ගෙපැලේ මිත්තරයෝ

බලනගල කන්ද පා ගමන.


     පා ගමන් යෑම අපට අලුත් දෙයක් නොවේ. බාල දක්ෂ වලට පින්සිදු වන්නට විවිධාකාරයේ පාගමන් යෑමට අපට අවස්ථාව උදා වී තිබේ.  මුල් කාලයේ පාගමන් ගියේ බාල දක්ෂ පදක්කම් ඉලක්ක කරගෙනය.  ටික ටික  පාගමන් යෑමේ උණක් සෑදීමට ඒ මුල් කාලයේ ගිය පාගමන් හේතු වන්නට ඇත. කැලෑ අස්සේ රිංගීමටත් කදු නැගීමටත් ලැබෙන අවස්ථාවක් අපි ලෙහෙසියෙන් අතහැරියේ නැත. නමුත් රැකියාව නිසා කාර්යය බහුල වීමත් නිවාඩු දින දෙක තුනක් කොහේ හෝ ඈතක යැම ගැන පෙම්වතියන් අමනාප වීමත් ආදී විවිධාකාර වූ හේතූන් නිසාත් පසු කලක පා ගමන් යාම නැත්තටම නැතිවී ගියේය.  පසු කාලයේ මිතුරු හමු සිදු වූයේ බෝතලයක් මුල් කරගෙන වීමත් පා ගමන් නැතිවීමට හේතුවක් වන්නට ඇත.
    ඒ නැතිවී තිබූ උණ බණ්ඩාට නැවත සැදුනේය. එයට එක් හේතුවක් වූයේ චින්තකයාය. චින්තකයා අපට වඩා කනිශ්ඨ බාලදක්ෂයෙකි. තවමත් බාලදක්ෂ ව්‍යාපාරය කරනනෙකි. නිවසේදී පාගමන් ගැන කියවද්දී ඒවායේ ජායාරූප පෙන්වද්දී. අපිත් එකක් යමු බන් යන්න මා නිතර පැවසු වදනක්ය. දෙවන හේතුව අසුරයාය. අසුරයා යනු අපට වඩා බාල චින්තකයාට වඩා වැඩිමල් වූ බාලදක්ෂයෙක්ය.  ඔහුගේ
 චාරිකා සටහන් කියවීම. පා ගමන් උණ දෙගුණ තෙගුණ  වීමට බරපතල ලෙස  උපකාර වූයේය.
    අවසානයේ කළකට පසු උණ හොද කරගැනීමට අවස්ථාවක් උදා වූයේය. මුලදී පස් දෙනෙක් සිටියත් යන දිනය වන විට එය සතරකට බැස්සේය. සුපුරුදු පරිදි පෙර සුදානම අවන්තගේ නිවසේදීය.  යන්නේ එතරම් දුරකට නොවේ. අවිස්සාවේල්ලටය. 

  අවිස්සාවේල්ලේ සිට නුවර පාරේ කිලෝමීටර් දෙකක් පමණ යන විට හමුවන තුන්මන් සංදියෙන් දකුණට හැරී පනාවල-මානියංගම මාර්ගයේ තවත් කිලෝමීටර් දෙකක් පමණ ගියවිට කදු පාමුලට යා හැක්කේය. උදෑසන 9 පමණ වන විට අපි කදු පාමුලට ලගාවුනෙමු. ගමනේ මුල් අදියර ගම්මානයක් මැදින්ය. 
  
කුඩා දියපහරක් අබියස උදෑසන ආහාර ගත්තෙමු. ඉහලට යත්ම මිනිස් වාසය අඩුවී වනගත බව වැඩි වන්නට වූයේය. පැය තුනක පමන ගමනකින් පසු අපි එක් කදු මුදුනකට පැමිණයෙමු.  අප තරණය කරන්නේ කුඩා කදු වැටියකි. එහි මුදුන් තුනක් තිබේ. අප පැමිණ සිටින්නේ එහි උසම කදු මුදුනටය.

 අවට දර්ශණය අතිශයින් සුන්දරය. අවිස්සාවේල්ල නගරයද. අවිස්සාවේල්ලේ කර්මාන්ත පුරයද ඈතින් දිස්වේ. කදු පාමුල අප පසු කරමින් ආ නිවාස ආදියද කුඩාවට පෙනේ. පැයක පමණ කාලයක් කදු මුදුනේ විඩා නිවූ අපි  පල්ලම් බසින්නට වූයේ ඊළග කදු මුදුනට යාම සදහාය. 

