මිනසාගේ පැරනිම මිතුරා බල්ලාය. නමුත් ඉද හිට
බල්ලෝ බලු වැඩ කරති. පැරනි මිතුරාට ද්‍රෝහී කම් කරති. මිනිසාව සපා කති. ලොකු බල්ලන්
නම් කමක් නැත, පොඩි උන්ද එසේමය.
එදා..
අපේ ගෙදරට කොහේදෝ සිට බලු පැටියෙක් ආවේය.
නන්නාඳුනන එකෙකි. පෙනුමෙන් හුරතල්ය. කඩාගෙන බිදගෙන දුවගෙන ආ බලු පැටියා කෙලින්ම
නැවතුනේ පුටුවක් යටය. ලොකු අක්කාගේ සුරතල් දූ සිගිත්ත බලු පැටියා අල්ලන්නට
හැදුවේය. කෙලි පොඩ්ඩ බල්ලා අල්ලන්නට පෙර මාමා වන මා විසින් බල්ලා අල්ලා එලියට
දැමීම සදහා පුටුව යටට අත දැම්මේය
හව්......
වම් අතේ මහපට ඇගිල්ල වටා අල්ල පෙදෙසට බර වන්නට
දත් සතරක් වැදී තිබුනේය. එක් දත් පාරක් තරමක් ගැඹුරට වැදී තිබුනේ එයින් නොනවත්වාම
ලේ ගලා යන්නට වූයේය. සබන් ගා සෝදත්දීත් නොනවත්වා ලේ ගලා යන්නට වූ අතර ලේ ගලා යාම
නැවතුනේ විනාඩි 5 කට පමණ පසුවය.
"හෙටම ගිහින් බෙහෙත් විද ගන්න නැත්තං ඔයාට
ජලභීතිකාව හැදෙයි." අක්කලා දෙන්නා උපදෙස්
දුන්නේය.
"දැම්මම ඉස්පිරිතාලේ ගියොත් හොද නැද්ද" අම්මා කළබලවී ඇසුවාය
බලු පැටියාට කොසු පහරක් දී වත්ත සතර මායිමෙන් එහාටම එළවා දැමූ තාත්තා, ගෙට ගොඩවූයේ "හෙට උදේම ඉස්පිරිතාලේ යං " යැයි විධානයක ස්වරූපයෙන් පවසමිනි.
හෙට වැඩය. වැඩට යා යුතුමය.
"හෙට වැඩට ගිහින් දවල් වෙලා කොහෙන් හරි බෙහෙත් විද ගන්නම් " මම අවසාන තීරණය දුන්නෙමි. ඒ තීරණයට විරුද්ධව අතුරු යෝජනා විශාල ප්‍රමාණයක් ආවත් මාගේ තීරණයේම රැදී සිටින්නට මා සමත් වුනෙමි.
"හෙට වැඩට ගිහින් දවල් වෙලා කොහෙන් හරි බෙහෙත් විද ගන්නම් " මම අවසාන තීරණය දුන්නෙමි. ඒ තීරණයට විරුද්ධව අතුරු යෝජනා විශාල ප්‍රමාණයක් ආවත් මාගේ තීරණයේම රැදී සිටින්නට මා සමත් වුනෙමි.
දෙවෙනි දා
වැඩ වැඩ වැඩ... අම්මා වරින් වර කතා කරමින් බෙහෙත් විදින්න ගියාදැයි ඇසුවේය
"තාම නෑ , තව ටිකකින් යනවා"
දවස ගෙවී ගියේය බෙහෙත් විද්දේ නැත.
තෙවෙනි දා
දහසකුත් බැනුම් මැද වැඩට ගියේ අදනම් කොහොම හරි බෙහෙත් විදගන්නවා යැයි සිතමිනි. දහවලේ මිතුරකුගේ බයිසිකලයක් ඉල්ලා ගෙන බොරැල්ලේ ඇති වෛද්‍ය පර්යේෂණායතනයට ( MRI ) ගියෙමි
"ඩොක්ට නෑ ලන්ච් වලට ගිහින් එන්නෙ එකහමාරට" ආරක්ෂක නිලධාරියා පවසා සිටියේය. "වාඩි වෙලා ඉන්න.."
එකහමාර වීමට මිනිත්තු 45 පමණ ඇත. දහවල් ආහාර වෙලාව නිසාදෝ බොහෝ දෙනෙක් නිදහසේ එහේ මෙහේ ගියේය. මමද ඔහේ බලා සිටියෙමි.
