ගෙපැලේ මිත්තරයෝ

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය..

              වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය. කියලා නැකත් ලියවිලා තිබුනට අපි කරන්නෙම ඔකෙ අනිත් පැත්තනේ. පටන් ගන්නේ ආහාර අනුභවයෙන්.

සේරටම කලින්

ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද 
බ්ලොග් ලියන හැමෝටමත්, කියවන හැමෝටමත්,
 බුකියේ, ටුවිටරේ, මැසෙන්ජරේ, ගූගලේ, මෙකී නොකී හැම තැනින්ම ජාල ගතවෙන සියලු දෙනාටමත්, 
ලංකාවාසී , ලෝක වාසී හැමෝටමත්,
ඔබටත්, මටත් 
කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක්  වේවා!!!

පුංචි කාලේ වැඩ අල්ලන නැකතට කිරි බත් කටක් කාලා දුවලා ගිහිල්ලා පොතක් බලනවා. ඒකත් අම්මගේ බල කිරීමට .පොතේ අකුරු දෙකක් උඩින් පල්ලෙන් කියවලා ආපහු දුවගෙන එනවා කෑම මේසේ ළගට.  ටිකක් තේරෙන වයසෙදිත් එහෙමයි. දැන් ඉතින් වැඩ අල්ලනවයි කියලා අමුතු දෙයක් කරන්නෙ නෑනේ.
මට හිතුනා මේ අවුරුද්දේ බ්ලොග් පෝස්ට එකක් ලියලා වැඩ අල්ලන්න.  
        අපේ තාත්තනං ඒ දවස් වල ලිදත් එක්ක ගනු දෙනු කරා. හාල් තුන පහ දාපු පොඩි පොට්ටනියක් ලිදට දාලා. අලුත් අවුරුද්දට ගන්න පළවෙනි වතුර ටික බෝතලයක දාලා අරන් තියනවා. ඒ වතුර එක ඊළග අවුරුද්ද වෙනකම්ම තියෙනවා. දැන් එහෙම දේවල් නෑ. දැන් ලිදත් එක්ක ගනු දෙනු බෑනේ. ඒක වහලා ලොකු කොන්ක්‍රීට් එකක් උඩින් දාලා. මෝටරේ ගහන්න තමයි තියෙන්නේ. අපි පුංචි දවස් වල අලුත් අවුරුද්ද එනවා කියලා තිබුන සන්තෝෂය දැන් නෑ. සමහර විට දැන් අපිට අවුරුද්ද බරක් වෙන නිසාද දන්නෙත් නෑ. තෑගි ගන්න, ඇදුම් ගන්න. වියදම් ගොඩයි. අහන අහන ගොඩක් අය කියන්නේ අපි චාරිත්‍ර කරා විතරයි කෑම මුකුත් විශේෂයෙන් හැදුවේ නෑ කියලා. පුංචි දවස් වල කෑම පිගන් අරන් ගෙවල් වලට යන්න හරිම ආසයි. ඒත් අද ඒක වදයක් වෙලා. එක ගේකින් ගේන කෑම පිගාන තව ගේකට යවනවා. පිගන් මාරු වෙනවා. අපේ කෑම එකම ආපහු අපිටම එනවා. කාටවත් ඒකෙ ගානකුත් නෑ. හැමෝම කරන්නේ එකම දේනෙ. අවුරුද්ද කියන්නේ තවත් සාමාන්‍ය දවසක් විතරක් වෙලා. අපේ පරණ චාරත්‍ර වාරත්‍ර රූපවාහිනියට විතරක් සීමා වෙලා.  
තවත් කාලයක් යනකොට මෙහෙමවත් නැතිවේවි. 

ඔය අනම් මනම් හිතලා අවුරුද්ද පටන් ගන්නකොට මූඩ් ගහන්නෙ නැතුව මම වගේ කාලා බීලා සන්තොසෙන් ඉන්න..

ආපහු පාරක් 
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 

15 comments:

  1. වැඩ ඇල්ලීමනම් නියමයි ඈ...

    ඔබටත් පවුලේ සැමටත් උදා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  2. ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  3. ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
  4. අලුත් අවුරුද්දට වැඩ අල්ලපු හැටි නම් නියමයි.:)
    ඔයාට සහ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
  5. සියලු පැතුම් ඉටුවෙන, ප්‍රීතිමත්, සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  6. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    suba nawa wasarak wewa bando....

    ReplyDelete
  7. බණ්ඩාටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා! :)

    ReplyDelete
  8. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. සුබ අලුත් අවුරුද්දක් වේවා මාත් මේ හිතන් ඉන්නේ වැඩ ඇල්ලීමේ නැකතට ලිපියක් දාන්න!

    ReplyDelete
  10. සුභම සුභ නව වසරක් වේවා බණ්ඩෝ..

    ReplyDelete
  11. සුබ නව වසරක් වේවා බන්ඩෝ .

    ReplyDelete
  12. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!....
    කෝ යකෝ උතුවන්කන්දේ ගියපු එක......

    ReplyDelete
  13. බණ්ඩාට මොකද උනේ

    ReplyDelete
  14. ඈ........ බං ඩෝ........................... මොකද යකෝ ලියන්නේ නැත්තේ ඩෝ...........................

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.