 එහිදී අපට මුහුණ දුන් ගැටලුවක් වූයේ යන දිශාව තීරණය කර ගැනීමයි. කන්ද මුදුනේදී යා යුතු දිශාව හොදින් දර්ශණය වුවත් මදක් පහල බසිද්දී අනික් කදු මුදුන නොපෙනී යාම නිසා  යායුතු මාර්ගය තීරණය කර ගැනීම මදක් අසීරු විය. විශාල ගල් පර්වත පසු කරද්දී රවුම් ගැසීමට වීම නිසාත් නිවැරදි දිශාව අනුමානය කිරීමද අසීරුය. කරන්නට සිදු වූයේ ගසකට නැග බැලීම පමණය. මෙවන් අවස්ථාවල පිහිටට සිටින චින්තා ගසකට නැග දිශාව  සොයා ගත්තේය. ඒ අතරමග හමුවූ තරමක එලිමහන් පෙදෙසකදී දිවා ආහාරය ගත්තෙමු. උදේට මෙන්ම  දවල්ටද  සීනි සම්බෝල සමග පාන්ය. මේ වන විට අපේ ජලයද අවසන් වෙමින් තිබේ. ඉක්මනින් ජලය සොයා ගත යුතුය. එමනිසා  දිවා ආහාරයට වැඩි වේලාවක් ගත නොකර ඉක්මනින් ගමන් කලෙමු.  දෙවන කදු මුදුන ආසන්නයටම පැමිණි අපි අපේ ගමන් මලු එහි තබා ජලය සෙවීම පිණිස විසිර ගියෙමු.  ජලය සොයා  ගත්තේ චින්තාය. 

ඒ සදහා තරමක පල්ලමක් බැසිය යුතුය. දෙවැනි කදු මුදුනට යාම හෙටට කල් දමා අපි දිය පහර අසල කූඩාරම අටවා ගත්තෙමු.

    රෑ කෑම සදහා නූඩ්ල්ස් ද මීට් බෝල්ස් ටින් එකක්ද සකස් කර ගත්තෙමු.  ගිනිමැලයක් ගැසුවෙමු. ආහාර පිසීමට පිරිසිදු වීමට හා වැසිකිලි කැසිකිලි පහසුකම් සදහාද තිබුනේ කුඩා දිය පහර පමණි.   යන්තම් කලුවර වැටීගෙන එනවිට රෑ කෑම ගත් අපි කූඩාරම අසලට ගොස් ගිණිමැලය දල්වා ගත්තෙමු. 
  ඇම්ඩා ගැන, කෙල්ලන් ගැන, ආගිය තොරතුරු කියවමින් බොහෝ රෑ බෝ වන තුරු නිදි වරා සිටි අප නින්දට යන විට  රෑ මැදියමට ආසන්න වන්නට ඇත.
   උදෑසන 6ට පමණ වැස්සක් පටන් ගත්තේය. කූඩාරම යටින් වතුර පාරක් ගලා යන්නටවිය. වැස්ස වැඩි වෙලාවක් පැවතුනේ නැත. නමුත් නැවත නිදා ගත නොහැකි තරමට කූඩාරම තෙමී තිබුනේය. ඒ වනවිට දැඩි මීදුමකින් අවට වැසී තිබුනේය. හිරු උදාවත් සමගම මීදුම අඩුවී ගියේය.  තරමක සීතලක්ද තිබේ. නිවී තිබූ ගිනිමැලය නැවත අවුලුවා ගත්තෙමු.  කූඩාරම ගලවා වේලෙන්නට දැමුවෙමු. ඉක්මනින් උදෑසන ආහාර සකස්කරගෙන ගමන පටන් ගැනීමට සූදානම් වූයෙමු. අපට අවශ්‍ය වූයේ අව් රශ්මිය දැඩි වන්නට පෙර කදු මුදුනට යාමටය. නමුත් අප ලක ලැහැස්ති වන විට අව්ව තදින් පායා තිබුනේය. කෙසේ හෝ දෙවන කදු මුදුනද තරණය කළෙමු.  දැන් අප කදු වැටියේ දෙපස ඇති කදු මුදුන් දෙකම තරණය කර අවසන්ය. ඉතිරිව ඇත්තේ මැද්දෙන් පිහිටි කන්ද නැගීමය. එය තරමක් අසීරු කන්දකි. එම කන්දේ බාගයක් පමණ නගින විට වැස්සක් ඇද හැලුනේය.  වැස්සේම කදු මුදුනට ගියෙමු. ගල් තලාවක් හරහා පනින්නට ගොස්  මාගේ සපත්තුවක් ගල් දෙබොක්කාවකට වැටුනේය. චින්තක කඹයක ආදාරයෙන් පහලට බැස සපත්තුව සොයාගත්තේය.

