්ඩක් වෙනස් එකක් මං අහල තියනවා. ඒකේ දී අනියම් පුරුෂයා හැංගිලා ඉන්නේ කොස් ගහේ. දුර ගමනක් ගිහින් හදිසියේ ගෙදර ආපු ගමරාල (රංහාමි) හඳ බලන්න ගියාම අනියම් පුරුෂයා ව දකියි කියල තමයි ඔය කවිය කියන්නේ. ඒ කතාවට වඩා මේක රසවත් මට නම්. ලස්සනට ලියල තියනවා.

    ReplyDelete
    Replies
    1. මම කියවපු කතාවේ තියෙන්නෙත් මිනිහා එනකොට හොර මනමාලයා කැන්ද ගහකට නගින සිද්ධියක්. කලුවර වැටුන වෙලාවේ ගමේ ගෙදරක රිංගන්න තැනක් නෑ කියන එක ටිකක් අතාත්විකයි වගේ හිතුන.

      Delete
  3. //...........ආපු කීප දොහේම වගේ පුංචට මැණිකගේ පැදුරත් පෑගුනා......//

    මමනම් ආසම සහ දැකපු ලස්සනම පද ගැලපුම මෙතන තමා...ජය වේවා...දිගටම ලියන්න..හැමදාම එනවා කියවන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. දිගටම එන්න..
      ජය

      Delete
  4. හරිම රහයි නෙව බණ්ඩෝ.. අද කියවපු හොදම එක තමා උඹේ එක.. ජය

    ReplyDelete
    Replies
    1. හි හි බොහොම ස්තුතියි!!

      ජය..

      Delete
  5. කවිය අහල තිබ්බට නිධාන කථාව දැනගත්තෙ අද

    ReplyDelete
  6. මාත් කවිය නම් අහල තිබුන... කතාව දැන ගත්තේ අදයි.....

    ReplyDelete
  7. පැදුර පැගුනා විතරක් නම් ඉතින් මොකෝ.. ඒකත් හෝදල අවුවට දාල ගන්න බැරියැ..

    ReplyDelete
    Replies
    1. පෑගිලා අරව මේවා හැලිලලුනේ!!

      Delete
  8. මටත් කාගෙ හරි පැදුරක් පාගන්න හිතුනා බං මේක කියවලා...

    ReplyDelete
    Replies
    1. හෑ... (ඇස් දෙක පිහදලත් බැලුවා..)

      සිකේ නලින් අයියේ හිතුන පලියට කියන්න ඔනෙ දේවල්ද මේ..

      Delete
  9. බණ්ඩා බොහොම ලස්සනට ලියලා...අවංකෙන්ම රහයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..

      කොහොම හරි එන්න තමයි උත්සාහය.. කොහොම හරි එනවා!!

      Delete
  10. නියමයි නෙහ් :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්....

      ස්තුතියි..

      Delete
  11. ෂහ්....නියමයි බංඩෝ..!
    ඕවට තමා ගෑනුමායං කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ... පිරිමි අහුවෙන ගෑනු මායම්..

      Delete
  12. හි හි වෙලාවට කවිය මතක් උනේ නැත්නම් පුන්චාගේ බෙල්ල පාගනවා මැණිකෙගේ හාමිනේ :)

    ReplyDelete
    Replies
    1. මැණිකගෙ හාමිනේ.....
      හෑ... ටපලගෙනද???

      Delete
  13. ගෑනුන් ඕමය....
    ඒ විට පිරිමිත් ගොන් මය..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්....
      දැන දැනම අපිත් වැටෙනවනෙ ඔය වලේ..

      Delete
  14. හරිම රසවත්. ගොඩක් ආසාවෙන් කියෙවුව. මමත් අහල තිබුනේ කවිය තමයි. දිගටම ලියමු ජය වේවා යාලු.!!!!

    ReplyDelete
  15. මාරයි ඈ! හරිම ලස්සනට ගලපලා තියනවා!!!

    ReplyDelete
  16. "ආපු කීප දොහේම වගේ පුංචට මැණිකගේ පැදුරත් පෑගුනා" මෙ පද පෙළ තම ලස්සනම

    ReplyDelete
  17. උඹ මතකෙන් ලිව්වත් ජනකතාව ලස්සනට ලියලා තියෙනවා. බාවිතා කරල තියෙන සිංහල මාර ලස්සනයි. ආයෙ ලියපන් වෙලාවක් ආවාම

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.