දැන් කාලේ ට්‍රෙන්ඩ් එක දනිස්ස ගාවට දිග සායවල් අදින එක වෙන්නැති.
එකයි තිස් පහට පමණ සුන්දර තරුණියක් ආවේය. "ඔය බල්ලා කාපු එක්කෙනා ඇතුලට යන්න." ආරක්ෂක නිලධාරියා පැවසුවේය.
"මොකද උනේ."
රූමත් වෛද්‍යවරියකගෙන් ප්‍රතිකාර ගැනීමට ලැබීමත් එක්තරා පිනක්ය. මම ඇය දෙස බලාගෙනම සිදුවීම විස්තර කලෙමි.
රූමත් වෛද්‍යවරියකගෙන් ප්‍රතිකාර ගැනීමට ලැබීමත් එක්තරා පිනක්ය. මම ඇය දෙස බලාගෙනම සිදුවීම විස්තර කලෙමි.
"බෙහෙත් විදින්න වෙයි. මම ලියුමක් දෙන්නම්. කලුබොවිල හරි කොළඹ හරි ගිහින් බෙහෙත් විද ගන්න."
රුව තරම්ම ගුණවත් වූ ඇය කාරුණිකව පවසා සිටියාය.
රුව තරම්ම ගුණවත් වූ ඇය කාරුණිකව පවසා සිටියාය.
නැවතත් රැකියාව කරන ස්ථානයට ගොස් එහි සිටින්නවුන්ට විස්තරය පවසා කලුබෝවිල රෝහලට ගියෙමි. ඒ වන විට සවස හතරට ආසන්නව තිබුනේය.
"අපි හතරට මේ යුනිට් එක වහනවා. ඒ නිසා දැන් මෙතනින් බෙහෙත් ගහන්න බෑ. ඔයාට ඇඩ්මිට් වෙන්න වෙනවා. එතකොට වෝඩ් එකෙන් ඉන්ජෙක්ෂන් ගහවි." ජලභීතිකා අංශය භාරව සිටි වෛද්‍යවරිය පවසා සිටියාය.
"ඇඩ්මිට් නොවී හෙට උදේම ආවොත් බැරිද ඩොක්ට "
"කවදද බල්ල කෑවේ."
"පෙරේදා රෑ "
"පෙරේදා... බෑ බෑ දැන්මම ඇඩ්මිට් වෙන්න." ඇය නියෝග කලාය..
සියලුම ලියකියවිලි වැඩ අවසන් කරගෙන වාට්ටුවට ගියෙමි. රෝගීන්ගේ ප්‍රමාණයට වාට්ටුව පොඩි වැඩිය. බොහෝ දෙනෙක් පුටුවලට වී සිටියේය. පෙනුමෙන් ලෙඩක් නොමැති නිසා මා සිටියේ සිටගෙනය.
හෙදියන් හා වෛද්‍යවරු කාර්යයබහුලය. වාට්ටුවට ඔරොත්තු නෙදෙන තරම් ප්‍රමාණයක් රෝගීන් සිටියි.
"ඉන්ජෙක්ෂන් ගෙනල්ලා ටෙස්ට් කරලා සේරම කරන්න ටිකක් වෙලා යයි. අනිවාර්යෙන්ම අද නවතින්න වෙනවා." මා පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයා පවසා සිටියේය.
"ඩොක්ට මට අද ගිහින් හෙට උදේ ඇවිත් බෙහෙත් විද ගන්න බැරිද."
"අදම පුලුවන් නම් හොදයි. කමක් නෑ හෙට හරි විදගන්න. කොහොම හරි විදගන්න. ඔයා අනිවාර්යෙන්ම මේ ඉන්ජෙක්ෂන් එක විද ගන්නම ඕනෙ." වෛද්‍යවරයා අවධාරනයෙන් පැවසුවේය.
"හොදයි ඩොක්ට මම අනිවාර්යෙන්ම හෙට එන්නම් "
"එහෙනම් කැමැත්තෙන් යනවා කියලා ලියලා යන්න."
ආදාල ලියකියවිලි සම්පූර්ණ කල මම නැවතත් රැකියා ස්ථානය වෙත ගියෙමි.