 ටික වෙලාවකින් වැස්ස තුරල් වූ අතර. අප පහල බැසීමට පටන් ගත්තෙමු. නගිනවාට වඩා බැසීම අසීරු විය. වර්ෂාව නිසා ගල් ලිස්සන සුලු වීමත්, කූඩැල්ලන් බහුල වීමත් නිසා  ආපසු ගමන සිදුවූයේ වඩාත් සෙමින්ය. 

කෙසේ හෝ පැය දෙකක පමණ ඇවෑමෙන් අපි කදු පාමුලට ආවෙමු. සීතාවක ගගින් නෑවෙමු. නෑමෙන් පසු අවිස්සාවේල්ල බස් නැවතුම්පොළ දක්වා පාගමනින් ආවෙමු.  
     මේ කලකට පසු ගිය පළමු පා ගමනයි. මේ පෝසටුව ලියනා විටත්  ඊළග පාගමන පිළිබද පිඹුරු පත් සැකසෙමින් තිබේ. මූලිකම ගැටලුව නිවාඩු දිනයන් සොයා ගැනීමය. නිවාඩුවක් ලැබුනු විගස තවත් කොහේ හෝ යනු ඇත. නකල්ස්, ඇළි හත, නමුනුකුල, කිරිගල්පොත්ත මෙන්ම දැරණියගල හරහා සමනළගිර වන්දනාව වැනි දීර්ඝ ලැයිස්තුවක් දැනටමත් ඇත්තේය. නැත්තේ වෙලාවය.  


29 comments:

  1. එල ගමනක් දිගටම ලියපං ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ආවට..

      ජය වේවා..

      Delete
  2. හෙහ්... චින්තා නිසා හොඳට ගියා නේද? මාත් හරි ආසයි ඇවිදින්න නම්... ඒක් වෙලාව තමා හොයාගන්ට නැත්තේ...

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙමම තමයි බන්..
      කොහොම හරි අමාරුවෙන් වෙලාව හොයා ගන්නවා...

      ජය

      Delete
  3. ගමන නම් සුපිරියි වගේ....

    මමත් ඉස්සර බාලදක්ෂයෙක්... ජම්බෝරි වලටත් සහභාගි වෙලා තියෙනවා... පස්සෙ කාලෙක බෑන්ඩ් ගහන්න සැට් උනාට පස්සෙ බාලදක්ෂ කටයුතු වලින් අයින් උනා... උඹේ බ්ලොගිය සින්ඩි කීපයකට දාපන්... එතකොට බලන්න එන පිරිස වැඩි වෙයි... ජය !

    ReplyDelete
    Replies
    1. වරක් බාලදක්ෂයා සැමදා බාලදක්ෂයෙකි කියල කතාවක් තියෙනවනේ..
      මම නම් ඉස්කොලෙන් අවුට් වෙලත් බාලදක්ෂ කරා..

      සින්ඩි කිහිපයනට දැම්මා.. ස්තුතියි..

      ජය

      Delete
    2. අනිවා 2008 දී ඉස්කෝලෙන් අවුට් වුණත් තාමත් කෑම්ප් එකක් කාරියේ තිබුණොත් යන්නේ එක වරක් බාලදක්ෂයෙක් හැමදාමත් බාලදක්ෂයෙක් වෙන නිසාම තමා...

      …හමුවීම සතුටුයි යාළුවා

      Delete
    3. බොහෙම සතුටක් හමුවීම..

      ජය..

      Delete
  4. ෂාහ්! නියමයි! ඉරිසියාවේ බෑ හැබැයි :)

    ReplyDelete
    Replies
    1. හි හි... ස්තුතියි මේ පැත්තෙ ආවට..

      ජය..

      Delete
  5. මගේ job එකටත් කෙලවෙනවා දවසක hike යන්න ගිහින්‍...,

    ReplyDelete
  6. ආ..මෙන්න බණ්ඩා මාමත් එකක් ගිහින්.
    සුපිරියි හොදේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. අපිත් තුන් හතර පාරක්ම හයික්ස් යන්න ට්‍රයි එකක් දුන්නත් රැකියා සහ අධ්‍යාපන කටයුතුත් එක්ක වෙලාවේ ප්‍රශ්න නම් හැමදාම එනවා. අපෙත් ඉන්නවා ජනාධිපති බාලාදක්ෂයෝ දෙන්නෙක්.. :D

    මේ මාසේ අන්තිමට රිවස්ටන් යන්න හිතාගෙන ඉන්නවා.. මේ වැස්ස නිසා එකත් අවලංගු වෙන පාටක් තමයි තියෙන්නේ..
    අර කුඩැල්ල නම්....... ඊක්කා.... :D
    ජයවේවා!

    ReplyDelete
  8. ට්‍රයිකරලා කරලා.. දවසක යන්න පුලුවන් වෙයි.. බණ්ඩත් ඉතින් ජනාධිපති බාලදක්ෂයෙක් තමා.

    බෙහොම ස්තුතියි මේ පැත්තෙ ආවට..

    ජය වේවා..

    ReplyDelete
  9. බණ්ඩගෙ ගෙපැලට් මම ආපු පළවෙනි දවස. සමහර බ්ලොග් වල කමෙන්ට් දාල තියෙනවා දකිනවා. ඉතින් ප්‍රොෆයිල් එක ඔබලා බලලා ආවා. මම කැමතියි මේ බ්ලොග් එක යන විදියට. අනිත් ඒවත් කියවන්න ඕනෙ.
    ක‍ටුමැටි බිත්තියත් මරු!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොහොම ආදරයෙන් පිලිගන්නවා.. ඒ වගේම බොහොම ස්තුතියි මේ පැත්තතෙ ආවට..

      ජය වේවා..

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මමත් අද අවේ.සුන්දර ගමනක් නේද.ඔබට ජය!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ආවට..

      ජය..

      Delete
  12. අපෙ ටෙන්ට් එකත් අරගෙන අපෙ ගිය පාරෙම ගිහිල්ලා. චින්තකයා අපිව පාවා දීලා. කමක් නෑ මගෙ නම දාලා නම්බුවක් දීලා තියෙන්නෙ. එල එල. මෙහෙම ඒවා පලයං. නැත්නම් ඇගට තියෙන අමාරුව ඉතින් කියන්ට ඕනි නෑනෙ උඹට? :P

    ReplyDelete
    Replies
    1. ඒ ඇගේ අමාරුව නම් ඉතින් මොනවා කියන්නද??
      කාලෙකට පස්සෙ යන පළවෙනි එක දන්න කියන තැනකට යන එක කෝකටත් හොදයිනේ.
      ටෙන්ට් එකයි අනිත් බඩුයි දුන්නට බොහොම ස්තුතියි..

      ජය..

      Delete
  13. ගම අවිස්සාවේල්ල වෙලත් ඔය කන්දට නැගලා නෑනේ බං


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල් කන්දෙවිදානෙ

    ReplyDelete
    Replies
    1. හි හි..
      බොහොම ස්තුතිය මේ පැත්තට ආවට..


      ජය..

      Delete
  14. බණ්ඩා මලේ උඹත් මටම ගැලපෙන එකෙක්. ඇවිද්ද පය දහස් වටී කියනවානේ. මමත් ලංකාව පුරා ඇවිදල දැන් ලෝකේ වටේ යන ගමන් තමා මේ සමකය වටේ ලියන්නේ. හොඳ අඩවියක් දිගටම යං අපි එනවා ඔයත් එක්ක.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. බණ්ඩටත් ඇවිදින්න තියනවනං වෙන මුකුත් ඕනෙ නෑ.. හැබැයි වැඩි කැමැත්ත වාහනේක සිංදු කිය කිය යනවට වඩා මේ වගේ ඇගට දැනෙන ගමන් යන්න තමයි..
      බොහොම ස්තුතියි මේ පැත්තට ආවට..


      ජය..

      Delete
  15. කියෙවුවේ නම් ඊර්ශ්යාවෙන් පෙලෙමිනි.. මමද කලෑ සතෙකි.. එහෙත් නොබැඳි සමුලුව හැරදාගියදා සිට ඒ මතක සටහන්වලට පමණක් සීමාවෙන්නට සිදුවිය.
    අර වැසිකිලි කැසිකිලිවලට දිය පහර යොදාගත්තා නේද? ඔයාලා හිටි තැනට ඉහලින් තව අය එහෙම යොදාගත්තානම් අර වතුරෙන් ඉවූ කෑම බොහොම පොෂ්‍ය ජනක වෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. අපි ගිය දවසේ නම් වෙන කවුරුත් ඒ අවටක සිටියේ නෑ.. අපි සිටියේ කදු මුදුනට කිට්ටුටවන්..වැසිකිලි කැසිකිලි කටයුතු සදහා ජලය ලබා ගත්තේ දිය පහරින්. අපි ෂොපින් බෑග් එකකට වතුර අරගෙන කැලේ හරියට ගිහින් තමයි ඒ වැඩ කටයුතු කර ගත්තේ. මොකද අපි දන්න විදිහට පහල ගම්මාන වල මිනිස්සු ඒ වතුර පාවිච්චියට ගන්නවා..

      බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට..

      ජය

      Delete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.