"අද බෙහෙත් විදගන්න බැරි උනා. හෙට තමයි විදගන්න වෙන්නේ. මම හෙට නිවාඩුවක් දානවා."
පාන්දර 8 පමණ අවදිවී රෝහලට යාමට සූදානම් වුනෙමි. කලුබෝවිල නෙවේ. හෝමාගම මූලික රෝහලටය.
"මේ ඉන්ජෙක්ෂන් එක සමහර විට ඇලජික් වෙන්න පුලුවන් ඒ නිසා අපි මුලින්ම ටෙස්ට් කරන්න චුට්ටක් ගහලා බලමු. "
හෙදියක් පැමින එන්නක අසාත්මික වනවාදැයි බැලීම සදහා එන්නත් දෙකක් මැනික් කටුවට පහලින් විද්දේය.
"පැය බාගයක් විතර ඉදලා බලමු."
මාව රෝහල් ඇදක හන්සි වීමට සැලැස්වූ ඇය එන්නත් සූදානම් කරන්නට වූවාය.
"බල්ලෝ කෑවම බුරිය වටේට ඉන්ජෙක්ෂන් 21 ගහනවා." මා අසා තිබුනේ එසේයි.
"මිස් ඉන්ජෙක්ෂන් කීයක් ගහනවද.??"
"ඩොක්ට ඔයාට ඉන්ජෙක්ෂන් 15 ලියලා තියෙනවා. තුවාලේ වටේට ගහන්න. " මට හීන් දාඩිය දැම්මේය. "තව ටෙටනස් වලට එකයි. ඇලජික් උනොත් කියලා කෝකටත් කැනියුලා එකකුත් දාන්න වෙනවා "
බොරැල්ලේ ඇති වෛද්‍ය පර්යේෂණායතනය ( MRI ) , කළුබෝවිල ශික්ෂණ රෝහල හා හෝමාගම මූලික රෝහලේ දී මට මුණ ගැසුනු සියළුම වෛද්‍යවරුන් , හෙදියන් හා අනෙකුත් සියලුම සේවකයන් ඉතාමත් සුහදශීලි ප්‍රියමනාප පුද්ගලයන් වූ අතර ඔවුන් සියලු දෙනාම පාහේ තමන්ගේ කාර්යය හොදින් නිවැරදිව සිදු කිරීමට මහන්සි ගත් බව කිව යුතුමය. කලුබෝවිල රෝහලේ ප්‍රමාදයන් සිදුවන්නේ කාර්යය මණ්ඩලයේ වරදක් නිසා නොව සම්පත් හිග කම නිසා බව මාගේ හැගීමයි. වාට්ටුවකට ඔරොත්තු නොදෙන තරම් රෝගීන් පිරිසක් රැදී සිටීම නිසාවෙන් අතිශය කාර්යය බහුල තැනක් වන එහිදී සිදුවිය හැකි යම් යම් අඩු පාඩු තත්වයන් උපේක්ෂාවෙන් විදදරා ගැනීම මිනිසුන් වන අපගේ යුතුකමක් ලෙස මම විශ්වාස කරමි.
සියලුම ලියකියවිලි වැඩ අවසන් කරගෙන වාට්ටුවට ගියෙමි. රෝගීන්ගේ ප්‍රමාණයට වාට්ටුව පොඩි වැඩිය. බොහෝ දෙනෙක් පුටුවලට වී සිටියේය. පෙනුමෙන් ලෙඩක් නොමැති නිසා මා සිටියේ සිටගෙනය.
හෙදියන් හා වෛද්‍යවරු කාර්යයබහුලය. වාට්ටුවට ඔරොත්තු නෙදෙන තරම් ප්‍රමාණයක් රෝගීන් සිටියි.
"ඉන්ජෙක්ෂන් ගෙනල්ලා ටෙස්ට් කරලා සේරම කරන්න ටිකක් වෙලා යයි. අනිවාර්යෙන්ම අද නවතින්න වෙනවා." මා පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයා පවසා සිටියේය.
"ඩොක්ට මට අද ගිහින් හෙට උදේ ඇවිත් බෙහෙත් විද ගන්න බැරිද."
"අදම පුලුවන් නම් හොදයි. කමක් නෑ හෙට හරි විදගන්න. කොහොම හරි විදගන්න. ඔයා අනිවාර්යෙන්ම මේ ඉන්ජෙක්ෂන් එක විද ගන්නම ඕනෙ." වෛද්‍යවරයා අවධාරනයෙන් පැවසුවේය.
"හොදයි ඩොක්ට මම අනිවාර්යෙන්ම හෙට එන්නම් "
"එහෙනම් කැමැත්තෙන් යනවා කියලා ලියලා යන්න."
ආදාල ලියකියවිලි සම්පූර්ණ කල මම නැවතත් රැකියා ස්ථානය වෙත ගියෙමි.
"අද බෙහෙත් විදගන්න බැරි උනා. හෙට තමයි විදගන්න වෙන්නේ. මම හෙට නිවාඩුවක් දානවා."
සිව්වන දා
පාන්දර 8 පමණ අවදිවී රෝහලට යාමට සූදානම් වුනෙමි. කලුබෝවිල නෙවේ. හෝමාගම මූලික රෝහලටය.
OPD එකෙන් තුන්ඩුවක් ගෙන අදාල අංශය භාර වෙද්‍යෙවරයා වෙත ගියෙමි. MRI එකේ ලස්සන දොස්තර නෝනා දුන් ලිපිය එහි සිටි වෛද්‍යවරයාට පෙන්වූවෙමි. ඔහු කඩිනමින් ලියකියවිලි පිරවීම් කටයුතු සිදුකර මූලික ප්‍රතිකාර ඒකකය වෙත යෙමු කලේය. රජයේ රෝහලකදී බලාපොරොත්තු නොවිය හැකි තරම් වේගයෙන් රෝහල් කාර්යය මණ්ඩලය ක්‍රියා කලේය. විවධාකාර කොල බොහෝ ගනනක් පිරවීම සදහා එහේ මෙහේ යාමට වුවත්. ඒ කිසිම අවස්ථාවකදී අනවශ්‍ය ප්‍රමාධයන් සිදුවූයේ නැත.
"මේ ඉන්ජෙක්ෂන් එක සමහර විට ඇලජික් වෙන්න පුලුවන් ඒ නිසා අපි මුලින්ම ටෙස්ට් කරන්න චුට්ටක් ගහලා බලමු. "
හෙදියක් පැමින එන්නක අසාත්මික වනවාදැයි බැලීම සදහා එන්නත් දෙකක් මැනික් කටුවට පහලින් විද්දේය.
"පැය බාගයක් විතර ඉදලා බලමු."
මම පුටුවක වාඩි වී මිනිත්තු ගනන් කරන්නට වීමි. පැය භාගයකට පමණ පසු මා පරීක්ෂා කර බැලූ "වෛද්‍යවරිය ප්‍රශ්නයක් නෑ මෙයාව ඉන්ජෙක් කරන්න පුලුවන් යැයි පැවසුවේය" . අනතුරුව මොනවාදෝ කොලයක ලියූ ඇය එය හෙදියක් අතට දුන්නාය.
"බල්ලෝ කෑවම බුරිය වටේට ඉන්ජෙක්ෂන් 21 ගහනවා." මා අසා තිබුනේ එසේයි.
"මිස් ඉන්ජෙක්ෂන් කීයක් ගහනවද.??"
මම ගනන් හැදුවෙමි. සේරම 19 ක්.
හෙදිය සියල්ල සූදානම් කල පසු වෛද්‍යවරියක් පැමින එන්නත් ගැසීමට වූවාය. තුවාලය වටේට 11 ද අත් දෙකට හා කකුල් දෙකට 4ක්ද බැගින් ගැසූ ඇය පැය දෙකක් විතර ඉදලා බලමු යැයි පැවසුවාය. රෝහලේ ඇදක පැය කිහිපයක් සැපට නිදා ගත් මම ඇදුම් කන කකුල් ඉදිමුනු අතක් සමග සවස් වී ගෙදරට ගියෙමි.
හෑ.........................අපේ දුවයි බෑණයි වැඩ කරන්නෙත් හෝමාගම රෝහලේ. පලයන්කෝ ආයේ සැරයක්. මම කියනවා කට වටේටත් ඉන්ජෙක්ෂන් ගහන්න කියලා.
ReplyDeleteඉතිං බල්ලා 'හව්' කිව්වේ කොහොමද කියලා අහන්න නෙවෙයිද?
.අපේ දුවයි බෑණයි වැඩ කරන්නෙත් හෝමාගම රෝහලේ.
Deleteහැබැයි මෝචරියේ ............මාරයි.......නේ
ආපහු බල්ලෙක් කෑවොත් ඉස්පිරිතාලේ යන්න කලින් පනිවිඩයක් එවන්නම් මාමට , බෑනට කියන්න කියලා....
Deleteඉන්ජෙක්ෂන් ගහද්දී කෑ නොගහ හිටියෙත් කට වටේට ගහයි කියලා බයේ තමයි...
ඔය එක දත් පාරකට 19 බං.. දත් 4ක් වැදිල නං 19 × 4 = 76 යි ..හැක්
ReplyDeleteඋසයි , බරයි තව මොන මොනවදයි බලල තමයි ඉන්ජෙක්ෂන් කීයද කියලා තීරණය කරන්නේ..
Delete76 ක් ... පෙනේරයක් වගේ තියෙයි....
බල්ලට මොකද දන්නේ නැහැ නෙහ් ?
ReplyDeleteඌ සෙත්ත ලු... හැක්
Deleteබල්ලාව සොයා ගැනීමට නැත...
Deleteඅපේ ලොකු අම්මා කියනවා ඌ පිල්ලියක්ලු...
MRI එක ගැන දනිමි. යම් හේතුවකට මම එහේ නොලැග්ග එක විතරය. උන්නේ සිරාම ඩයල් ටිකක්ය. අවුලනට හිටියේ ඉස්සරහ ගේට්ටුව ළග උන් සික්කා අංකල් විතරය. උන්දෑද පසුව සැන්ටිමැන්ටල් වූවාට පසු සිරා පොරක් විය.
ReplyDeleteඅනික් මං දන්න හොදම ඉස්පිරිතාල දෙක තමා වැලිසර ළය රෝහලයි මහරගම පිළිකා රෝහලයි.. සිරාවටම දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න පට්ට ම්නිස්සු ඉන්නෙ ඇත්තටම මාර හොදයි
බල්ල මැරුණ නං තමා ලොඩේ හැක්
මම අහලා තිබුනේ රජයේ රෝහල් වල කාර්යක්ෂමතාවය බිංදුවයි කියලා. ඒ උනාට මට නම් එහෙම තේරුනේ නෑ.. එක්කෙනෙක් දෙන්නෙක් කරන නරක වැඩ නිසා බහුතරයකගේ හොද වැහිලා යනවා.....
Deleteමම හිතුවේ දැන් ඔය හැටි ඉන්ජෙක්ෂන් ගහන්නෙ නෑ කියලයි. මට මේ ලඟදි කවුද එහෙම කිව්ව
ReplyDeleteඒක නෙවෙයි බණ්ඩො. දැං බල්ලට කොහොමද? ඌට අජීරණේද?
මටත් එක එක අය එක එක කතා කිව්වා. බෙහෙත් විදින්න එපා කියලත් කිව්වා. ඉන්ජෙක්ෂන් ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහර අයට එක ඉන්ජෙක්ෂන් එකක් ගහන වෙලාවලුත් තියෙනවාලු . මම පුද්ගලික රෝහල් වලිනුත් අහලා බැලුවා. ඒවාගේත් කරන්නේ මේ ප්‍රතිකාර ක්‍රමයම තමයි. එක ඉන්ජෙක්ෂන් එකකට රුපියල් 6000 ක් විතර යනවා කිව්වා.
Deleteබලු පැටියට වෙච්චි දෙයක් නෑ.. අපේ ලොකු අම්මා කියනවා ඒ බලු පැටියා පිල්ලියක්ලු කවුරු හරි මතුරලා එවලලු මාව කන්නම. ඒකලු දැන් හොයා ගන්නවත් නැත්තේ.
බුදු අම්මෝ........ එච්චර බෙහෙත් විදිනවද? අයෙනං බල්ලේ ළගටවත් යන්නෙ නෑ.............
ReplyDeleteවිද්ද නේන්නං.... මටත් දැන් බල්ලෝ පේනකොට නිකං කහනව කහනවා වගේ.....
Deletemenn mage comment Delete karala......mewa Balu wada.......ane huke nanannane...ithuru tika dannawane....
ReplyDeleteබණ්ඩේ.............. මං නං පූසෝ බල්ලෝ දැක්කා ම ටිකක් අෑතින් තමා යන්නේ.... යකෝ කෑවොත් අැගේ හැම කෑල්ලක් වටේට ම ඔ්වා ගහනවානේ.. අම්මෝ
ReplyDeleteබන්ඩො, මාවත් කෑවනෙ ඔය බලු තඩියෙක්.
ReplyDeleteඒ කතාව මෙහෙමයි.
ඔන්න මම පාරෙ ඇවිදගෙන යනව. කෑම එකක් ගන්න. ඔය අතරෙ පාරෙ බුදියගෙන ඉන්න බල්ලෙක්ගෙ කකුල පෑගිල මූ මාව කනව. එක දතක් සැරට වැදිල මං හොස්ටල් එකට එනව. ෂේප් එකේ ඉන්න හැදුවට වැඩේ හරියන්නෙ නෑ. කකුල හෝදනකොට කොල්ලො දකිනව. ඊට පස්සෙ බලෙන්ම කැම්පස් එකේ ඇම්බියුලන්ස් එක ගෙන්නලා මාව අරන් යන්නෙ කලුබෝවිල ඉස්පිරිතාලෙට. දැන් හරිනෙ. ඕන ඔක්කොම ෆෝම් පුරවලා බෙහෙත් විදින තැනට එක්කං යනව.ටෙස්ට් කරනව. වැඩේ හරි. දැන් ඇඳේ නිදිකරවලා බෙහෙත් විදිනව.ඩොක්ටත් ගෑනු කෙනෙක්.ඒ මදිවට නස්ලත් ඉන්නව. මගේ අතට තුවායක් ගෙනත් දීල කියපි මේක ඇඳගෙන ඔය කලිසම පාත් කරන්න කියල. මම දැන් හෙන ලැජ්ජාවෙන් ඇඹරෙනව. ලැජ්ජ නැතුව ඉක්මන් කරනව ලමයො.ඩොක්ටර් කියනව. මම ලැජ්ජාවෙන් ඇඹරිලා කලිසමත් පාත් කරල ඇඳට නැගල නිදියනව. කලවා දෙකට බෙහෙත් ගානක් විදල යටි පතුලටත් බෙහෙත් විදල කකුල ප්ලාස්ටර් කරල පැය දෙකක් තියාගෙන එවන්නෙ තවත් දවස් තුනකට බෙහෙතුත් ලියල මදිවට වොරන්ටි කාර්ඩ් එකකුත් දීල. පොඩි කාලෙකට නෙවෙයි. අව්රුදු පහකට. ආයෙත් ආව කියමුකො. තව පැයක් විතර යනකොට හොඳ ගනන්. අර කටු ගහපුව රිදෙනව ඉන්න බෑ.තව හවස් වෙන්න වෙන්න කකුල හොලවන්නවත් බෑ. ඇඳෙන් බහින්නවත් බෑ. එදා රූමන්ට පින් සිද්දවෙන්න කාල බීල හිටිය. දවස් ගානකින් ආයෙත් බෙහෙත් විදගෙන කිසි ගානක් නැතුව ආවට මුල් සැරේනම් දවස් දෙකක් ඇඳේ ඉන්න උනා.
ඔන්න ඔහොමයි මගෙ බලු කතාව.
This comment has been removed by a blog administrator.
ReplyDeletemenna apahu delete karala.......
Deleteමිනිහෙක් බල්ලෙක්ගේ හැපුවොත් එහෙම ඉන්ජෙක්ෂන් ගහලවත් බල්ලා බේරගන්න බැරිවෙයි....
ReplyDeleteඒකනම් ඇත්ත.
Deletemenna Balla marila kiyala aranchiya aaaawa.........reason eka kiyanna baha
ReplyDeletereason eka kiuwwa gaman comment eka delete karanawane...ekane
Deleteමේ වගේ වෙලාවක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි බල්ල ගැන සැලකිලිමත් වීම. පොඩි එකෙක් නං කූඩු කරල හරි තියාගන්න බැරියැ. දවසකින් හමාරකින් බල්ල මැරුනොත් බඩු බනිස් තමයි. මම දැකල තියනව පිස්සු බල්ලො කාල මැරෙන්න ආසන්නවුන මිනිහෙක්. අයියෝ කියල වැඩක් නෑ. මම එවලේම කිව්ව මට ඒ වගේ දෙයක් වුනොත් ඉක්මනට එලොව යන්න සලස්වන්න කියල.
ReplyDelete